Main Logo

Showing posts with label Saja Sultan. Show all posts
Showing posts with label Saja Sultan. Show all posts

Tuesday, 14 April 2020

ජෙනීවා සටහන්කරුවෝ හා බටහිර වෙදමහත්වරු

 සිංහල ලිත් ඉලක්කම් 


ජෙනීවා සටහන්කරුවෝ හා බටහිර වෙදමහත්වරු 



ජෙනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ආගම් හෝ විශ්වාස හෝ නිදහස පිළිබඳ සාකච්චාවල විශේෂ සටහන්කරුවා (rapporteur) යැයි කිව හැකි අහමඩ් ෂහීඩ් නම් අයකු මෙරට ජනාධිපතිට දන්වා ඇත්තේ කොවිඩ් 19 නිසා මිය යන රෝගීන්ගේ දේහ ආදාහනය කිරීමට ගෙන ඇති තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ චක්‍රලේඛවලට පටහැණි බවයි. ෂහීඩ්ට මේ සම්බන්ධ ඕනෑම දෙයක් කීමට ඇති නිදහස අප පිළිගන්නවා. ඔහුට තම අදහස් විවිධ ආකාරයෙන් ලෝකයට දැන්වීමටත් පුළුවන්. 

Wednesday, 8 April 2020

කොවිඩ් (උරග වෛරසය) පැතිරීම හා බටහිර විද්‍යාව

       සිංහල ලිත් ඉලක්කම් 


කොවිඩ් (උරග වෛරසය) පැතිරීම හා බටහිර විද්‍යාව 


ථෙරවාදය ඉන්දියාවෙන්, අවශ්‍ය නම් දඹදිවෙන් හරි භාරතයෙන් හරි, තුරන් වී ගිය පසුත් ලංකාවේ ඉතිරි වුණා. බටහිර විිද්‍යාව බටහිර රටවලින් තුරන් වුණත් ලංකාවේ පවතීවි. එහෙත් ථෙරවාදයට මෙන් ම කිසිම ප්‍රදානයක්, එකතු කිරීමක් නැතිව. වෙනත් දැනුම් පද්ධතියක් වෙනින් කොහෙන් හරි ගෙනාවොත් අප එයත් ථෙරවාදයත් බටහිර විද්‍යාවත් එක්ක එකට පිළිගනීවි. එය සිංහල සංස්කෘතියේ ලක්‍ෂණයක්. අප ළඟ තවමත් යක්‍ෂ සිරිත් විරිත් පිළිගැනීමුත් තියෙනවා. මා මෙහෙම කියනවාට මධ්‍යම පංතික උගතුන් කැමති වන එකක් නැහැ.