මානව අයිතිවාසිකම්, රාජ්‍ය අයිතිවාසිකම් හා වීසා
කලකට පෙර පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ ජාතික හිමිකම් සුරූකීමේ සංවිධානය නමින් එකමුතුවක් සෑදුවා. එහෙත් එයට ජනමාධ්‍යයෙන් කිසිම ප්‍රචාරයක් ලැබුණේ නැහැ. උන්වහන්සේ ජනමාධ්‍යවේදීන්ගේ වීරයෙකු නො වෙයි. ජනමාධ්‍යවේදීන්ගේ වීරයකු සුරතලකු වෙන එක ලෙහෙසු පහසු කටයුත්තක් නො වෙයි. උන්වහන්සේට ප්‍රසිද්ධියක් ලැබෙන්නේ ජනමාධ්‍යවලට ආකර්ෂණයක් ඇති සංවිධානයක මාධ්‍ය සාකච්ඡාවකට හරි රැස්වීමකට හරි සහභාගි වුණොත් පමණයි. ඒ කොහොම වුණත් රාජ්‍ය අයිතිවාසිකම් බටහිරයන්ගෙන් ආරක්‍ෂා කර ගන්න අප කටයුතු කරන්න ඕන. බටහිරයන් අපේ රාජ්‍ය අයිතිවාසිකම්, ස්වෛරීභාවය, නැති කරන්නෙ ඊනියා මානව අයිතිවාසිකම් සංකල්පය ඔවුන්ට ඕන විධියට යොදා ගනිමින්.