Main Logo

Showing posts with label Sensory Perception. Show all posts
Showing posts with label Sensory Perception. Show all posts

Saturday, 28 March 2020

ඊනියා කොවිඩ් දැනුම, ලෙඩ දාගැනීම හා පිස්සුව

     සිංහල ලිත් ඉලක්කම්


ඊනියා කොවිඩ් දැනුම, ලෙඩ දාගැනීම හා පිස්සුව



බටහිර විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව අද අනාථ වෙලා. ඔවුන් (ලංකාවේත් බටහිරත් පොදුවේ) නාථ දෙවියන් විශ්වාස නොකරන නිසා ඔවුන්ට ඒ දෙවියන්ට කියන්නත් බැහැ. නාථ දෙවියන් ගැන කියන්නේ පාදෙණිය පමණයි. ඒ  හේතුවෙන් අද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් දෙකට කැඩිලා. අලුත්ගේ හා නවින් සොයිසා එක පැත්තක. පාදෙණිය තවත් පැත්තක. ඔවුන් එකිනෙකා පරදවන්න ප්‍රකාශ නිකුත් කරනවා. පාදෙණිය සහතිකය නිසාවත් නාථ දෙවියන්ගේ පැත්තෙන් අනෙක් අය ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලෙ පැත්තෙන්. ඒ තොරතුරු ඉදිරිපත් කරන්න බටහිර වෛද්‍යවරයකු වෙන්න ඕන නැහැ. අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. 

Monday, 23 March 2020

කොවිඩ් දෙරණ හා අප

    සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් දෙරණ හා අප 



ඊයේ දෙරණ හොඳ වැඩ සටහන් දෙකක් ප්‍රචාරය කළා. එකක් රාජ්‍ය බුද්ධි සේවයේ වග කිව යුතු නිලධාරියකු සමග කළ සාකච්ඡාවක්. අනෙක දකුණු පළාතේ ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනකු සහ වෛද්‍යවරියක සමග කරන ලද සාකච්ඡාවක්. පළමු වැඩ සටන ගැන කියන්න දෙයක් නැහැ. එය උසස් මට්ටමක තිබුණා. ඉන් පැහැදිලි වූ කරුණ නම් කොවිඩ් 19 පරාද කරන්න පුළුවන් බවත් එහි දී වෛද්‍යවරුන්ට පමණක් ඒ වැඩේ බාර දී ඉන්න බැරි බවත්. 

Friday, 10 January 2020

බුදුසසුනට ගැරහීම

    සිංහල ලිත් ඉලක්කම්

බුදුසසුනට ගැරහීම

ක්‍රිස්තියානි/කතෝලික රටවල ඒ ආගම් ඇදහූ අයගේ දරුවන් ඉන්නවා ඒ ආගම් විශ්වාස නොකරන. ඒ හුදෙක් තර්කය හා ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි (අද්දැකීම්) මත පදනම් වෙලා. එහි දී ඔවුන්ට බලපාන්නෙ බටහිර විද්‍යාව. බටහිර විද්‍යාවට අර්නස්ට් මාක් කරපු බලපෑමෙන් ඔවුන් තවමත් එක්තරා ප්‍රමාණයකට බැඳිලා. එහෙත් බටහිර විද්‍යාව දැන් මාක්ගෙන් බොහෝ ඈතට ගොස් ඇති බව ඔවුන් නොදන්නවා පාටයි.