Main Logo

Showing posts with label Derana. Show all posts
Showing posts with label Derana. Show all posts

Wednesday, 6 May 2020

දුම් හට්ටියේ ප්‍රශ්නය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 



දුම් හට්ටියේ ප්‍රශ්නය



මා මේ ලිපි ලියන්නේ කළකිරීමෙන්. මගේ ඉලක්කය සාමාන්‍ය මිනිසුන්, නූගතුන් කියන අය. එහෙත් ඔවුන්ට මේ ලිපි කියවන්න ලැබෙනවා ද කියන එක ප්‍රශ්නයක්. උගතුන් ලිපි කියෙව්වා කියා සතපහක වැඩක් නැහැ. මේ ලිපිවලට පහර දෙන්නන්ට විරුද්ධ ව මේ උගතුන් වචනයක් ලියන්නේ නැහැ. එහෙත් නූගතුන් කියන අය නම් ලියනවා. මා කියන්නේ මුහුණු පොත ගැන ම නොවෙයි. චින්තන පර්ෂදයේ වැඩ කරන අය මෙහි දී වඩාත් සිහියට නැගෙනවා. ඔවුන් කෙතරම් උගතුන් දැයි කියනවා නම් තමන් චින්තන පර්ෂදයේ සාමාජිකයන් නොවන බව කියනවා. එක් අතකින් ගත් විට එය ඇත්තක්. පසුගිය අවුරුදු තිස්තුනක පමණ කාලයෙහි චින්තන පර්ෂදයෙහි සාමාජිකයන් කියා පිරිසක් හිටියේ නැහැ. කිසිවකු සාමාජික ගාස්තුවක් කියා එකක් ගෙවා නැහැ. අප ලිච්ඡවින් තරමට ම නොවුණත් ඉඳහිට රැස්වෙනවා. තීරණ ගන්නවා. විසිර යනවා.

Wednesday, 15 April 2020

වෙනිවැල්ගැට වෙනුවට බාල පැනඩෝල් ගන්නවා ද?

        සිිංහල ලිත් ඉලක්කම්


වෙනිවැල්ගැට වෙනුවට බාල පැනඩෝල් ගන්නවා ද?



අද රැල්ලක් ඇති වෙලා. මේ රැල්ලට ජාතික රැල්ල කියන්න පුළුවන්. රූපවාහිනී නාළිකා දිහා බලන් ඉන්න කොට හිතෙනවා දැන් මධ්‍යම පංතිකයන්ගෙ ජාතිකත්වය ඉහ වහා ගිහින් කියලා. බටහිර වෙදමහත්තුරු ටික දෙනෙක් තාමත් ආයුර්වේදයෙ හරි පාරම්පරික වෙදකමේ හරි ඊනියා විද්‍යාත්මක බව ගැන කතා කළත් සමස්තයක් වශයෙන් ගත්තම දුම් (හුමාල) හට්ටියට, වෙනිවැල්ගැට කෑල්ලට, කොත්තමල්ලිවලට, ඉඟුරු සුදුළුෑනුවලට තැනක් ලැබිලා. ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන කතා නොකරන්නකු නැති තරම්. ගෙවතු වගාවෙහි යෙදෙන ජාතික චින්තකයන්ගෙ ඡායාරූප වෙබ් අඩවිවල පළවෙනවා. 

Thursday, 9 April 2020

කොවිඩ් නිවේදන හා අවුරුද්ද

  සිංහල ලිත් ඉලක්කම් 



කොවිඩ් නිවේදන හා අවුරුද්ද 



ඊයේ දෙරණ දේශීය වෙදමහතුන්ට අවස්ථාවක් දුන්නා හුමාලය ඇල්ලීම ගැන කියන්න. එය හොඳයි. තව තවත් දේශීය වෙදමහත්වරුන්ට තැනක් දෙන්න ඕන. ඔවුන්ට පමණයි වෛරසයට ඔරොත්තු දීම ගැන ජනතාව දැනුවත් කරන්න පුළුවන්. මා හිතන්නේ නිරෝධායනය ගැනත් ඔවුන් ලවා කියවන්න ඕන. තවමත් නිරෝධායනය  ගැන ජනතාවගේ බයක් තියෙනවා. සංඛ්‍යා ලේඛන ප්‍රස්තාර වගු ආදිය නැතිව ජනතාවට මෙය කියා දෙන්න ඕන. එහෙත් ඊයෙ සිරස වැඩ සටහනෙහි නම් ආයුර්වේද වෛද්‍යවරු  තම ගෞරවය රැකගෙන නැහැ.

Wednesday, 8 April 2020

කොවිඩ් (උරග වෛරසය) පැතිරීම හා බටහිර විද්‍යාව

       සිංහල ලිත් ඉලක්කම් 


කොවිඩ් (උරග වෛරසය) පැතිරීම හා බටහිර විද්‍යාව 


ථෙරවාදය ඉන්දියාවෙන්, අවශ්‍ය නම් දඹදිවෙන් හරි භාරතයෙන් හරි, තුරන් වී ගිය පසුත් ලංකාවේ ඉතිරි වුණා. බටහිර විිද්‍යාව බටහිර රටවලින් තුරන් වුණත් ලංකාවේ පවතීවි. එහෙත් ථෙරවාදයට මෙන් ම කිසිම ප්‍රදානයක්, එකතු කිරීමක් නැතිව. වෙනත් දැනුම් පද්ධතියක් වෙනින් කොහෙන් හරි ගෙනාවොත් අප එයත් ථෙරවාදයත් බටහිර විද්‍යාවත් එක්ක එකට පිළිගනීවි. එය සිංහල සංස්කෘතියේ ලක්‍ෂණයක්. අප ළඟ තවමත් යක්‍ෂ සිරිත් විරිත් පිළිගැනීමුත් තියෙනවා. මා මෙහෙම කියනවාට මධ්‍යම පංතික උගතුන් කැමති වන එකක් නැහැ. 

Monday, 6 April 2020

වෙදමහත්වරු පරික්‍ෂා භූමදානය දෙරණ හා නිරෝධායනය

      සිංහල ලිත් ඉලක්කම් 


වෙදමහත්වරු පරික්‍ෂා භූමදානය දෙරණ හා නිරෝධායනය



රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙවත් බටහිර වෙදමහත්වරුන්ගේ සංවිධානය කොවිඩ් පරීක්‍ෂා ගැන නොයෙක් ප්‍රකාශ කරනවා. දෙරණ ඒවාට ප්‍රචාරය දෙනවා.  මිනිසුන් බය වෙනවා. මේ අවස්ථාවේ දී බය කරන්නවත් බය වෙන්නවත් හොඳ නැහැ. කළ යුත්තේ පරෙස්සම් වීමයි.  බටහිර වෙදමහත්වරුන්ගේ ප්‍රධාන කතාව වන්නේ අද රෝගය වැළඳී ඇති 160ක් පමණ පිරිස සමග යම් ආකාරයක හමුවීමක් තිබූ 42000ක් පමණ රටේ ඉන්න බව. ඒ නිගමනයට ඔවුන් පැමිණියේ කෙසේ ද යන්න පැහැදිලි නැහැ.

Monday, 30 March 2020

වෛරසය ගැන තවත් කතාවක්

   සිංහල ලිත් ඉලක්කම්


වෛරසය ගැන තවත් කතාවක් 




අවුරුදු පන්සීයකට පමණ පසුව බටහිර ලෝකය කඩා වැටීමට පටන් අරන්. එය ඊනියා ධනවාදයේ කඩා වැටීමක් නො වෙයි. සමාජවාදය ඇති වීමක් ගැන මාක්ස්වාදීන් පශ්චාත් මාක්ස්වාදීන් ආදී කිසිවකු කියන්නේ නැහැ. බටහිර ලෝකයේ කඩා වැටීමට පිළිතුරක් දිය හැක්කේ ථෙරවාදයටයි. මා බටහිර ලෝකය කඩා වැටෙන බවත් ථෙරවාදී සංස්කෘතියකට එයට පිළිතුරක් බවත් කියන්නේ දශක කිහිපයක සිට. එහෙත් එය මෙතරම් ඉක්මනට සිදු වේවි කියා මා හිතුවේ නැහැ. 

Monday, 23 March 2020

කොවිඩ් දෙරණ හා අප

    සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් දෙරණ හා අප 



ඊයේ දෙරණ හොඳ වැඩ සටහන් දෙකක් ප්‍රචාරය කළා. එකක් රාජ්‍ය බුද්ධි සේවයේ වග කිව යුතු නිලධාරියකු සමග කළ සාකච්ඡාවක්. අනෙක දකුණු පළාතේ ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනකු සහ වෛද්‍යවරියක සමග කරන ලද සාකච්ඡාවක්. පළමු වැඩ සටන ගැන කියන්න දෙයක් නැහැ. එය උසස් මට්ටමක තිබුණා. ඉන් පැහැදිලි වූ කරුණ නම් කොවිඩ් 19 පරාද කරන්න පුළුවන් බවත් එහි දී වෛද්‍යවරුන්ට පමණක් ඒ වැඩේ බාර දී ඉන්න බැරි බවත්. 

Sunday, 8 March 2020

දහනවය හා ද්විත්ව පුරවැසිකම

    සිංහල ලිත් ඉලක්කම්


  දහනවය හා  ද්විත්ව පුරවැසිකම



දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නිසා නො වෙයි. ජනාධිපති මෛත්‍රිපාලගෙ බලතල අඩුකරලා අගමැති රනිල්ගෙ බලතල වැඩි කරන්න. ජනාධිපතිගෙ ධුර කාලය අවුරුදු හයෙන් පහට බැස්සුවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට අවුරුදු හතරහමාරකට බැරි වෙන විධියට වගන්තියක් ගෙනාවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීම වැළැක්වීමට ද්විත්ව පුරවැසියන්ට තරග කරන්න බැරි වෙන විධියට වගන්තියක් ඇතුල් කළා. 

Saturday, 1 February 2020

බ්‍රෙක්සිට් දෙරණ හා සිංහල බෞද්ධ රාජ්‍යය

     සිංහල ලිත් ඉලක්කම්


බ්‍රෙක්සිට් දෙරණ හා සිංහල බෞද්ධ රාජ්‍යය



ඊයේ බිරිතානිය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් වෙන් වුණා. ඒත් අදාළ කටයුතු සම්පූර්ණ කිරීමට තව මාස එකොළහක් පමණ ගත වේවි යැයි හිතනවා. ඒ කියන්නෙ 2020 අවසානය වන තෙක් පමණ. කෙසේ වෙතත් මේ හේතුව ම සමහර විට ස්කොට්ලන්තය බිරිතානියෙන් වෙන් වීමට බලපාන්න පුළුවන්. යුරෝපා සංගමය ද බිඳී යන්න ඉඩ තියෙනවා. එය රැක ගන්න නම් යුරෝපා සංගමය තම නීති රීති තව ලිහිල් කළ යුතුයි. මේ සියල්ලෙන් පෙන්වන්නේ ජාතිකවාදයේ නැගී සිටීමක්. 

Monday, 25 November 2019

වැඩක් නැති වැඩ


           සිංහල ලිත් ඉලක්කම්

වැඩක් නැති වැඩ



ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු රුවන්වැලි සෑ මළුවේ කරන ලද කතාව ගැන මා සිතා සිටියේ එයට යම් ආකරයකින් මගේ දායකත්වයක් තිබූ බවයි. එහෙත් දින දෙක තුනකින් මට වැටහී ගියේ මා මෝඩයකු බවයි.  දේශපාලනයේ දී අදහස් දක්වන ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ කියා සිටියේ රනිල්ගේ ආණ්ඩුවේ සිංහල බෞද්ධ විරෝධී වැඩ නිසා සිංහල බෞද්ධයන් නැගී සිට ආණ්ඩුව පරාජය කළ බව ය. සිංහලයන්ගේ ඡන්දවලින් පමණක් දිනිය හැකි බව අන්තිමට ඒත්තු ගන්වා ඇත්තේ මංගලගේ රන්ජන් රාමනායකගේ හා ඒ ආණ්ඩුවේ වෙනත් අයගේ කතා බවයි උන්වහන්සේගෙන් ප්‍රකාශ වුනෙ. නිතර ජනමාධ්‍ය ඔස්සේ තම අදහස් ප්‍රකාශ කරන උන්වහන්සේට මගේ නමස්කාරය. 

Sunday, 24 November 2019

චන්ද්‍රප්‍රේමගේ වික්‍රමය හා සුමන්තිරන්

 සිංහල ලිත් ඉලක්කම්

චන්ද්‍රප්‍රේමගේ වික්‍රමය හා සුමන්තිරන්



කොළපාට සමාජය ලියූ සී ඒ චන්ද්‍රප්‍රේම අද ඉරිදා අයිලන්ඩ් පුවත්පතට හොඳ ලිපියක් ලියා තියෙනවා. ඔහු කියනවා ජනාධිපතිවරණ ප්‍රතිඵලය පීඩාවට පත් වූ සිංහල බහුතරයෙහි ප්‍රතික්‍රියාව කියා. සමාජයේ සිදුවන ප්‍රතික්‍රියාව නිව්ටන්ගේ තුන්වැනි නියමය සමග කිසිම සම්බන්ධයක් නැති බව මා දන්නවා. ඒත් මට මේ චන්ද්‍රප්‍රේම කියන ප්‍රතික්‍රියාව ගැන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව අහඹු සිද්ධියක් ද? අර ඇමරිකාවේ සංඝනායක වල්පොල පියනන්ද හාමුදුරුවන් කියනව වගේ රංජන්ට හා මංගලට සිංහල බෞද්ධයන් දැක් වූ ප්‍රතිචාරයක් ද? එහෙම නැත්නම් එ ජා ප ඊනියා යහපාලනයට දැක් වු ප්‍රතික්‍රියාවක් ද? සිංහලයන් පීඩාවට ලක් වූයේ 2015න් පසුව ද? 

Saturday, 2 November 2019

ජනමාධ්‍ය, ගිවිසුම් හා භාරකාර ආණ්ඩුව

      සිංහල ලිත් ඉලක්කම් 

ජනමාධ්‍ය, ගිවිසුම් හා භාරකාර ආණ්ඩුව  




මේ ආණ්ඩුව තරම් තක්කඩි විජාතික ආණ්ඩුවක් තවත් තිබිලා නැහැ. ලෝක පුදුමයකින් සජිත් ජනාධිපති වුණත් තක්කඩිකම නැති වෙන්නෙ නැහැ. ඔහුගෙ අගමැති වෙන්න ඉඩක් තියෙන්නෙ මංගලට. ඔහුට පනවා ඇති කොන්දේසි අනුව නම් රනිල් අගමැති වෙන්න ඕන. කවුරු අගමැති වුනත්   තක්කඩිකම ඉවර වෙන්නෙ නැහැ. මංගලලා චම්පකලා රාජිතලා රවිලා ඉන්න ආණ්ඩුවක් තක්කඩි ආණ්ඩුවක් මිස වෙන එකක් නො වෙයි. සජිත්ගෙ ආණ්ඩුවකින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන බවට රාජිත චම්පක මංගල වැනි අය සහතික වේවි. ජ වි පෙ මේ ගිවිසුම ගැන දක්වන නිහැඬියාව කන් බිහිරි කරවන තරම්.

Wednesday, 26 June 2019

පාක්‍යසෝතිගෙ ගල් වරුසාව

පාක්‍යසෝතිගෙ ගල් වරුසාව 

පාක්‍යසෝති සරවනමුත්තු රෝම ලන්දේසි (ක්‍රිස්තියානි) නීතිය යටතෙ අස්ගිරි මහානායක හාමුදුරුවන්ට විරුද්ධ ව පැමිණිලි කරලා. ඔහු නීතිපතිට පැමිණිළි කර බවයි මාධ්‍යයෙන් කියැවෙන්නෙ. උසාවිය ඉදිරියට ගියා ද කියන එක පැහැදිලි නැහැ. මොනව වුණත් රෝම ලන්දේසි නීතිය සාධාරණ හැටියටයි උගන්නලා තියෙන්නෙ. පාක්‍යසොතිගෙ පැමිණිල්ල මහානායක හාමුදුරුවො මොනව කිව්ව එක ගැන ද කියන එක මාධ්‍ය කියන්නෙ නැහැ. ඒත් මාධ්‍ය පාක්‍යසෝතිට තරම් ප්‍රසිද්ධියක් මහානායක හාමුදුරුවන්ට දෙන්නෙ නැහැ කියන එක නම් පැහැදිලියි. 

Wednesday, 6 March 2019

වකුගඩු සටන


වකුගඩු සටන



වකුගඩු රෝගීන් ගැන අද බොහෝ දෙනා කතා කරනවා. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා කටයුතු කරනවා. ජනාධිපති මෛත්‍රිපාලත් රෝගීන් වෙනුවෙන් රෝහල් පහසුකම් සපයා තිබෙනවා. ඒ ඔහුගේවත් රජයේවත් මුදලින් නොවන බව කීමට තරම් ඔහු අවංක වී තිබෙනවා. දෙරණ මාධ්‍ය ජාලය මනුසත් දෙරණ මගින් සායන පවත්වනවා. දැන් වකුගඩු රෝගීන් සංඛ්‍යාව අඩු බව කියනවා.   මා ඒ ගැන නම් දන්නේ නැහැ. මා බටහිරවත් සිංහලවත් වෛද්‍යවරයකු නො වෙයි. මා සංඛ්‍යා ලේඛන දත්ත එකතු කරන්නෙකුවත් නො වෙයි. මට සංඛ්‍යා මතක තියාගන්න බැහැ.

Sunday, 3 March 2019

නැත අන් සරණා මෑණිය සරණා


නැත අන් සරණා මෑණිය සරණා



විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මහින්දටත් රනිල්ටත් අවශ්‍යයි. වෙල්ගම කියන බහුබූත මහින්ද ගණන් නොගන්නා බව පැහැදිලියි. මහින්ද ජනාධිපතිවරණයකට නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළහොත් කිසියම් අවස්ථාවක දී නමුත් එය ප්‍රතික්‍ෂෙප වෙනවා. මැතිවරණ කොමසමේ සභාපති එය පිළිගත්තත්, එයට විරුද්ධ ව පෙත්සම් ඉදිරිපත් වේවි. ඒ පෙත්සම් ප්‍රතික්‍ෂෙප වුණත් මහින්ද ජනාධිපති වුණත් අධිකරණයෙන් ඔහුගේ පත්වීම අවලංගු කරාවි. වෙල්ගම මහින්දට ඉදිරිපත් විය හැකිය යන කතාව කියන්නේ ඔහුට ගෝඨාභය ඉදිරිපත් නොකිරීමට  යම් හේතුවක් කිව යුතු නිසා පමණයි. වෙල්ගමට පෙනෙන දේ වෙනත් කිසිවකුට නොපෙනෙන්නේ ඔහු කුශාග්‍ර බුද්ධිමතකු නිසා ද?

Saturday, 2 March 2019

ඇත් පැටවා හා ෆ්‍රැන්සිස් පියතුමා


ඇත් පැටවා හා ෆ්‍රැන්සිස් පියතුමා


පසුගිය දිනෙක දෙරණ රූපවාහිනියෙහි ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා කළ කතාවක් ප්‍රචාරය වුණා. මට හරියට මතක නැහැ වැඩ  සටහන මොකක් ද කියා. සමහරවිට ප්‍රවෘත්ති වෙන්න ඇති. එහෙම නැත්නම් දෙරණ අරුණ වෙන්න ඇති. එහෙමත් නැත්නම් වෙන වැඩ සටහනක් වෙන්න ඇති. ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා ලංකා සභාවේ (පැරණි ඇංග්ලිකන් සභාවේ) දෙමළ කතාකරන පූජකතුමෙක්. එතුමා මෙරට ඒ සභාවෙහි වැදගත් තනතුරු දරා තිබෙනවා.  

Monday, 11 February 2019

කුසුමාසනදේවි පහතට වැටීම


කුසුමාසනදේවි පහතට වැටීම



කුසුමාසනදේවි අද ඉඳන් පහතට වැටිලා. දෙරණේ රැ අටේ පටියේ සිට හයේ පටියට යෑම හොඳ දෙයක් නම් නො වෙයි. මා නරඹන්නේ දෙරණ පමණක් නිසා මගේ අතින් කියැවෙන්නේ දෙරණේ හොඳ නරක පමණයි. වැඩිය කිියැවෙන්නේ නරක වෙන්න පුළුවන්. ඒ නරක වැඩි නිසා. වෙනත් නාළිකා ගැන මට කියන්න හොඳක් නැහැ. මා ඒ නරඹන්නේ නැත්තේ එබැවිනුයි. මට කිසිම ජනමාධ්‍යයක් සමග සුහද සම්බන්ධයක් නැහැ. ජනමාධ්‍යවේදීන් මහාදැනමුත්තන්. ඔවුන් විද්‍යාත්මක විධික්‍රමය, ක්‍රමය (සිස්ටම්) වෙනස් කිරීම, වාස්තවිකත්වය, යථාර්ථය ආදී දේ ගැන කතා කරනවා. ඔවුන් අදෘශ්‍යමාන බලවේග විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ට අනුව මා වැදගත් දෙයක් කියන අයකු නො වෙයි.

Wednesday, 23 January 2019

සේනා දළඹුවා හා ජනමාධ්‍ය


සේනා දළඹුවා හා ජනමාධ්‍ය



සේනා දළඹුවා ගැන දැන් බොහෝ දෙනා දන්නවා. මේ දළඹුවා ගැන කරන ලද අධ්‍යයනයක් නිසා ආචාර්ය උපාධියක් ලත් මා දන්නා හඳුනන රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොහාන් රාජපක්‍ෂගේ ලිපියක් දි අයිලන්ඩ් පුවත්පතේ පෙරේදා පළ වී තිබුණා. ඒ මහතාත් මාත් අර විශ්වවිිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ  6% ඉල්ලීම ගැන රූපවාහිනියේ (නාළිකාව මට මතක නැහැ) එක පැත්තක ඉඳ කතා කර තිබෙනවා. ඒ සටනෙන් කිහිප දෙනකුට ටීෂර්ට් ලැබීම හැරෙන්න වෙන දෙයක් සිදු වුණේ නැහැ. ඒ කතාව කොහොම වුණත් ලිපියේ සඳහන් අන්දමට මේ දළඹුවා ඇති වී තිබෙන්නේ එක්සත් ජනපදවල. දළඹුවා 2016 දී අප්‍රිකානු කලාපයටත් ඉන්පසු 2017 ඉන්දියාවටත් ව්‍යාප්ත වී තිබෙනවා. දැන් දළඹුවා ලංකාවටත් ඇවිත්. ඇතැමුන් කියන විධියට 2018 අගෝස්තු මාසයේ පමණ. රොහාන්ගේ ලිපියේ සඳහන් අන්දමට දළඹුවා මර්දනය කිරීම සඳහා කෘමිනාශක ද තිබෙනවා.  එමෙන් ම ජෛවීය ක්‍රම ද තිබනවා.

Wednesday, 9 January 2019

ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කළ යුතුයි


ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් කළ යුතුයි



මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලෙස කතානායක නැවතත් නම් කරලා. සුමන්තිරන්ගේ පරාජයේ ගමන ඇරඹිලා. ඔහුගේ බොරු තර්ක තවදුරටත් වලංගු වන්නේ නැහැ. අනුර දාසනායකටත් දැන් යන එන මං නැහැ. ඔහු ජනමාධ්‍යයට බණිනව. වොයිස්කට් දේශපාලනය ගැන. ඔහු කරන්නේ මොන දේශපාලනයක් ද? ඒකත් වොයිස්කට් ම තමයි. ජඩමාධ්‍ය මොන තරම් සාධාරණ දැයි පෙන්නුම් කරන්න උත්සාහ කළත් දාසනායක මොන තරම් සමාජවාදියකු දැයි පෙන්නුම් කරන්න උත්සාහ කළත් ජඩමාධ්‍ය නැත්නම් අනුර දාසනායක නැහැ. ඔහු අද ෆෙඩරල්වාදියකු වෙලා. ඔහු ෆෙඩරල් ක්‍රමයට ආවඩමින් කරන ප්‍රකාශවලට ජඩමාධ්‍යවල ඉතාමත් අවම ප්‍රචාරයක් ලැබෙන්නෙ. ඒ ඔහු ආරක්‍ෂා කිරීමට. දාසනායක විධායකය අහෝසි කරන්න කියල බෙරිහන් දෙන්නෙ පළාත් සභා තියාගෙන.

Monday, 17 December 2018

රට විකුණන රට බෙදන ප්‍රෝඩාතන්ත්‍රවාදියා ගෙදර ම යවමු


රට විකුණන රට බෙදන ප්‍රෝඩාතන්ත්‍රවාදියා ගෙදර  යවමු



රනිල් පස්වැනි වතාවටත් අගමැති වෙලා. ඒක ලෝක වාර්තාවක්ලු. අපට තවත් ලෝක වාර්තාවක් පිහිටුවන්න පුළුවන්. ඒ රනිල් පස්වැනි වතාවටත් අගමැති කමෙන් ඉවත් කරලා. ඒත් මේ ගමන ඉවත් කරන්නෙ හයවැනි වතාවකට අගමැති වෙන්න එහෙම නම් නො වෙයි.  රනිල් දිවුරුම් දුන්නට පස්සෙ හොඳ කතා දෙකක් කෙරිල. එකක් කොළඹ ජනාධිපති කාර්යාලයෙදි. අනෙක තංගල්ලෙදි. කොළඹ කතාවෙ දී ජනාධිපති සිරිසේන රනිල් ඉස්සරහින් තියාගෙන රනිල්ගෙ ප්‍රෝඩාතන්ත්‍රවාදය, රට බෙදීම හා රට විකිණීම ගැන කියලා. රනිල් මොනව කියන්න ද? ඒත් දෙරණෙ චතුර නම් කීවෙ රනිල් පරිණත ව හිතන්න ඇතිලු ඒ චෝදනා ජනාධිපති ම ගන්න කියලා. දෙරණ හිරු ආදී නාළිකා පළමුවෙන් බලන්නෙ රට ගැන නොවෙයි තමන්ගෙ පැවැත්ම ගැන.