යුද්ධය අයිති කාට ද?
මැතිවරණ කොමිසමේ සභාපති කියලා යුද්ධය ගැන ජනාධිපතිවරණයේ දී කතා කරන්න එපා කියලා. යුද්ධය අයිති රජයට කියල. මා දන්න තරමින් ඔහු මේ යුද්ධය මොකක් ද කියල හඳුන්වල දීල නැහැ. ඒක රාම රාවණ යුද්ධය ද, නැත්නම් පසු කාලයක වෙච්ච ගැමුණු එළාර යුද්ධය ද. එහෙමත් නැත්නම් ඉංගිරිසින්ගෙ යටත්විජිතයක් හැටියට ලංකාව සහභාගි වුණු බටහිරයන්ගෙ පළමුවැනි හා දෙවැනි ලෝක යුද්ධ ද යන්න පැහැදිලි නැහැ. ප්‍රබුද්ධ සභාපතිතුමා රාම රාවණ යුද්ධය මිථ්‍යාවක් ලෙස ගත්තත් තමා කියන්නෙ අනෙක් යුද්ධවලින් එකක් ගැන ද නැත්නම් වෙනත් ම එකක් ගැන ද කිවුව නම් හොඳයි.