ජෙනීවා සටහන්කරුවෝ හා බටහිර වෙදමහත්වරු
ජෙනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ආගම් හෝ විශ්වාස හෝ නිදහස පිළිබඳ සාකච්චාවල විශේෂ සටහන්කරුවා (rapporteur) යැයි කිව හැකි අහමඩ් ෂහීඩ් නම් අයකු මෙරට ජනාධිපතිට දන්වා ඇත්තේ කොවිඩ් 19 නිසා මිය යන රෝගීන්ගේ දේහ ආදාහනය කිරීමට ගෙන ඇති තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ චක්‍රලේඛවලට පටහැණි බවයි. ෂහීඩ්ට මේ සම්බන්ධ ඕනෑම දෙයක් කීමට ඇති නිදහස අප පිළිගන්නවා. ඔහුට තම අදහස් විවිධ ආකාරයෙන් ලෝකයට දැන්වීමටත් පුළුවන්.