Main Logo

Showing posts with label Glyphosate. Show all posts
Showing posts with label Glyphosate. Show all posts

Friday, 26 June 2020

එම්සීසී හා ගුණරුවන් වාර්තාව

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9






එම්සීසී හා ගුණරුවන් වාර්තාව

අද ජනමාධ්‍යයෙහි වැදගත් ප්‍රවෘත්ති කිහිපයක් ම පළවෙනවා. ඒ අතර 2020 මැතිවරණය වෙනුවෙන් පැෆරල් සංවිධානයට මෙරට නෝර්වේ තානාපති කාර්යාලයෙන් රුපියල් හැටලක්‍ෂයක් ලබා දීම, බේයර් සමාගම ග්ලයිෆොසේට් පිළිකා නඩුව බේරුමක් කර ගැනීමට ඇමරිකන් ඩොලර් බිලියන එකොළහක් පමණ ගෙවීම වෙනවා. රුපියල් හැටලක්‍ෂයක් කියන්නේ නම් විශාල මුදලක් නො වෙයි. මා හිතන්නෙ විශ්වවිිද්‍යාල මහාචාර්යවරුන් විසිපස්දෙනකුගේ වැටුප් එකතුවට වඩා අඩු මුදලක්. පැෆරල් සංවිධානය වැනි රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන සියලු මුදල් ගැන ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. ලූණු බිකත් බඩට ය කියා කියමනක් තියෙනවා. 

Sunday, 12 August 2018

ග්ලයිෆොසේට් නීතිය හා බටහිර විද්‍යාව




                             ග්ලයිෆොසේට් නීතිය හා බටහිර විද්‍යාව



අද හර්තාල් දවස. හර්තාලයට අදට අවුරුදු හැටපහක් වෙනවා. ඒ ගැන ලියන්න තියෙන්නෙ ඒකෙන් එතරම් මිනිසුන් සංඛ්‍යාවක් මැරුණෙ නැහැ කියන එක විතරයි. සමහරු කියන විධියට පනස්හය ඇති වුණෙ පනස්තුනේ හර්තාල හින්ද! පනස්හයට හර්තාලයෙන් කිසිම බලපෑමක් වුණෙ නැහැ. පනස්හය ජාතිකත්වය ඉදිරියට ඒමක්. හර්තාලයෙ කිසිම ජාතිකත්වයක් තිබුණෙ නැහැ. හර්තාලයෙ බලපෑම කෙසේ වෙතත් පිලිප්ලා ඇන් ඇම්ලා කොල්වින්ලා එස් ඒ වික්‍රමසිංහලා අන්තිමේ දි ශ්‍රී ල නි ප ප්‍රධාන ආණ්ඩුවල කොටස්කරුවන් වුණා. ඒක මහජන පෙරමුණු දේශපාලනය කියල කිව්ව අය තවමත් ලෙනින් කියවනවා. ලෙනින් ලෙනින් කියෙව්ව නැතිව ඇති. නැත්තන් ලෙනින්ටත් ලෙනින් කියව කියව ඉන්න තිබුණා.