Main Logo

Showing posts with label War crimes. Show all posts
Showing posts with label War crimes. Show all posts

Monday, 4 September 2017

මේ සරත් රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක්  


මේ සරත් රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක්



සරත් ෆොන්සේකා ගැන මා බොහෝ දේ කියා තිබෙනවා. 2010 ජනාධිපතිවරණ සමයේ දී ඔහු සිරභාරයට ගත යුතු යැයි මා යෝජනා කළා. පළමුවෙන් ම එසේ කෙළේ කුරුණෑගල දී මහින්දට පක්‍ෂව පැවැත් වූ රැස්වීමක දී. ඒ ජනාධිපතිවරණයේ දී ම එක් රුපවාහිනී සාකච්ඡාවක දී මා කියා සිටියා සරත් ෆොන්සේකාට එරෙහි ව එක්සත් රාජ්‍යයෙහි ප්‍රාන්තයක යුද අපරාධ පිළිබඳ නඩුවක් පවරා තිබූ බවත් එය ඒ වන විට අස්කර ගෙන ඇති බවත්. නඩුව අස්කර ගැනීම හා ඊනියා පොදු අපේක්‍ෂකයා වීම අතර සම්බන්ධයක් නැතැයි නොසිතිය යුතු බවත් මා ඒ සාකච්ඡාවේ දී පවසා සිටියා. 

Wednesday, 19 April 2017

සම්බන්ධන් ඉන්දියාව හා මහින්ද


සම්බන්ධන් ඉන්දියාව හා මහින්ද



සම්බන්ධන් හා යුද්ධාපරාධ ගැන අප මේ ලිපිවල මාර්තු මාසයේ තිස්එක්වැනි දා සඳහන් කළා. දි අයිලන්ඩ් පුවත්පතේ ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කිහිප වරක් ම සඳහන් කර තිබුණා. රංජිත් සොයිසා මෙල්බන් නුවර සිට ඒ පිළිබඳ දි අයිලන්ඩ් පුවත්පතට ලියා තිබුණා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය ඒ ගැන නිහඬයි. ඒකාබද්ධ විපක්‍ෂය ඒ ප්‍රකාශය එතරම් ගණන් ගන්නේ නැත් ද? මේ පොඩි දේකට සම්බන්ධන් පසු පස යන්නේ ඇයි ද කියා ඔවුන් හිතනවා ද?

Friday, 31 March 2017

සම්බන්ධන් හා යුද්ධාපරාධ


සම්බන්ධන් හා යුද්ධාපරාධ



මෛත්‍රිපාල කුමක් කීවත් ජෙනීවා හි මානව අයිතිවාසිකම් අයිතිකරු හුසේන් හා පිරිස රණවිරුවන් යුද්ධාපරාධිකරුවන් ලෙස තීන්දු කර අවසන්. ඔවුන්ට අවශ්‍ය විදේශීය විනිශ්චයකරුවන් සහිත අධිකරණයකින් රණවිරුවන්ට දඬුවම් පැමිණවීම පමණයි. ඔවුන් ලංකාවට අවුරුදු දෙකක් කල් දුන්නේ 2015 ඔක්තෝම්බර් යෝජනාව ක්‍රියාත්මක කිරීමට. ඒ යෝජනාව මෙන් ම යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් දීමට මෙවර සම්මත කර ගත් යෝජනාවත් ඉදිරිපත් කෙරුණේ ලංකාව එක් යෝජකයකු වෙමින්.