Main Logo

Showing posts with label Removal of Ranil. Show all posts
Showing posts with label Removal of Ranil. Show all posts

Sunday, 26 May 2019

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය



රනිල් තරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ව වැඩ කරන අයකු මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉඳල නැති බව රනිල් හැරෙන්න අනෙක් අය පිළිගනු ඇති බව හිතනවා. අද එසේ නොකියන එ ජා පාක්‍ෂිකයන් පවා රනිල් අගමැති ධුරයෙන් ඉවත් කෙරුණු දිනයක එසේ කින බවට සැකයක් තියෙන්න බැහැ. ඔහු අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති ධුරය ආදී ආයතන එකක්වත් සත පහකට ගණන් ගන්නේ නැහැ.

Monday, 17 December 2018

රට විකුණන රට බෙදන ප්‍රෝඩාතන්ත්‍රවාදියා ගෙදර ම යවමු


රට විකුණන රට බෙදන ප්‍රෝඩාතන්ත්‍රවාදියා ගෙදර  යවමු



රනිල් පස්වැනි වතාවටත් අගමැති වෙලා. ඒක ලෝක වාර්තාවක්ලු. අපට තවත් ලෝක වාර්තාවක් පිහිටුවන්න පුළුවන්. ඒ රනිල් පස්වැනි වතාවටත් අගමැති කමෙන් ඉවත් කරලා. ඒත් මේ ගමන ඉවත් කරන්නෙ හයවැනි වතාවකට අගමැති වෙන්න එහෙම නම් නො වෙයි.  රනිල් දිවුරුම් දුන්නට පස්සෙ හොඳ කතා දෙකක් කෙරිල. එකක් කොළඹ ජනාධිපති කාර්යාලයෙදි. අනෙක තංගල්ලෙදි. කොළඹ කතාවෙ දී ජනාධිපති සිරිසේන රනිල් ඉස්සරහින් තියාගෙන රනිල්ගෙ ප්‍රෝඩාතන්ත්‍රවාදය, රට බෙදීම හා රට විකිණීම ගැන කියලා. රනිල් මොනව කියන්න ද? ඒත් දෙරණෙ චතුර නම් කීවෙ රනිල් පරිණත ව හිතන්න ඇතිලු ඒ චෝදනා ජනාධිපති ම ගන්න කියලා. දෙරණ හිරු ආදී නාළිකා පළමුවෙන් බලන්නෙ රට ගැන නොවෙයි තමන්ගෙ පැවැත්ම ගැන.

Monday, 3 December 2018

මුල අමතක නොකරමු


මුල අමතක නොකරමු



අද කෙරී ඇත්තේ මොකක් ද කියන එක දැන් බොහෝ දෙනාට අමතක වෙලා. හැමෝ ම වගේ කටින් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදීන් වෙලා. අපට සිහිවන්නේ කපුරුහාමිලා. අප කිසි විටෙකත් මුල අමතක කරන්න හොඳ නැහැ. මේ මුල කියන්නේ රේඛීය චින්තනයේ දැක්වෙන ඊනියා ආරම්භය නො වෙයි. අද ප්‍රශ්නයේ මුල ව්‍යවස්ථාවවත් ප්‍රජාතන්ත්‍රවාදයවත් නොවෙයි රනිල්ගෙන් රට ආරක්‍ෂා කිරීම. තව අවුරුදු එකහමාරක් හිටිය නම් මහින්දට තුනෙන් දෙකක බහුතරයක් ලැබුණත් වැඩක් නැහැ. ඒ වන විට රටෙන් කොටසක් විකුණලා, ඉතිරි කොටස දෙමළ ජාතිවාදීන්ට දීල. ඇතැම් වෙබ් අඩවි ව්‍යාජ ශීර්ෂ පාඨ යොදා පාඨකයන් මුළා කර මුදල් උපයනවා.

Tuesday, 6 November 2018

කතානායක යනු රනිල්ගේ ස්පීකරයක් නො වේ


කතානායක යනු රනිල්ගේ ස්පීකරයක් නො වේ



ඊයේ පැවති ජනමහිමය රැළියේ දී ජනාධිපති කළ කතාවෙන් පැහැදිලි වුණා අද රටේ ඇත්තේ දේශීයත්වය හා විදේශීයත්වය, දේශීය සංස්කෘතිය හා විදේශීය සංස්කෘතිය, මෙරට ස්වෛරිභාවය හා යටත්විජිතවාදය, ජාතිකත්වය විජාතිකත්වය, දේශීය සම්පත් රැක ගැනීම හා විකිණීම  සහ තවත් එවැනි දේ අතර ඇති සටනක් බව. අප හැමදාමත් කී පරිදි රනිල් වික්‍රමසිංහ මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය. ඔහු මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ නියෝජිතයා නො වෙයි. ඔහු මෙරට ජීවත් වන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ. ඔහු මෙරට ඉතිහාසය බටහිර ඇසකින් හදාරා ඇති. ඒ මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසකාරයන් අතිමහත් බහුතරය හදාරා ඇති ආකාරයට. ඔහු 1505 පෘතුගීසීන් මෙරටට පැමිණීමේ පන්සිය වසර සැමරීමට උත්සාහ ගත් තැනැත්තා.

Sunday, 4 November 2018

රනිල් ඉවත් කිරීම ගැන වචනයක්


රනිල් ඉවත් කිරීම ගැන වචනයක්



කිහිප දෙනකු ව්‍යවස්ථාවේ ඇති වගන්ති කිහිපයක් පිළිබඳ ප්‍රශ්න කර තිබෙනවා. ඒ ගැන උනන්දුවක් දැක්වීම හොඳයි. කිසිම දෙයක් විශේෂඥයන්ට පමණක් භාර දී පැත්තකට විය යුතු නැහැ. යුද්ධය ජෙනරාල්ලාට පමණක් භාර නොදිය යුතු යැයි බටහිර කතාවක් තියෙනවා.  නීතියත් එසේමයි. එය නීතිඥයන්ට පමණක් භාර දෙන්න හොඳ නැහැ. පැරණි සිංහලයන් බොහෝ දේ දැනගෙන හිටියා. අපේ සමාජය වෙනත් බොහෝ සමාජවලට වඩා සමජාතීයයි. එහි ඕනෑම ක්‍ෂෙත්‍රයක ඉහළ ම අය හා පහළ ම අය අතර විශාල පරතරයක් නැහැ. යටත්විජිත සමයෙහි විශාල පරතරයක් ඇති කරන්න උත්සාහයක් ගත්තා. අද එය ක්‍රමයෙන් කැඩී යනවා.

Saturday, 3 November 2018

නටපු තොවිළෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

නටපු තොවිළෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

සිකුරාදා ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවට පාරම් බෑ රාජිත චම්පක ආදීන් කතානායක සමග රැස්වීමක් තියලා මහින්ද පත් කරගත් විධිය වැරදියි කියලා. අදාළ යෝජනාවට ජ වි පෙ හා දෙමළ ජාතික සංධානයෙ ආපු නාපු සියල්ලන් එකතු කර ගත් විට 118ක් ලැබෙනවා. එහෙත් එයිනුත් දෙමළ ජාතික සංධානයෙ වියලේන්දිරන් නියෝජ්‍ය ඇමති ධුරයක් ලබා ගෙන. දැන් එතකොට තියෙන්නෙ 117යි. ඔය 117 දෙනාත් ආණ්ඩුවක් පිහිටුවන්න එකඟ වෙලා නැහැ. එකඟ වුණත් මරණාධාර සමිති පිහිටුවනවා වගේ ආණ්ඩු පිහිටුවන්න බැහැ. ආණ්ඩු පිහිටුවන එක ජනාධිපතිගෙ වැඩක් මිස කතානායකගෙවත් වෙනත් කාගෙවක්වත් වැඩක් නො වෙයි. චම්පකගෙයි රාජිතගෙයි අනෙක් අයගෙයි ඊනියා ජාතික ආණ්ඩුව පුස්සක් වෙලා.

Friday, 2 November 2018

රනිල්ගේ ගමන් මග අවසන් ද?

රනිල්ගේ ගමන් මග අවසන් ද?

මා කලකට පෙර කියා සිටියා අයවැයෙන් රනිල්ගේ ආණ්ඩුව පරාද කරන එක අමාරුයි කියා. එයට හේතුව බලයේ ඉන්න ආණ්ඩුවකට විරුද්ධ ව මන්ත්‍රීවරුන් ඡන්දය දීමට මැළි නිසා. ඒ නිසා ම තමයි මා කියා සිටියේ ජනාධිපති ලවා ම රනිල් ඉවත් කළ යුතු ය කියා. එසේ කර හදන ආණ්ඩුවකට මන්ත්‍රීවරුන් එකතු වේ ය කියාත් මා කිවුවා.

Tuesday, 30 October 2018

අගමැති ඇමති ගන්ධබ්බයෝ

අගමැති ඇමති ගන්ධබ්බයෝ


රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යොදා ගත් අනුව්‍යවස්ථා පැහැදිලිව ප්‍රකාශ කළ යුත්තේ එක් එක් අය විවිධ අනුව්‍යවස්ථා ගෙන හැර දක්වමින් ප්‍රශ්නය අවුල් කරන නිසා. මෙහි දී බලපාන ප්‍රධාන අනුව්‍යවස්ථා වන්නේ 42(4) හා 43(3) යි. 42(4) අනුව ජනාධිපතිවරයාට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයේ ඇති මන්ත්‍රිවරයා අගමැති ලෙස පත් කළ හැකියි. එහි දී පාර්ලිමේන්තුවේ මතය විමසීම අවශ්‍ය නැහැ. අගමැති පත් කෙරෙන්නේ ජනාධිපති විසින් මිස පාර්ලිමේන්තුව විසින් නොවන බව 42(4)න් පැහැදිලි වෙනවා. මෙහි දී වැදගත් වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව හා විශ්වාසය යන වචනයි. මේ දහනවැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර මෙන් ම පසවද ඇති තත්වයි. 2015 ජනවාරි 9 වැනි දා රනිල් අගමැති ලෙස පත්කෙරුණේ ද 2018 ඔක්තෝම්බර් 26 වැනි දින මහින්ද අගමැති ලෙස පත්කෙරුණේ ද මේ ප්‍රතිපාදන යොදා ගනිමින්. එදා මෙන් ම අදත් ඒ පත්කිරීම් ව්‍යවස්ථාවට එකඟයි. මෙහි දී සිටින අගමැති අස් කර පසුව වෙනත් අගමැතිවරයකු පත් කළ  යුතු බවක් කියැවෙන්නේ නැහැ.

Monday, 29 October 2018

ජනාධිපති කතාවෙන් කියැවුණු දේ


ජනාධිපති කතාවෙන් කියැවුණු දේ



මෛත්‍රිපාල ජාතිය ඇමතුවෙ ජනාධිපති ලෙස. ඒ කතාවෙන් කියැවුණු කරුණක් දෙකක් ගැන යමක් කියන්න ඕන. ඔහූ කියන්නෙ අද එ ජා ප එදා එ ජා ප නොවෙයි කියලා. ඒකෙ ඇත්තක් තියෙනවා. ඒත් අද එ ජා ප හා එදා එ ජා ප අතර සම්බන්ධයකුත් තියෙනවා. එ ජා ප එදත් අදත් ජාතික පක්‍ෂයක් නො වෙයි. එහෙත් ඩී එස්ලාට ඩඩ්ලිලාට බෝතලේ වලව්වෙන් ලැබුණු යම් ජාතිකත්වයක් තියෙන්න ඇති. දැන් කසිකබල් මාක්ස්වාදීන් කලබල වෙලා එයට සුළු ධනේශ්වර කතා ඈඳන්න පුළුවන්. අපි නොදන්න මාක්ස්වාදය.  සමහරු වලව්වල තියෙන ජාතිකත්වය ගැන අසාවි. මේ ජාතිකත්වය වසන්ත සේනානායක ළඟත් තියෙනව කියල සමහරු කියාවි.

Sunday, 28 October 2018

රනිල් ඉවත් කිරීමේ නීත්‍යානුකූල බව


රනිල් ඉවත් කිරීමේ නීත්‍යානුකූල බව

                                        



මා මේ ලිපිය ලියන්නේ කරුණු කිහිපයක් පැහැදිලි කිරීම සඳහායි. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු යැයි අවුරුදු තුනකටත් පෙර මා කීවේ ඔහුගෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට හා පොදුවේ සිංහලයන්ට වන අසාධාරණ වැළැක්වීමටයි. එ ජා පෙරමුණ හා මෛත්‍රිපාලගේ එ ජ නි සංධානය එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති මත පදනම් වූ පක්‍ෂ. ඒ පක්‍ෂ නව ලිබරල්වාදයේ පක්‍ෂ බව හා අවශ්‍ය වන්නේ ඊනියා ක්‍රමය වෙනස් කිරීම වැනි කිසි දිනෙක වලංගු නොවූ කසිකබල් මාක්ස්වාදී බහුබූත කීමෙන් කිසි පලක් නැහැ. ඔය කියන ක්‍රමය වෙනස් කිරීම හැමදාමත් කිය කිය ඉන්න පුළුවන් දෙයක් පමණයි. එයත් බාලගිරි දෝෂය වගෙයි.

Saturday, 27 October 2018

සිරිජාතිකවාදියා ලියා දන්වන වග නම්

සිරිජාතිකවාදියා ලියා දන්වන වග නම්

මට අද කියන්න වැඩි දෙයක් නැහැ. මා කලින් ලියු ලිපි රාශියකින් දෙකක් පමණක් මෙයට අමුණනවා. අද සිට බොහෝ දෙනකු සිරිජාතිකවාදීන් වෙනවා. රනිල් තමා අගමැති බව කියනවා. 2015 ජනවාරි 09 වැනි දා දි මු ජයරත්න එසේ කීවේ නැහැ. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රෝඩාතන්ත්‍රවාදයක්. ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇති අය අගමැති ධුරයට පත් කර තිබෙනවා. එය 43 (3) වගන්තියට අනුව කර ඇත්තක්. රනිල්ට පුළුවන් නම් පාර්ලිමේන්තුවේ තමාට වැඩි බලයක් ඇති බව පෙන්වන්න. එය පාර්ලිමේන්තුව රැස් වු විටක කරන්න. එහෙත් ඔහුට එදින අගමැති පුටුවේ වාඩි වෙන්න බැහැ.

ව්‍යවස්ථා තත්වය  පිළිබඳ ව මා 2018 පෙබරවාරි 17 වැනි දා සහ 2017 නොවැම්බර් 25 ලියූ ලිපි දෙකකින් කරුණු පැහැදිලි වේවිි. අගමැති ධුරයෙන් ඉවත් කර ඇති රනිල් යන්න ඕන.

Friday, 19 October 2018

ඉන්දියාවේ සූත්තර හා වෙනත් සූත්තර


ඉන්දියාවේ සූත්තර  හා වෙනත්  සූත්තර





ඊයේ ලිපියේත් වෙනත් ලිපිවල වගේ ම වර්ධනය කර ගත හැකි තැන් කිහිපයක් තිබුණා. පළමුවෙන් අර ගීතය මේ ආකාරයෙන් ලියන්න තිබුණා.  RAW, RAW, row your boat, Gently down the stream. If you see a crocodile, Don't forget to scream. මෙයින් කියැවෙන්නේ රෝ ඔත්තු සේවය තියෙනවා (ඉන්නවා), ගඟ පහළට ඔබේ ඔරුව සන්සුන් ව පදින්න කියන එක. මුල් වචන දෙක වෙනත් ආකාරයකට ලිවීමෙන් ඒ අර්ථය ලැබෙනවා. එහෙත් එවිට එය තවදුරත් ළමා ගීයක් වන්නේ නැහැ. ළමයින් රෝ ඔත්තු සේවය ගැන දන්නේ නැහැ. දෙවනුව අර ඔරුව පෙරළන්න මහින්දගේ ශක්තිය දෙන්න කීම ගැන. එය කිව යුතුව තිබුණේ ඔරුවෙන් රනිල් තල්ලු කරන්න මහින්දගේ ශක්තිය දෙන්න කියා. මා මේ වර්ධන ගැන කීවේ අද ලිපියට එයත් යොදා ගැනීමට.

Thursday, 18 October 2018

රෝ රෝ රෝ යුවර් බෝට්


රෝ රෝ රෝ යුවර් බෝට්



Row, row, row your boat, Gently down the stream. Merrily, merrily, merrily, merrily, Life is but a dream. මේ ඉතා ජනප්‍රිය ඉංගිරිසි ළමා ගීයක්. මෙහි තවත් ස්වරූප තියෙනවා. එහෙත් මුල් පද වෙනස් වෙන්නෙ නැහැ. ඉන් එකක් මෙසේයි. Row, row, row your boat, Gently down the stream. If you see a crocodile, Don't forget to scream. මෙහි රෝ කියන්නේ අප දැන් කතා කරන ඉන්දීය රෝ (RAW) සංවිධානය නොවෙයි. පැදීමක්, ඔරු පැදීමක් ගැනයි කියැවෙන්නෙ. නැහැ මේ කසිකබල් පඬියන් කියන කියවීම නො වෙයි. ඔවුන් දන්නෙ ඉංගිරිසි පොත්වල කෑලි හොයා ගෙන සිංහලෙන් කියවන්න. මේ ළමා ගීයේ දෙවැනි ස්වරූපයෙන් කියැවෙන්නේ ගඟ පහළට ඔබේ ඔරුව සන්සුන් ව පදින්න. කිඹුලකු දුටුවොත් මොර දෙන්න අමතක නොකරන්න. මේ කියන්නේ තළියෙහි කිඹුලන් දැකීමක් නොව ගඟේ කිඹුලන් දැකීමක්.

Wednesday, 17 October 2018

ඉන්දියාව එන්නේ මොකාට ද?


ඉන්දියාව එන්නේ මොකාට ද?



රනිල් ඉවත් කිරීමේ අවශ්‍යතාව අද ඒකාබද්ධ විපක්‍ෂයේ/පොදුජන පෙරමුණේ බොහෝ දේශපාලනඥයන්ට වැටහිලා කියා මා හිතන්නේ නැහැ. අද බොහෝ දෙනා ඊනියා සභාග/භාරකාර ආණ්ඩුවක් ගැන කතා කරනවා. දැන් තියෙන්නෙත් සභාග ආණ්ඩුවක් මිස තනි පක්‍ෂයක ආණ්ඩුවක් නො වෙයි. භාරකාර ආණ්ඩුවක් හදන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕන. දහනවවැනි සංශෝධනයෙන් පස්සෙ ඒක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පමණයි. ජනාධිපතිටවත් අද පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ජ වි පෙරමුණේ හා ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණේ ඇතැමුන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියන්නෙ හොඳ සිහියෙන් ද? දහනවවැනි සංශෝධනයට පක්‍ෂව ඡන්දය දුන් අයට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න 2020 ජනවාරි වෙනකන් බලා ඉන්න වෙයි.

Monday, 15 October 2018

කොටින්ට වන්දි ගෙවනවා නම් එංගලන්තය ඒ කළ යුතුයි


කොටින්ට වන්දි ගෙවනවා නම් එංගලන්තය ඒ කළ යුතුයි



දෙමළ කතාකරන දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියල තරුණයන් ටිකක් අනුරාධපුරයේ බන්ධනාගාරය අසල උද්ඝෝෂණය කරලා. එයට තවත් තරුණයන් පිරිසක් විරුද්ධ වෙලා. දෙමළ කතාකරන සිරකරුවන් මෙන් ම ඔවුන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ තරුණයන් පිටුපස විග්නේස්වරන්, සුමන්තිරන් සම්බන්ධන් ශිවාජිලිංගම් ඇතුළු දෙමළ ජාතිවාදී දේශපාලනඥයන් ඉන්නවා. එහෙත් ඒ උද්ඝෝෂණයට විරුද්ධ වූවන් පිටුපස සිංහලයන් යැයි කියන දේශපාලනඥයන් නැහැ. මේක තමයි සිංහල දේශපාලනයේත් දෙමළ කතාකරන්නන්ගේ දේශපාලනයේත් වෙනස.

Sunday, 14 October 2018

ඊනියා සභාග/භාරකාර ආණ්ඩුව


ඊනියා සභාග/භාරකාර ආණ්ඩුව



අතුරුදහන් වූ කොටි ත්‍රස්තවාදීන්ට වන්දි මුදල් ගෙවන එක ගැන කතාකරන්න තියෙනවා. ඒ ගැන ඉතා කෙටියෙන් කියන්න තියෙන්න රජයෙන් වන්දි ගෙවන්න ඕන එක්කෙ රජය වෙනුවෙන් යමක් කරන්න ගිහින් ඒ රාජකාරියේ දී මිය යන අයට, එහෙම නැත්නම් රජයේ යම්කිසි ක්‍රියාවක් නිසා වැරුද්දක් නැතිව මියගිය අයට. ඒ අවස්ථාවල මියගිය අයට පමණක් නොව ආබාධිත වූ අයට ද යම් වන්දියක් ගෙවන්න ඕන. කොටි ත්‍රස්තවාදීන් අයත්වන්නේ මේ වර්ග දෙකෙන් කොයි එකට ද? කොටි ත්‍රස්තවාදීන් රජය වෙනුවෙන් කටයුතු කළා ද? ඔවුන් මියගියේ වරදක් නැතිව ද? අපි එ ගැන තරමක් විස්තරාත්මක ව  ඉඩක් ලැබුණු විගස කතා කරමු. මෙයට අමතර ව රජයෙන් ආධාර කරන්නෙ ස්වාභාවික ආපදා නිසා විපතට පත් වූවනට. එ වන්දි නො වෙයි.

Saturday, 13 October 2018

වෙල්ගම මැතිඳු අද තනියම වෙල මැද්දේ


වෙල්ගම මැතිඳු අද තනියම වෙල මැද්දේ



පාර්ලිමේන්තු සභා ගැබේ ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය වෙන් කරන මැද කොටසටත් ඉංගිරිසියෙන් කියන්නෙ වෙල් කියලා. ඒකට සිංහලෙන් ලිඳ කියන්න බැහැ. ඕන ම නම් වල කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් සභා ගැබ මැද කියන්න පුළුවන්. ඒ එකක්වත් හරියන්නෙ නැත්තන් වෙල කියන්න පුළුවන්. වෙල් විදානෙත් ඉන්නෙ එකේ අපි වෙල කියලා කියමු. ඒත් ඒක අපි දන්න වෙල් යායවල් සමග පටලවා ගන්න එපා. මේකෙ යායක් නැහැ. ගායක් නම් තියෙනවා. මා කිව්වේ රථගාය ගැන පමණක් නොවෙයි.

Tuesday, 9 October 2018

අද වහීවි ද?


අද වහීවි ද?



මේ දිනවල වහිනවා. ඒත් අද වහීවි ද? අද රටේ දේශපාලනයේ වැදගත් දවසක් වෙන්න පුළුවන්. සමහරුනට නම් මේකත් රංගනයක කොටසක්. දැන් තියෙන්නෙ රනිල් මෛත්‍රිපාල රංගනයත් ඉක්මවා ගිය රනිල් මෛත්‍රිපාල මහින්ද රංගනයක් බව ඔවුන් කියාවි. ඒ කුමක් වුවත් අද ඒකාබද්ධ විපක්‍ෂෙ/ පොහොට්ටුවෙ අය ජී එල් පීරිස්ගෙ ගෙදර භාරකාර ආණ්ඩුවක් ගැන තීරණය කරන්න රැස්වෙන බවට ආරංචි තියෙනවා. මේ රටේ සම්ප්‍රදාය අනුව රැස්වීමේ දී කිසිම තීරණයකට නොඑළඹෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් නැවත දිනයක හමුවන්න පමණක් තීරණය වන්නත් පුළුවන්.

Sunday, 7 October 2018

භාරකාර සම ආණ්ඩුවක්


භාරකාර සම ආණ්ඩුවක්



බැසිලිකාවේ පූජකයකුට අනුව කොටින්ට විරුද්ධව හමුදා මෙහෙයුම් කළ යුතු ය කියා සමහරු කියලා. සමහරු එහෙම නැහැ කියලා. තවත් සමහරු කොටි පරදවන්න පුළුවන් කියලා. මා දන්න කරුණ නම් පඬියන් සියල්ල කොටි පරදවන්න බැහැ කියද්දි, විදේශ බලවේග ප්‍රභාකරන් අනභිබවනීය කියද්දි මෙරට සාමාන්‍ය සිංහල ජනතාව කොටි පරදවන්න පුළුවන් කියා කිව්ව බවයි. චන්ද්‍රිකා විතරක් නොවෙයි මහින්දත් පඬියන් හා විදේශ බලවේග කියන විධියටයි වැඩ කෙළෙ. බැසිල් කෙනෙකු මොනව කරාද කියල ඒ දවස්වල කවුරුන්වත් දැන හිටිය ද දන්නෙ නැහැ. බැසිලිකාවෙ පූජකයන් ඒ දවස්වල කොහෙද හිටියෙ කියලා බැසිල් දන්නෙවත් නැතිව ඇති.

Wednesday, 3 October 2018

මහින්ද අගමැති කරනවට විරුද්ධ කවුද?


මහින්ද අගමැති කරනවට විරුද්ධ කවුද?



ඊයෙ මහා බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කිව්ව රුපියල අවප්‍රමාණය වීම නිසා ආර්ථිකය කඩා වැටිලා නැහැ, ජීවන වියදම නම් ඉහළ යාවි කියලා. ඔහු කියන එකෙත් ඇත්තක් තියෙනවා. රුපියල මේ විධියට අවප්‍රමාණය වෙන්න කලින් ආර්ථිකය කඩා වැටිලා තිබුණෙ. බන්දුල ගුණවර්ධන අර ආර්ථික පර්යේෂණේ ද මොකක් ද එකේ ඉඳන් හැමදාම වගේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වනවා. ජනමාධ්‍යයත් ඒවට ප්‍රචාරය දෙනවා. ඔය සංඛ්‍යානය ගැන මට නම් ඒතරම් විශ්වාසයක් නැහැ. ඉංගිරිසි කියමනක් සිංහලට හැරෙව්ව ම කියවෙනවා බොරු, පට්ටපල් බොරු සහ සංඛ්‍යාන කියා.