Main Logo

Showing posts with label Compensations. Show all posts
Showing posts with label Compensations. Show all posts

Tuesday, 23 October 2018

ජ වි පෙ රැවටිල්ල


ජ වි පෙ රැවටිල්ල





ජ වි පෙරමණේ විජිත හේරත් ප්‍රකාශයක් කරලා තිබුණු ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන එක යුක්තියුක්ත කරලා. එය ජ වි පෙරමුණේ ම ප්‍රකාශයක් වෙන්න ඕන.  ඒ පක්‍ෂයේ කිසිවකුත් එයට විරුද්ධව කිසිවක් කියල තිබුණෙ නැහැ. ජ වි පෙ කියන විධියට අදාළ පනත කොටි ත්‍රස්තවාදින්ට පමණක් බලපාන එකක් ලෙස කතා කිරීම වැරදියි. ඔවුන් කියන්නේ සිවිල් යුද්ධයක දී අතුරුදහන් වූ සියළු දෙනා වෙනුවෙන් වන්දි ගෙවීමට පනත අනුව පුළුවන් කියලා.

Monday, 15 October 2018

කොටින්ට වන්දි ගෙවනවා නම් එංගලන්තය ඒ කළ යුතුයි


කොටින්ට වන්දි ගෙවනවා නම් එංගලන්තය ඒ කළ යුතුයි



දෙමළ කතාකරන දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියල තරුණයන් ටිකක් අනුරාධපුරයේ බන්ධනාගාරය අසල උද්ඝෝෂණය කරලා. එයට තවත් තරුණයන් පිරිසක් විරුද්ධ වෙලා. දෙමළ කතාකරන සිරකරුවන් මෙන් ම ඔවුන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ තරුණයන් පිටුපස විග්නේස්වරන්, සුමන්තිරන් සම්බන්ධන් ශිවාජිලිංගම් ඇතුළු දෙමළ ජාතිවාදී දේශපාලනඥයන් ඉන්නවා. එහෙත් ඒ උද්ඝෝෂණයට විරුද්ධ වූවන් පිටුපස සිංහලයන් යැයි කියන දේශපාලනඥයන් නැහැ. මේක තමයි සිංහල දේශපාලනයේත් දෙමළ කතාකරන්නන්ගේ දේශපාලනයේත් වෙනස.