Main Logo

Showing posts with label Ven Nalaka Himi. Show all posts
Showing posts with label Ven Nalaka Himi. Show all posts

Friday, 4 October 2019

ගිරවා දමන සභ්‍යත්ව කුණුහරුප

      සිංහල ලිත් ඉලක්කම් 


ගිරවා දමන සභ්‍යත්ව කුණුහරුප




අද රට ම ඇත්තෙ මහා අවුලක. එයට ප්‍රධාන ම හේතු ව සිංහලයන්. එහෙම කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් සිංහලයන්ගෙ කොන්ද බිඳලා තියෙන්නෙ. ඒ ඉංගිරිසින් විසින්. ඔවුන්ගෙ අධ්‍යාපනයෙන්. ජාතික ව්‍යාපාරයෙන් ඈත් කරනු ලැබ සිටි මා පසුගිය දින කිහිපයක සිට නැවතත් එහි ක්‍රියා කරන්න පටන් ගත්තා. ඒ බෙංගමුවෙ නාලක අනුනායක හිමියන්ගෙ ආරාධනයෙන්. උන්වහන්සේ තමන් වහන්සේගෙ නිකාය පාර්ශ්වයෙහි අනුනායක හිමි නමක් බවත් මා දැන ගත්තෙ පසුගිය දා.  

Monday, 8 April 2019

මානව අයිතිවාසිකම්, රාජ්‍ය අයිතිවාසිකම් හා වීසා

මානව අයිතිවාසිකම්, රාජ්‍ය අයිතිවාසිකම් හා වීසා

කලකට පෙර පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ ජාතික හිමිකම් සුරූකීමේ සංවිධානය නමින් එකමුතුවක් සෑදුවා. එහෙත් එයට ජනමාධ්‍යයෙන් කිසිම ප්‍රචාරයක් ලැබුණේ නැහැ. උන්වහන්සේ ජනමාධ්‍යවේදීන්ගේ වීරයෙකු නො වෙයි. ජනමාධ්‍යවේදීන්ගේ වීරයකු සුරතලකු වෙන එක ලෙහෙසු පහසු කටයුත්තක් නො වෙයි. උන්වහන්සේට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ ජනමාධ්‍යවලට ආකර්ෂණයක් ඇති සංවිධානයක මාධ්‍ය සාකච්ඡාවකට හරි රැස්වීමකට හරි සහභාගි වුණොත් පමණයි. ඒ කොහොම වුණත් රාජ්‍ය අයිතිවාසිකම් බටහිරයන්ගෙන් ආරක්‍ෂා කර ගන්න අප කටයුතු කරන්න ඕන. බටහිරයන් අපේ රාජ්‍ය අයිතිවාසිකම්, ස්වෛරීභාවය, නැති කරන්නෙ ඊනියා මානව අයිතිවාසිකම් සංකල්පය ඔවුන්ට ඕන විධියට යොදා ගනිමින්. 

Wednesday, 2 January 2019

චන්ද්‍රිකාගේ වෛරය


චන්ද්‍රිකාගේ වෛරය



මා කියන්නේ නැහැ චන්ද්‍රිකා රනිල්ට වඩා ප්‍රතිපත්ති ගරුකයි කියලා. ඒ වුණත් චන්ද්‍රිකා නව ව්‍යවස්ථාවක් ගේන්න හරි දාසනායකගෙ පෙරමුණෙ විස්ස සංශෝධනය කරන්න හරි රනිල්ට සහාය දෙනවා. රනිල් චන්ද්‍රිකාගෙ පැකේජයට එහෙම සහාය දුන්නෙ නැහැ. ජී එල් නම් චන්ද්‍රිකාට සහාය දුන්නා. ජී එලුත් මංගලත් තවත් අයත් සුදු නෙළුම් අරගෙන අවලම් තවලම් ගියා. ඔවුන්ගෙන් සමහරකු තවම ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයන් හා මන්ත්‍රීවරුන්. තවත් සමහරු පොහොට්ටුවේ. ජී එල් හා කෙහෙළිය සමගාමී ලැයිස්තුව අස්කර ගන්නම් කියලා මහින්දලා වෙනුවෙන් ලිපියක් දීල තාම වැඩිකලක් නැහැ. 

Saturday, 1 September 2018

භික්‍ෂු දඩයම හා රණවිරු දඩයම


භික්‍ෂු දඩයම හා රණවිරු දඩයම



පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ සහ තවත් භික්‍ෂූන් වහන්සේ හතරනමක් අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝගයක් කරලා. මේ හාමුදුරුවරුන් හතරනමට පොදු දේපොළවලට හානි කළා ය යන චෝදනාවක් යටතේ නඩු පවරලා තිබුණා. මෑතක දි දැනගත් අයුතු ජනරාශියත් චෝදනාවක්. මේ හාමුදුරුවරුන් එක් දිනක උසාවියට වැඩම කර ඇත්තේ රණවිරුවන් සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන්. එහි දී තමයි අයුතු ජනරාශිය පොදු දේපොළවලට හානි සිදු වී යැයි කියන කතා ඇති වී තියෙන්නේ.