ව්‍යවස්ථා සභා විදග්ධයන්
මා දේශපාලනඥයකුවත්, ජනමාධ්‍යවේදියකුවත්,
ජනමාධ්‍ය අයිතිකරුවකුවත්, විද්වතකුවත්, නීතිඥයකුවත්, විිද්‍යාඥයකුවත්, වෛද්‍යවරයකුවත්, ඉංජිනේරුවරයකුවත්, කළමනාකරුවකුවත්, රණවිරුවකුවත්, කලාකරුවකුවත්, මුදල් විශුද්ධිකරුවකුවත්, ව්‍යාපාරිකයකුවත්, ක්‍රීඩකයකුවත්, මත්ද්‍රව්‍ය භාවිතාකරන අයකුවත්, පාතාලයකුවත්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකුවත් (අයි ආර් සී), ස්ත්‍රී දූෂයකුවත්, රූපලාවන්‍ය ශිල්පියකුවත්, නළුවකුවත්,
ගායකයකුවත්, නො වෙයි. මගේ අදහස් එබැවින් හෝ මගේ අදහස්වල වැදගත්කමක් නැති නිසා හෝ
වෙනත් කරුණක් නිසා හෝ ඉහත සඳහන් කිසිවකුගේවත් අවධානයට යොමු වන්නේ නැහැ. එසේ වුවත්
මේ කරුණු සඳහන් කිරීම මට වැදගත්. එබැවින් මා දිනපතා ලියනවා. මට මූලික වශයෙන් අවශ්‍ය
බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම් ආධිපත්‍යයෙන් මිදෙන්න. සමහරවිට ඉහත කී
කිසිවකුටවත් ඒ අවශ්‍යතාව නැතිවන්න පුළුවන්. මා ලියන ලිපි කියවන සුළු පිරිසක්
ඉන්නවා. එහෙත් ඔවුන්ට සමාජයට බලපෑමක් කිරීමේ හැකියාවක් නැහැ.