Main Logo

Showing posts with label Nivana. Show all posts
Showing posts with label Nivana. Show all posts

Thursday, 30 July 2020

කාට කියන්න ද?

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




කාට කියන්න ද? 

මා විශ්වවේදය තරමක් දුරට හදාරා තියෙනවා. එහි මහා පිපුරුම කියා සංසිද්ධියක් ගැන කියන කතන්දරයක් තියෙනවා. මා විද්‍යාඥයකු නම් නොවෙයි. විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරිව ආපසු කෙනෙක්. මගේ සීමිත දැනුම අනුව මහා පිපිරුම කතන්දරය අසංගතයි. එය සංගත කිරීම සඳහා පසු කලෙක උද්ධමනය (ආර්ථිකයේ කතා කරන උද්ධමනය නොවෙයි. එහෙත් ඉන් කියැවෙන්නේත් එවැනි දෙයක්. විශ්වය මහා පිපිරුමට සුළු කාලයකින් පසුව ඇති වූ විශාල ත්වරණයකින් ප්‍රසාරණය වීම) වගේ සංකල්ප නිපදවන්න වුණා. එහෙත් උද්ධමනය ඇති වන්නේ කොහොමද කියන එකට හරි හමන් කතන්දරයක් නැහැ. මා මහාපිපිරුම විශ්වාස කරන්නේ නැහැ. එය පට්ට ම පට්ට පල් බොරුවක්. 

Friday, 3 July 2020

හෙළටුවා හා වෙනත් අටුවා

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0   1   2     3        5   6   7   8    9



හෙළටුවා හා වෙනත් අටුවා

උතුරු මියන්මාරයේ පතලක නාය යාමකින් එකසිය විසිපස් දෙනකුට  වැඩි පිරිසක් මිය ගිහින්. තවත් පිරිසක් අතුරුදහන් වෙලා. වැඩි පිරිසක් මැණික් කැටයක් අහුලා ගෙන කීයක් හරි හොයා ගන්න එන පිරිස්. ඒ සියලු දෙනා වෙනුවෙනුත් සිදු වූ විපත ගැනත් අප කණගාටුව පළ කරනවා. 

Friday, 5 June 2020

මිහිඳු හිමියන් දේවානම්පිය තිස්ස හා චතුස්කෝටිකය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





මිහිඳු හිමියන් දේවානම්පිය තිස්ස හා චතුස්කෝටිකය 


අප බොහෝ දෙනකු තමන් ඉගෙන ගත් විෂයට විෂයවලට ලැදියි. ඒ ගැන වරදක් කියනවාටවත් කැමති නැහැ. තමන් ඉගෙන ගත් විෂයෙන් හරි විෂයවලින් හරි කැඩිල එන එක බොහෝ දෙනකුට හිතා ගන්නවත් බැහැ. එහෙත් බෞද්ධයනට නම් එය ගැටළුවක් වෙන්න අමාරුයි. අවසානයේ නිවන සම්මාබෝධියේ දී සියළු දැනුම් අත්හරින්න ඕන. සියළු දැනුම් අප අනිත්‍ය දුක්ඛ (අයහපත් හිස් බව) අනාත්ම අනවබෝධය, අපේ අවිද්‍යාව, නිසා සංස්කරණය කර ගන්නා දේ. ඒ සංස්කරණය ඒ ඒ අයගේ මනසට ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්‍ෂයි. එමෙන් ම ඒ ඒ අයගේ චින්තනය මත පදනම් වෙනවා. 

Saturday, 28 March 2020

ඊනියා කොවිඩ් දැනුම, ලෙඩ දාගැනීම හා පිස්සුව

     සිංහල ලිත් ඉලක්කම්


ඊනියා කොවිඩ් දැනුම, ලෙඩ දාගැනීම හා පිස්සුව



බටහිර විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව අද අනාථ වෙලා. ඔවුන් (ලංකාවේත් බටහිරත් පොදුවේ) නාථ දෙවියන් විශ්වාස නොකරන නිසා ඔවුන්ට ඒ දෙවියන්ට කියන්නත් බැහැ. නාථ දෙවියන් ගැන කියන්නේ පාදෙණිය පමණයි. ඒ  හේතුවෙන් අද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් දෙකට කැඩිලා. අලුත්ගේ හා නවින් සොයිසා එක පැත්තක. පාදෙණිය තවත් පැත්තක. ඔවුන් එකිනෙකා පරදවන්න ප්‍රකාශ නිකුත් කරනවා. පාදෙණිය සහතිකය නිසාවත් නාථ දෙවියන්ගේ පැත්තෙන් අනෙක් අය ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලෙ පැත්තෙන්. ඒ තොරතුරු ඉදිරිපත් කරන්න බටහිර වෛද්‍යවරයකු වෙන්න ඕන නැහැ. අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. 

Thursday, 14 November 2019

බොරු සහ පට්ටපල් බොරු

      සිංහල ලිත් ඉලක්කම් 


බොරු සහ පට්ටපල් බොරු 




දැන් නොනගත කාලයයි. දේශපාලනය ගැන ලියන එක හරි නැහැ. මැතිවරණ නීතිය පැහැදිලි නැති වුවත් අවශ්‍ය නම් නීතියේ කණෙන් රිංගලා යන්න පුළුවන් වුනත් ජනාධිපතිවරණය ගැන ලියන්න අවශ්‍ය යැයි කියල හිතෙන්නෙ නැහැ. ඊනියා උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ට සමහර විට තවමත් හිත හදාගන්න බැරි වෙලා ඇති. අද ජනමාධ්‍ය වැඩ කරන්නෙත් මේ තරුණ තරුණියන්ට බයෙන්. ඔවුන්ගෙ ඡන්දෙ දිනා ගන්න ඕන ය කියලා සමහර ජනමාධ්‍ය යම් යම් දේ ප්‍රචාරය කරන්නෙ නැහැ. තරුණ තරුණියන් මා ගැන දන්නෙ නැහැ. දන්න අය දන්නෙ මිථ්‍යා මතධාරියකු ලෙස. ඒ නිසාත් ජනමාධ්‍ය මට තැනක් දෙන්නෙ නැහැ. 

Sunday, 20 October 2019

නික්ම යෑමට පෙර

 සිංහල ලිත් ඉලක්කම්

නික්ම යෑමට පෙර


අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක මිනිහෙක් උපන්නා. ඒ මම. බොහෝ දෙනා මගේ නරක ගතිගුණ දන්නවා. ඒත් ඔවුන් දන්නේ ටිකයි. මගේ නරක ගතිගුණවලට දෙම්ව්පියන් වග කිවයුතු නැහැ. ඔවුන් අප හදා වඩා ගන්න බොහෝම දුක් වින්දා. සිංහල ගුරුවරුන් වූ ඔවුන්ට ලොකු වැටුපක් ලැබුණේ නැහැ. දරුවන් අට දෙනකු ලොකු මහත් කරන එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. මගේ දෙමව්පියන්ට අවශ්‍ය වුණේ මා විශේෂඥ වෛද්‍යවරයකු කරන්න. මා එයට අකමැති වූ විට ඔවුන්ට මා ඉංජිනේරුවකු කිරීමට අවශ්‍ය වුණා. මා එයටත් කැමති වුණේ නැහැ. එවිට ඔවුන් මා පරිපාලන සේවයට (එකල සිවිල් සේවය) බැඳේවි යැයි සිතුවා. එහෙත් මට එයත් අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු හා විද්‍යාඥයකු වීමට. ඒ අවුරුදු පහළොවේ සිට මගේ කැමැත්ත. එහෙත් එය ඉටු කර ගන්න මට බෑරි වුණා. කථිකාචාර්යවරයකු නම් වුණා. ඒත් එක් වතාවක අවුරුදු දෙකකුත් දෙවැනි වතාවේ අවුරුදු දහයකුත් මට ඒ රැකියාව අහිමි වුණා. විද්‍යාඥයකු වීමට මට බැරි බව තේරුම් ගත්තා. ඒක ලොකු දෙයක්.

Friday, 4 October 2019

ගිරවා දමන සභ්‍යත්ව කුණුහරුප

      සිංහල ලිත් ඉලක්කම් 


ගිරවා දමන සභ්‍යත්ව කුණුහරුප




අද රට ම ඇත්තෙ මහා අවුලක. එයට ප්‍රධාන ම හේතු ව සිංහලයන්. එහෙම කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් සිංහලයන්ගෙ කොන්ද බිඳලා තියෙන්නෙ. ඒ ඉංගිරිසින් විසින්. ඔවුන්ගෙ අධ්‍යාපනයෙන්. ජාතික ව්‍යාපාරයෙන් ඈත් කරනු ලැබ සිටි මා පසුගිය දින කිහිපයක සිට නැවතත් එහි ක්‍රියා කරන්න පටන් ගත්තා. ඒ බෙංගමුවෙ නාලක අනුනායක හිමියන්ගෙ ආරාධනයෙන්. උන්වහන්සේ තමන් වහන්සේගෙ නිකාය පාර්ශ්වයෙහි අනුනායක හිමි නමක් බවත් මා දැන ගත්තෙ පසුගිය දා.  

Monday, 6 May 2019

බුර්කාව නූතනත්වය හා පශ්චාත්නූතනත්වය


බුර්කාව නූතනත්වය හා පශ්චාත්නූතනත්වය


ටික කාලෙකට ඉස්සර, මට හරියට ම මතක නැහැ නිච්චියට ම කියන්න, කිහිප දෙනෙක් අපේ ගෙදර ආවා. ඒ ආවා ගියා නම් නො වෙයි. එක එක දිනක් පමණක් ආවා. ඔවුන් හිතන් හිටියෙ මා සිංහල බෞද්ධ විරෝධී දේ කියනවා කියා. අඩුම තරමෙන් ථෙරවාදයට විරුද්ධ දේ කියනවා කියා. ඔවුන් හිතුවෙ මා ඊනියා පශ්චාත්නූතනවාදියෙක් කියලා. එක් අයකු එක්සත් රාජ්‍යවලට ගොස් මෙරට පුවත්පතකට ලිපියක් ලියා කියා සිටියේ ඔහු එහි ඉගෙන ගත් දේ මුලින් ම දැන ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙදි  මගෙන් කියා. ඒ දවස්වල කාලය සඟරාවට ලිපි සැපයුවන් අතර සිංහල බෞද්ධ විරොධීන් ද සිටියා. මගේ ඇතැම් පොත්වලට පිටකවර ඇන්දේත් කාලය සඟරාවට චිත්‍ර ඇන්දේත් පසුව ලක්මිණ පුවත්පතට චිත්‍ර ඇන්දේත් වත්මන් පුවත්පත් කතුවරයෙක්. එදා ලක්මිණට ලිපි ලියුවන් අතර පසුව මන්ත්‍රීවරුන් ඇමතිවරුන් බවට පත් වූවන් සිටියා. එහෙත් ඔවුන් කල් යන විට තේරුම් ගත්තා මා කියන්නේ ඔවුන්ට අවශ්‍ය දේ නොවන බව.

Saturday, 20 April 2019

බුදුහාමුදුරුවො නාගදීපයට වැඩියෙ කවද ද?

බුදුහාමුදුරුවො නාගදීපයට වැඩියෙ කවද ද?

අප යමක් විශ්වාස කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරක් සපයන්න මා මේ ලිපියෙන් අදහස් කරන්නේ නැහැ. එය සංස්කෘතික ආර්ථික දේශපාලනික වැඩක්. එය ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්. විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. අප යමක් විශ්වාස කරන්නේ අප සමාජයේ විශ්වාස කරන යම් පිරිසක් යම් කරුණක් විශ්වාස කරන බැවින් වීම ප්‍රධාන සාධකයක්. එහි චක්‍රීය බවක් තියෙනවා. එහෙත් එය චක්‍රිය චින්තනය පිළිබඳ නිර්වචනයක් නොවෙයි. තේරෙන්නේ නැත්තන් සෙන් බුදුදහමේ කියමන් ටිකක් කියවන්න.  සෙන් බුදුදහමේ වචනයෙන් කියන්න බැරි දේ වචනයෙන් කියන්න හදනවා. මුළු බුදුහමේ ම කරන්න හදන්නේ වචනයෙන් කියන්න බැරි දේ වචනයෙන් කීමටයි. බුදුදහම සහ සියළු දැනුම් පද්ධතීන් අතර වෙනස එයයි. බුදුදහම දැනුම් පද්ධතියක් නො වෙයි. එහෙත් එය දැනුම් පද්ධතියක් ලෙස ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒක තමයි මා බුදුහාමුදුරුවන්ගෙ ප්‍රශ්නය කියල කියන්නෙ. අද සමහරු නිවනත් වචනයෙන් කියන්න පුළුවන් කියනව. ඒ ගැන ආචාර්ය උපාධිත් ගන්නවා. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට යටවෙලා.    අපි පසුව ඉඩ ලැබෙන පරිදි මේ සියල්ල ගැන කතා කරමු. ඉඩ ලැබෙන පරිදි යන්නට මාරයා දෙන ඉඩත් ඇතුළත් වෙනවා. 

Friday, 10 August 2018

විවිධ බමුණන්ගේ කිං සච්ච ගවේසි

විවිධ බමුණන්ගේ කිං සච්ච ගවේසි

ලංකාවේ නිරාගාමිකයන්ට නම් මූලික ව ඇත්තේ බෞද්ධ විරෝධයක්. ඔවුන්ට අනුව බුදුදහම තවත් දැනුමක් පමණයි. බුද්ධාගම පදනම් වන්නේ බුදුදහම මත. බුදුදහමත් විවිධ ආකාරයෙන් අර්ථකථනය කෙරිලා තියෙනවා. එවිට බුද්ධාගම් ගැන කියන්න තියෙන්නෙ විවිධ බුද්ධාගම් තියෙන බව. මෙරට ගිහි බෞද්ධ උගතුන් ද විවිධ දේ බුදුදහම ගැන කියා තියෙනවා.  මා ඔවුන් තරම් බුදුදහම (දහම්) අධ්‍යයනය කර නැහැ. ඒත් මට ඒ ගැන යම් අවබෝධයක් තියෙනවා. මගේ බුදුදහම ඒ සියල්ලන්ගේ බුදුදහම්වලට වෙනස්. මා තරමක්වත් එකඟ වන්නේ ඩේවිඩ් කළුපහන බුදුදහම ගැන කියා ඇති දේ සමගයි. ඒත් මා ඔහුගේ ආනුභාවික හා අනිර්වචනීය කතා සමග එකඟ වන්නේ නැහැ.

Tuesday, 5 September 2017

දහම ආගම හා සංස්කෘතිය 3


දහම ආගම හා සංස්කෘතිය 3



අප නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්නේ ඇයි? නිවන යනු තවත් අදහසක් පමණ ද? එය ඊනියා වාස්තවික යථාර්ථය වැන්නක් ද? වාස්තවික යථාර්ථය යනු පවත්නා දෙයක් යැයි බොහෝ අය කියනවා. ඒ පවත්නා දෙය තේරුම් ගැනීමට දැනුම අවශ්‍ය බව කියනවා. ඒ වාක්‍යය එතරම් නිරවුල් නැහැ. දැනුම යනු කුමක් ද? ඊනියා දැනුම ඊනියා මිථ්‍යාවෙන් වෙනස් වන්නේ කෙසේ ද? ඊනියා වාස්තවික යථාර්ථයක් ඇත්නම් දැනුම යනු අන් කිසිවක් නොව ඒ වාස්තවික යථාර්ථය දැන ගැනීමයි. බටහිරයන්ට අනුව බටහිර විද්‍යාව මේ යථාර්ථය දැන ගැනීමට ඇති මගයි. බටහිර විද්‍යාව යථාර්ථය නොවූවත් යථාර්ථයට ළඟා වෙමින් පවතින්නේ යැයි ඔවුන්ගෙන් සමහරකු කියනවා.

Tuesday, 22 August 2017

දැනුම හා යථාර්ථය


දැනුම හා යථාර්ථය



මා බොහෝ කලක සිට තේරුම් ගැනීමට උත්සාහ කර ඇත්තේ දැනුම යනු කුමක් ද යන්න දැන ගැනීමට. එය කෙළවර වන්නේ නැහැ. මා දැනට හිතන අයුරින් ඒ කෙළවර වන්නේ නොදැනුමෙන්. නිවන් අවබෝධයෙන්. එහෙත් මට ඒ සඳහා කල්ප ලක්‍ෂ ගණනක් සසරේ සැරිසැරීමට සිදු වේවි. මේ විෂය දර්ශනයෙහි හඳුන්වන්නේ ඥානවිභාගය නමින්. මා බටහිරවත් පෙරදිගවත් දර්ශනය හදාරා නැහැ. මා දාර්ශනිකයකුවත් චින්තකයකුවත් නො වෙයි. ඒ නිසා ඇතැමුන් කියන ආකාරයට පුහු චින්තකයකු වන්නේත් නැහැ.