සිංහල ලිත් ඉලක්කම්
කොවිඩ් (උරග වෛරසය) පැතිරීම හා බටහිර විද්‍යාව
ථෙරවාදය ඉන්දියාවෙන්, අවශ්‍ය නම් දඹදිවෙන් හරි භාරතයෙන් හරි, තුරන් වී ගිය පසුත් ලංකාවේ ඉතිරි වුණා. බටහිර විිද්‍යාව බටහිර රටවලින් තුරන් වුණත් ලංකාවේ පවතීවි. එහෙත් ථෙරවාදයට මෙන් ම කිසිම ප්‍රදානයක්, එකතු කිරීමක් නැතිව. වෙනත් දැනුම් පද්ධතියක් වෙනින් කොහෙන් හරි ගෙනාවොත් අප එයත් ථෙරවාදයත් බටහිර විද්‍යාවත් එක්ක එකට පිළිගනීවි. එය සිංහල සංස්කෘතියේ ලක්‍ෂණයක්. අප ළඟ තවමත් යක්‍ෂ සිරිත් විරිත් පිළිගැනීමුත් තියෙනවා. මා මෙහෙම කියනවාට මධ්‍යම පංතික උගතුන් කැමති වන එකක් නැහැ.
අරුණ පුවත්පත බදාදා මගේ ලිපිය පළ කිරීම නතර කරලා. එය මහින්ද ඉලේපෙරුම හා දිලිත් ජයවීර ගත් තීරණයක් වෙන්න ඕන. ඔවුන් මගේ ලිපි පළ කිරීම ආරම්භ කෙළේ ජනාධිපතිවරණයට කලින්. එකල මා කියූ දේ දිලිත්ට ගැලපෙන්න ඇති. එහෙත් අද මා පාදෙණිය ගැන අලි සබ්‍රි ගැන කියන දේ ඔහුට නොගැලපෙනවා ඇති. දිලිත්ට මා නැතිව ජීවත් වෙන්න පුළුවන් වගේ ම මටත් ඔහු නැතිව ජීවත් වෙන්න පුළුවන්. දෙරණ අප මතවාදයට කෙදිනකවත් ඉඩක් දුන්නේ නැහැ.
අද දුම් (වාෂ්ප) හට්ටිය ගැන භාවනාව ගැන කියනවා. පාදෙණියට අනුව ඒ ගැන ඔවුන් පර්යේෂණ කරල තියෙනවා. ඒ පර්යේෂණ විස්තර කරන්න පුළුවන් ද? ඒ ගැන පත්‍රිකා පළ කරල තියෙනවා ද? මා එලෙස අහන්නේ බටහිර ඊනියා ශාස්ත්‍රාලියව පිළිගැනෙන්නේ එලෙස නිසා මිස මා ඒ ක්‍රම පිළිගන්නා නිසා නො වෙයි. අනෙක් අතට පාදෙණිය බටහිර වෛද්‍ය සභාව ලවා ඒ අනුමත කරවීමට ගත් පියවර කවරේ ද?
අද බටහිර රෝහල්වල වාෂ්ප හට්ටිය අල්ලන්න දෙන්නෙ නැත්තෙ ඇයි. එය අනිල් ජාසිංහගේ ප්‍රශ්නයක් නො වෙයි. බටහිර වෛද්‍ය සභාවේ බමුණු ආකල්ප නිසා සිදුවන දෙයක්. වාෂ්ප හට්ටිය දේශීය වෙදකමේ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය ගැන වඩා දන්නේ බටහිර වෙදමහත්වරුන් ද දේශීය වෙදමහත්වරුන් ද? දිලිත් වඩාත් තැනක් දෙන්නේ කාට ද? දෙරණට වැඩිය එන්නේ බටහිර වියතුන් ද? දේශීය උගතුන් ද? කොහොමටත් අපේ මිනිසුන් දොස්තර මහත්තුරුත් එහෙම කියනව කියල කියන්න කැමතියි. හාමුදුරුවරුත් බුදුදහම විද්‍යාත්මක කරන එකේ ඒ මොකක් ද?
කොවිඩ් 19 සම්බන්ධයෙන් අපේ තේමා පාඨය විය යුත්තේ බිය නොවෙමු එහෙත් පරෙස්සම් වෙමු යන්නයි. බටහිර වෙදමහත්තුරු කඩිනම් පරික්‍ෂාවක් ගැන කිවුවා. Polymerase chain reaction හෙවත් පීසීආර් (මෙයට සිංහල නම බහුඅවයවහරණ දාම ප්‍රතික්‍රියාව ද?) පරීක්‍ෂාව මදි බව තමයි ඔවුන් කිවුවෙ. ඔවුන් සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කළා ඊනියා කඩිනම් පරීක්‍ෂා ගැන කඩිනම් තීරණයක් ගන්නෙ නැහැ කියා. අද බොහෝ දෙනා එකඟ වෙලා තියෙනවා පීසීආර් හොඳයි කියලා. ප්‍රතිදේහ සෑදීමට දින දහයක් පමණ කල් ගත වන බවත් ඔය කඩිනම් පරීක්‍ෂාව ප්‍රතිදේහ ගැන බවත් පීසීආර් ජාන සම්බන්ධයෙන් බවත් කියනවා. දැන් පාදෙණිය කියන්නේ ඔවුන් අහවල් පරීක්‍ෂාවක් ගැන නොකී බවත් ඔවුන්ට අවශ්‍ය වූයේ මොකක් හරි හොඳ පරීක්‍ෂාවක් ගැන කඩිනම් තීරණයක් ගැනීමට බවත්. මේ නම් හොඳ දේශපාලනඥයකුගෙ ලක්‍ෂණ. මා මේ බටහිර වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් යමක් කියනවා නො වෙයි.
මේ අතර සාජාහි පාලකයා කියා තියෙන්නෙ භූමදානය එපා කියා. ඔහු මුස්ලිම් බැතිමතෙක්. මේ සබැඳිවලට යන්න.
අලි සබ්‍රි ඒ ගැන මොකද කියන්නෙ. පසුව මෙරට සාජා තානාපති කාර්යාලය පැහැදිලි අදහසක් නොදෙන ප්‍රකාශයක් නිකුත් කෙළේ කාගේ අවශ්‍යතාවට ද? ඇතැම් මුස්ලිම් බැතිමතුන් කියනවාලු ආදාහනය කරන විට රිදෙනවා කියා. එසේ නම් කළ යුත්තේ ආදාහන කිරීමමයි. රිදෙනවා කියන්නේ මනසට ෙසෙලවලින් යමක් සන්නිවේදනය වන බව. ඒ කියන්නේ ෙසෙල ජීවත්වන බව. භූමදාන කළොත් වෛරසය ඒ ෙසෙලවල ගුණනය වේවි. මෙය මුස්ලිම් බැතිමතුන්ට විරුද්ධව කරන ප්‍රකාශයක් නොවෙයි. සංගත බව පරීක්‍ෂාවක් පමණයි. මුස්ලිම් වියතුන් මෙවැනි සංකීර්ණ සංවේදී ප්‍රශ්න අවුල් කරන්න කටයුතු කළ යුතු නැහැ.
අද කවුරුත් පාහේ කතා කරන පොකුරු (cluster) පැතිරීම හෙවත් ව්‍යාප්තිය ගැනත් යමක් කියන්න ඕන. අද මා කාලයේ පළ කර ඇති ලිපියකට අනුව ඉතාලියේ චීනයේ දකුණු කොරියාවේ පොකුරු පැතිරීම හමුදා කඳවුරු හා පරීක්‍ෂා හා සම්බන්ධයි. කොවිඩ් 19 වෛරසය වැළඳුණු පළමු රෝගියා කවුද?
මේ අර බටහිර විද්‍යාව නගන ප්‍රශ්නය. එය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ලක්‍ෂණයක්. ආරම්භය කොතැන ද? එය ගලා එන්නේ ආදම්ගෙන්. පළමු මිනිසා කවු ද? බටහිර විද්‍යාව ආදම් ගැන වෙනුවට අප්‍රිකාවේ ජීවත් වූ ලුසි ආච්චි ගැන කියනවා. නැහැ බබි ආච්චි නො වෙයි. මිනිසුන් අප්‍රිකාවෙන් පටන් අරන් පැතිරී ගිය බවයි කියන්නෙ.
දැන් ඉතින් පළමු කොවිඩ් රෝගියා, සමහර විට බින්දු රෝගියා (zero patient) කියන්නත් පුළුවන්, සොයමු. එහෙත් එවැනි රෝගියෙක් නැහැ. සමගාමීව තැන් කිහිපයක රෝගීන් හමුවෙලා. මේ තැන්වල හමුදා කඳවුරු තියෙනවා. එහි පර්යේෂණත් කෙරෙන බව පේනවා. මෙය මිනිසුන් තැනූ වෛරසයක් කියා මා කියන්නේ නැහැ. එහෙත් නයි සමග එකතු වී අමනුෂ්‍යයන් කළ වැඩක් බවයි අර සිරීපාද අඩවියෙ හාමුදුරුවො කිවුවෙ. පඬියන් පඬිපෝතකයන් පඬි නැට්ටන් කියාවි මැන්ටලය හොඳට ම සවුත්තු වෙලා විකාර කියවනවා කියවනවා කියල.
ඒත් මට ඊයේ දැන ගන්න ලැබුණා බටහිර රටවල දැන් කොවිඩ් (reptilian) උරග වෛරසයක් ලෙස හඳුනාගන්නා සුළු කණ්ඩායමක් ඉන්නා බව. එය ප්‍රධාන ධාරාවේ නො වෙයි. එහෙත් එවැන්නන් ඉන්න බව අර විද්‍යාඥයොත් එහෙම කියනවා කියන කණ්ඩායමට සහනයක් වෙන්න පුළුවන්.
මා නම් මෙය දකින්නේ අවුරුදු පන්සීයක පමණ මුස්ලිම් ක්‍රිස්තියානි සභ්‍යත්ව ගැටුමක් ලෙසයි. මට හන්ටින්ග්ටන් මතක් වෙනවා. මෙය ධනවාදයෙ දෙවැනි ඉනිමෙ කඩා වැටීමක් ලෙස දකින්නෙ පඬියන්. දෙරණෙ නම් දෙවැනි ඉනිම නවත්තලා. ධනවාදයෙ කඩන් වැටීම කොහොම වෙතත් සෝවියට් සමුහාණ්ඩුවෙ කඩා වැටීම බර්ලින් තාප්පය කඩා වැටීමත් සමග සිදු වුණා.
ඔය පොකුරු කතාව ලංකාවට ඒ විධියට ම හරියන්නෙ නැහැ. අපට ඔය කියන හමුදා කඳවූරුවත් පර්යේෂණාගාරවත් නැහැ. එහෙත් අප පරෙස්සම් විය යුතුයි. සමහර විට වෙනත් ක්‍රමයකට පොකුරු පැතිරීමක් වෙන්න පුළුවන්. අපි බය නොවී සූදානමින් සිටිමු.