Main Logo

Showing posts with label Rathana Himi. Show all posts
Showing posts with label Rathana Himi. Show all posts

Friday, 10 July 2020

දහනවය හා ඉන්ඩො

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9





දහනවය හා ඉන්ඩො

ජාවඩ් යුසුෆ් කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ සාමාජිකයෙක්. ඔහු දහනවවැනි සංශෝධනය තියා ගන්න ඕන කියනවා. එපමණක් නොවෙයි ඔහු පොදුජන පෙරමුණට විරුද්ධ ව කතා කරනවා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඊනියා ස්වාධීන කොමිසන් සභා කිහිපයක් පිහිටුවා තියෙනවා. ඒවාට සාමාජිකයන් පත් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන්. මැතිවරණ කොමිසම ද ඉන් එක් කොමිසන් සභාවක්. ඒ වගේ ම විනිසුරුවන්ගේ පත්වීම් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරියට එන්න ඕන. 

Tuesday, 28 April 2020

කොවිඩ් මර්දනයට අසහාය සහාය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් මර්දනයට අසහාය සහාය


කොරෝනා මර්දන කටයුතුවලට සියල්ලන් ට සහභාගි වීමට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නො වේ. මෙරට ජනයා විශේෂයෙන් ම අති මහත් බහුතරය වූ සිංහල බෞද්ධයන් ඉතා සංවේදී අය. ඔවුන් තම තමනට හැකි පමණින් කොරෝනාවෙන් පීඩාවට පත් වී ඇති ජනතාවට ආධාර කිරීමට ඉදිරිපත් වෙනවා. අද රටේ බොහෝ පළාත්වල ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ දී බොහෝ දෙනා විවිධ ආකාරවලින් සහභාගි වෙනවා. ඒත් අර සිවල් සංවිධාන නම් දකින්නට නැහැ. 

Sunday, 15 March 2020

රතන හාමුදුරුවෝ සහ සමිත හාමුදුරුවෝ

  සිංහල ලිත් ඉලක්කම්


රතන හාමුදුරුවෝ සහ සමිත හාමුදුරුවෝ



රතන හිමියන් පක්‍ෂයක් හදලා. උන්වහන්සේගේ පක්‍ෂයේ ඉන්න හාමුදුරුවරුන් දින කිහිපයකින් නාම යෝජනා දෙන්න බලාපොරොත්තු වන බව පේනවා. අප එයට විරුද්ධ වෙන්න ඕන. හාමුදුරුවරුන්ගේ දේශපාලනය ගැන අප අවුරුදු විසිපහකට වැඩි කාලයක් කතා කර තිබෙනවා. රතන හාමුදුරුවන් කරන්නේ භික්‍ෂු දේශපාලනයක් නොව ගිහි දේශපාලනයක්. උන්වහන්සේ සහ තවත් හාමුදුරුවරුන් සසුන නැති කිරීමට ඉදිරිපත් වන බවයි කියන්න තියෙන්නෙ. 

Monday, 21 October 2019

හකීම්, පලාලි කා වෙනුවෙන් ද?

      සිංහල ලිත් 


හකීම්, පලාලි කා වෙනුවෙන් ද?




හකීම් සහාරාන් දැනන් හිටලා නැහැ. ඒත් ඔහු ළඟ ම රැස්වීමක වාඩි වෙලා. හකීම් සහාරාන්ගෙ නම දැනන් හිටියෙ නැද්ද කරන වැඩ ගැන දැන හිටියෙ නැද්ද ආදී වශයෙන් දැන හිටිය කියන එක වෙනස් වෙනවා. මා හකීම් දන්නවා යම් ආකාරයකට, එත් මුණ ගැහිලා කතා කරලා නැහැ. අපි සමහරුන් එක්ක කතා කරල තියෙනවා. ඒත් නමවත් දන්නෙ නැහැ. හකීම්ට අද කොහොමටවත් කියන්න බැහැ තමා සහාරාන් දැන හිටිය කියලා. ඒත් ඔහු සහාරාන් වෙනුවෙන් කතා කළා. ඔය මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වුණෙ අතන මෙතන රතන හිමියන්ගෙ උපවාසය නිසා නො වෙයි. අතන මෙතන රතන හිමි සිද්ධියෙන් සිද්ධියට පනිනවා නැහැ වැඩම කරනවා. දේශපාලනඥයකු හැටියට උන්වහන්සේට ඕන කරන්නෙ ප්‍රසිද්ධිය හා මන්ත්‍රීකම. පුළුවන් නම් ඇමතිකමක්. මුස්ලිම් ඇමතිවරු අස්වුණෙ සහාරාන් ආරක්‍ෂා කරන්න. මුස්ලිම් ත්‍රස්තවාදයෙ සහාරාන් වෙනුවෙන් පෙනී හිටීමට. 

Friday, 28 June 2019

ගෝඨාභය නැත්නම් වෙන රාජපක්‍ෂ කෙනකු නැහැ

ගෝඨාභය නැත්නම් වෙන රාජපක්‍ෂ කෙනකු නැහැ


අද නැවතත් ඉන්දියන් ඒජන්තයන් තම ඊනියා විශ්ලේෂණ පතුරවනවා. 2015 ට පෙර යුග පෙරළි කාරයො ගෙනාපු ලොකු තර්කයක් වුණෙ සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියන එක. ඔවුන් මහා ලොකු විශ්ලේෂණ ඉදිරිපත් කළා සංඛ්‍යනය උපයෝගි කර ගෙන. අර ඉංගිරිසි කතාවක් තියෙනවා බොරු, පට්ටපල් බොරු, සංඛ්‍යනය කියල. සංඛ්‍යන තමන්ට අවශ්‍ය ආකාරයකට විවරණය කරන්න පුළුවන්. ඉන්දියන් ඒජන්තයන් හා ඔවුන් විසින් මෙහෙයවන ලද යුග පෙරළිකාරයන් කිව්වෙ ජනාධිපතිවරණය දිනන්න නම් ඊනියා සුළු ජාතික ඡන්ද ලබා ගන්න ඕන කියල.

Friday, 7 June 2019

ඇදිල්ල හා ඇන්දිල්ල

ඇදිල්ල හා ඇන්දිල්ල 


පොලිටික්ස් යන්නෙහි ග්‍රීක නිරුක්තිය ජනතාව හා සම්බන්ධයි. එය දේශපාලනය වශයෙන් සිංහලට පරිවර්තනය වී තිබෙනවා. මොන අර්ථයෙන් ගත්තත් මේ රටේ දේශපාලනයක් කෙරෙන්නේ නැහැ. ජනතාවගේ සුභසිද්ධියට වැඩක් කෙරෙන්නෙත් නැහැ. මෙහි ඇත්තේ ඉතාමත් ජරාජීර්ණ අර්ථයකින් පොලිටික්ස් කිරීමක්. එනම් තම වාසියට ජනතාව හැසිරවීමක්, මෙහෙයවීමක්.  සාමාන්‍ය විධියට කියනවා නම් තම වාසිය සඳහා ජනතාව ගොනාට ඇන්දවීමක්. 

Tuesday, 4 June 2019

පාස්කු ප්‍රහාරයට පසු පාස්කු නාට්‍යය


පාස්කු ප්‍රහාරයට පසු පාස්කු නාට්‍යය
පාස්කු නාට්‍ය සාමාන්‍යයෙන් කතෝලික ප්‍රදේශවල රඟ දැක්වෙනවා. අද පාස්කු නාට්‍යය ලංකාව පුරා ම රඟ දැක්වෙනවා. අසාද් සාලි හා හිස්බුල්ලා මෛත්‍රිපාලගෙන් ඉල්ලා සිටියා ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස. ඒ ඉල්ලීමට ම නොවූවත් ඥානසාර හිමි නිදහස් කෙරුණා. රතන හිමියන් අසාද් සාලි හිස්බුල්ලා මෙන් ම බද්‍යුද්දීන් ද තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඊනියා අඛණ්ඩ උපවාසයක් ඇරඹුවා. ඥානසාර හිිමියන් රතන හිමියන්ට සහයෝගය දක්වමින් තමන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලා සිටි අසාද් සාලි හා හිස්බුල්ලා ඉවත් කරන මෙන් ඉල්ලා නුවර සිට කොළඹට පාද යාත්‍රාවක් ඇරඹුවා. පාද යාත්‍රාව ගැටඹෙට එනකොට අසාද් සාලි හා හිස්බුල්ලා තම තනතුරුවලින් ඉල්ලා අස්වුණා. පාද යාත්‍රාවත් උපවාසයත් නැවතුණා. නුවර ඇසළ පෙරහැරෙන් පසු දවල් පෙරහැර දිය කපන්න එන්නෙත් ගැටඹෙට. තාම පොසොන් මාසෙ ලැබුව විතරයි. 

Monday, 3 June 2019

හිස්බුල්ලා බද්‍යුද්දීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

හිස්බුල්ලා බද්‍යුද්දීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රතන හිමියන්ගේ උපවාසයෙන් පැහැදිලි වන කරුණ සිංහලයන්ට නායකත්වයක් නැති කමයි. ඒ උපවාසය බලන්න යන දේශපාලනඥයන්ට ඔවුන් මොන අරමුණෙන් එහි ගියත් කිසි දිනෙක ඒ නායකත්වයට පත් වෙන්න බැහැ.  ඒ කියන්නේ උපවාසය බලන්න නොගිය දේශපාලනඥයන්ට ඒ නායකත්වය හිමි වේය යන්න නො වෙයි. සිංහල ජනතාව ආගම් පක්‍ෂ භේදයකින් තොරව රතන හිමියන් බැලීමට ගොස් කියන්නේ එක ම එක කරුණක් පමණයි. ඒ අර ඇතැම් ත්‍රිරෝද රථයක කියවන්න ලැබෙන ආකාරයට අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ යන්නයි. දැන් කසිකබල් පඬියන් කියන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට සරණ වෙන්න බැහැ කියල. පඬියන් දන්න සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඔවුන් හිතන්නෙ ඊනියා බෞද්ධ දර්ශනයක් ගැන. නැහැ බෞද්ධ දර්ශනය කියල එකක් නැහැ. සියළු දර්ශන පට්ටපල් බොරු.

Sunday, 2 June 2019

ජාතිකත්වයේ අපේක්‍ෂකයා

ජාතිකත්වයේ අපේක්‍ෂකයා

අසාද් සාලි, හිස්බුල්ලා, රිෂාඩ් බද්‍යුද්දීන් ඉවත් කිරීම ඉතා වැදගත්. ඒ බව ජනතාව කියන්නේ මාසයකටත් වැඩි කාලයක් තිස්සේ. රතන හිමියන් සෑම විටක ම මෙන් මෙවර ද දේශපාලන වාසි සඳහා ප්‍රශ්නය දඩමීමා කරගන්න හදනවා. ඕමල්පේ සෝභිත හාමුදුරුවොත් උපවාසයට දිරි දෙන්න වැඩම කරලා. මේ හාමුදුරුවරු දේශපාලන පක්‍ෂවල සාමාජිකයන් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙච්ච හාමුදුරුවරු. එය සිංහල බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධයි. සිංහල බෞද්ධ සම්ප්‍රදායේ හාමුදුරුවරු පාලකයන් වෙන්න ගියේ නැහැ. උන්වහන්සේ පාලකයන්ට අනුශාසනා කළා, ඒ අතර ඇතැම් අවස්ථාවල පාලකයන් ද තැනුවා. එහෙත් පාලකයන් වුණේ නැහැ. රාජසභාවේ සාමාජිකයන් වහන්සේ වුණෙත් නැහැ. 

Saturday, 1 June 2019

ජනතාව රවටන දේශපාලනඥයෝ හා ජඩමාධ්‍ය

ජනතාව රවටන දේශපාලනඥයෝ හා ජඩමාධ්‍ය 



ඊනියා සංහිඳියාව කියන එක අද නැත්තට ම නැති වෙලා. මෛත්‍රිපාල හා රනිල් අතරත් සංහිඳියාවක් නැහැ. ඒ නැති වෙලා දැන් අවුරුදු තුනකට වැඩියි. එදා සිට ඇත්තේ ආණ්ඩු දෙකක්. ඒ බව තේරුම් ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂයට බැරි වුණා. රනිල් ඉවත් කිරීම ප්‍රධාන කටයුත්ත බවට පත් වී තිබිය දී ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් රනිල් රැක්කා. අවසානයේ දී බැරි ම තැන මහින්ද අගමැති කිරීමට සිදු වුණා. එහෙත් ඒ ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුව රැක ගැනීමට එකී ඒකාබද්ධ විපක්‍ෂයේ ම ඇතැමුන් උත්සාහ ගත්තේ නැහැ. ඔවුන්ට වඩා අවශ්‍ය වූයේ රිෂාඩ් බද්‍යුද්දීන්ගේ පක්‍ෂය රැක  ගැනීම.

Friday, 31 May 2019

රතන හාමුදුරුවො, රනිල් හා මෛත්‍රිපාල


රතන හාමුදුරුවො, රනිල් හා මෛත්‍රිපාල 

අද රතන හාමුදුරුවො දළදා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරන්න යන බවට ආරංචියක් තියෙනවා. ඒක මාරාන්තික ද නැහැ අපවත්වීමාන්තික ද නැත් ද කියල දැන ගන්න විධියක් නැහැ. ඊයේ මාධ්‍යයට කියන්නෙ නැතිව පවත්වපු සාකච්ඡාවක දි තීරණය ගත් බවට තමයි ආරංචි වුණෙ. මාධ්‍ය සහභාගි කර නොගැනීමත් මාධ්‍ය සංදර්ශනයක්. රතන හාමුදුරුවන්ට මාධ්‍ය ගැන අමුතුවෙන් කියල දෙන්න කාටවත් බැහැ. අසාද් සාලි ලා අස්කරන්න ඕන. ඒ බව අර වස විස කතාව වගේ ම අපි කියල තරමක කාලයක්. 

Sunday, 26 May 2019

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය



රනිල් තරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ව වැඩ කරන අයකු මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉඳල නැති බව රනිල් හැරෙන්න අනෙක් අය පිළිගනු ඇති බව හිතනවා. අද එසේ නොකියන එ ජා පාක්‍ෂිකයන් පවා රනිල් අගමැති ධුරයෙන් ඉවත් කෙරුණු දිනයක එසේ කින බවට සැකයක් තියෙන්න බැහැ. ඔහු අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති ධුරය ආදී ආයතන එකක්වත් සත පහකට ගණන් ගන්නේ නැහැ.

Wednesday, 6 March 2019

වකුගඩු සටන


වකුගඩු සටන



වකුගඩු රෝගීන් ගැන අද බොහෝ දෙනා කතා කරනවා. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා කටයුතු කරනවා. ජනාධිපති මෛත්‍රිපාලත් රෝගීන් වෙනුවෙන් රෝහල් පහසුකම් සපයා තිබෙනවා. ඒ ඔහුගේවත් රජයේවත් මුදලින් නොවන බව කීමට තරම් ඔහු අවංක වී තිබෙනවා. දෙරණ මාධ්‍ය ජාලය මනුසත් දෙරණ මගින් සායන පවත්වනවා. දැන් වකුගඩු රෝගීන් සංඛ්‍යාව අඩු බව කියනවා.   මා ඒ ගැන නම් දන්නේ නැහැ. මා බටහිරවත් සිංහලවත් වෛද්‍යවරයකු නො වෙයි. මා සංඛ්‍යා ලේඛන දත්ත එකතු කරන්නෙකුවත් නො වෙයි. මට සංඛ්‍යා මතක තියාගන්න බැහැ.

Wednesday, 2 January 2019

චන්ද්‍රිකාගේ වෛරය


චන්ද්‍රිකාගේ වෛරය



මා කියන්නේ නැහැ චන්ද්‍රිකා රනිල්ට වඩා ප්‍රතිපත්ති ගරුකයි කියලා. ඒ වුණත් චන්ද්‍රිකා නව ව්‍යවස්ථාවක් ගේන්න හරි දාසනායකගෙ පෙරමුණෙ විස්ස සංශෝධනය කරන්න හරි රනිල්ට සහාය දෙනවා. රනිල් චන්ද්‍රිකාගෙ පැකේජයට එහෙම සහාය දුන්නෙ නැහැ. ජී එල් නම් චන්ද්‍රිකාට සහාය දුන්නා. ජී එලුත් මංගලත් තවත් අයත් සුදු නෙළුම් අරගෙන අවලම් තවලම් ගියා. ඔවුන්ගෙන් සමහරකු තවම ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයන් හා මන්ත්‍රීවරුන්. තවත් සමහරු පොහොට්ටුවේ. ජී එල් හා කෙහෙළිය සමගාමී ලැයිස්තුව අස්කර ගන්නම් කියලා මහින්දලා වෙනුවෙන් ලිපියක් දීල තාම වැඩිකලක් නැහැ. 

Friday, 26 October 2018

මහින්ද හා රෝ නාඩිය


මහින්ද හා රෝ නාඩිය



සති ගණනාවකට පස්සෙ නාලක ද සිල්වා අත්අඩංගුවට අරගෙන ඒ පොඩි දේකට නොවෙයි. රටේ ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමේ කතාවක් සම්බන්ධයෙන්. ඒ චෝදනා කරන පුද්ගලයා නාමල් කුමාර කියල පොලිස් ඔත්තුකරුවකු  බව පැවසෙනවා. ඔහු තාම අත්අඩංගුවට පත් වෙලා නැහැ. ඔහු සරත් ෆොන්සේකා ගැනත් කියනවා. මෙහි ඇත්ත නැත්ත අප දන්නේ නැහැ. නාලක - නාමල් කටහඬ පට 123කින් 122ක් ද කොහෙද සැසඳෙනවා කියනවා. ඒ සංඛ්‍යා වැරදි වෙන්න පුළුවන්. එහෙත් ඒ සංඛ්‍යා ප්‍රතිශතය  එ ජා පක්‍ෂය වෙනුවෙන් ජ වි පෙ ඉදිරිපත් කළ විසිවැනි සංශෝධනයේ ව්‍යවස්ථාවට එකඟ නොවන වගන්ති ප්‍රතිශතයටත්  වඩා බෙහෙවින් ඉහළයි. ජ වි පෙරමුණට දැන් වෙනින් වාර්තාවක් ගැන හිතන්න වේවි. පහුගිය දා පැවති ජන උද්ඝෝෂණයේ රතු කමිස ඇඳගත් පාක්‍ෂිකයන්ගේ හා රතු කමිස ඇඳනොගත් පාක්‍ෂිකයන්ගේ එකතුවේ ප්‍රතිශතය කීයද දන්නෙ නැහැ.අනුර කුමාර රතු කමිසයක් ඇඳ සිටියේ නැති නිසයි ඒ විධියට ප්‍රශ්න කරන්නෙ.

Sunday, 12 August 2018

ග්ලයිෆොසේට් නීතිය හා බටහිර විද්‍යාව




                             ග්ලයිෆොසේට් නීතිය හා බටහිර විද්‍යාව



අද හර්තාල් දවස. හර්තාලයට අදට අවුරුදු හැටපහක් වෙනවා. ඒ ගැන ලියන්න තියෙන්නෙ ඒකෙන් එතරම් මිනිසුන් සංඛ්‍යාවක් මැරුණෙ නැහැ කියන එක විතරයි. සමහරු කියන විධියට පනස්හය ඇති වුණෙ පනස්තුනේ හර්තාල හින්ද! පනස්හයට හර්තාලයෙන් කිසිම බලපෑමක් වුණෙ නැහැ. පනස්හය ජාතිකත්වය ඉදිරියට ඒමක්. හර්තාලයෙ කිසිම ජාතිකත්වයක් තිබුණෙ නැහැ. හර්තාලයෙ බලපෑම කෙසේ වෙතත් පිලිප්ලා ඇන් ඇම්ලා කොල්වින්ලා එස් ඒ වික්‍රමසිංහලා අන්තිමේ දි ශ්‍රී ල නි ප ප්‍රධාන ආණ්ඩුවල කොටස්කරුවන් වුණා. ඒක මහජන පෙරමුණු දේශපාලනය කියල කිව්ව අය තවමත් ලෙනින් කියවනවා. ලෙනින් ලෙනින් කියෙව්ව නැතිව ඇති. නැත්තන් ලෙනින්ටත් ලෙනින් කියව කියව ඉන්න තිබුණා.

Wednesday, 1 March 2017

රතන සූත්තර

රතන සූත්තර


අවුරුදු දෙදහස් හයසීයකට විතර ඉහත බුදුහාමුදුරුවො රතන සූත්‍රය දේශනා කළා. ඒක පිරිතක්. බණක් ධර්ම දේශනයක් නො වෙයි. සමහරුන් අහනව පිරිත් සිංහලෙන් කියන්නෙ නැත්තෙ මොකද කියලා. තවත්  සමහරු සිංහලෙන් පිරිත් කියනවා. ඒ පිරිත් කියන්නෙ මොනවද කියලා දන්නෙ නැති කමට. පිරිත, සමහර සංස්කෘත ශ්ලෝක ආදියේ වැදගත්කම තියෙන්නෙ  මූලික වශයෙන් ශබ්ද කිරීමෙ. ඒවා ඒ ඒ භාෂාවලින් කියැවෙන්න ඕන. ඒ අදහස වෙනින් බසකින් කිව්වට ඒ ගුණය ලැබෙන්නෙ නැහැ.

Friday, 24 February 2017

පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම


පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම



දැන් තවත් සංකල්පයක් පාර්ලිමේන්තුවට, පක්‍ෂවලට හා මන්ත්‍රීවරුන්ට තියෙනවා. ඒ පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම. මේ ස්වාධීන වීම මේ රටේ බොහෝ සංකල්ප වගේ ම පැහැදිලි නැහැ. අප පැහැදිලි සංකල්ප ඇතිව කටයුතු කරන ජාතියක් නො වෙයි. සයිටම් ගැන කල්පනා කරල බලන්න. මේ රටේ උගත් ම කියන අය එක එක මත ප්‍රකාශ කරනවා. දේශපාලනඥයනුත් එසේ ම අදහස් ප්‍රකාශ කරනවා. ඒත් වෛද්‍ය සභාවෙ, සෞඛ්‍ය ඇමතිගෙ, උසස් අධ්‍යාපන ඇමතිගෙ, උසස් අධ්‍යාපන අමාත්‍යංශෙ බලතල ගැන ඇත්තේ මේ උගතුන්ට ඇත්තේ අවුලක්. ස්වාධීන වීමත් තවත් අවුලක්. ලක්‍ෂමන් කිරිඇල්ල සරල වීම නිසා ම ඔහුගේ අවුලත් සරලයි.

Tuesday, 17 January 2017

රතන හිමියනි ආපසු වඩිනු මැනවි!

රතන හිමියනි ආපසු වඩිනු මැනවි!

රතන හිමි ස්වාධීන වන්න තීරණය කරලා. උන්වහන්සේ  එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හිමි නමක්. තවමත් ජාතික හෙළ උරුමයෙන් අස් වී නැහැ. ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පෙරමුණේ ඉන්නවා. ජාතික ලැයිස්තුවෙන් පත් වුනු මන්ත්‍රී හිමිනමක් ලෙස උන්වහන්සේ දැන් ස්වාධීන ව ක්‍රියා කරනවා. එක්සත් ජාතික පෙරමුණෙන් හරි ජාතික හෙළ උරුමයෙන් හරි උන්වහන්සේ අස් කරනු ඇතැයි සිතන්න බැහැ. උන්වහන්සේ ස්වාධීන ව කටයුතු කරන්නේ එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හිමි නමක ලෙස වැඩ ඉන්න ගමන්. එය ඉතා වැදගත්. බොහෝ දෙනාට ඒ බව මතක් වන්නේ නැහැ. රතන හිමියන් ද ඒ අය ගැන නොදන්නවා නො වෙයි.