Main Logo

Showing posts with label Welgama. Show all posts
Showing posts with label Welgama. Show all posts

Wednesday, 19 December 2018

අනේ කිරිඇල්ල අහෝ සුමන්තිරන්


අනේ කිරිඇල්ල අහෝ සුමන්තිරන්



මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක වීම සුමන්තිරන්ට කිරිඇල්ලට හා තවත් අයට හිසරදයක් වීම තේරුම් ගන්න පුළුවන්. මා ඊයේ සඳහන් කළ ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් වෙනවා. එවිට රනිල්ගේ ඒකාධිකාරය යම් දුරකට නමුත් කැඩෙනවා. ඊනියා ස්වාධීන කොමිෂන් සභාවලත් සංයුතිය රනිල්ට ඕන විධියට සකස් කර ගන්න බැරි වේවි. කිරිඇල්ල පාර්ලිමේන්තුවේ දී පඩි පෙළේ නීතිිඥයන් ගැන කතා කළා. ඔහු මොන නීතිඥයකු ද කියා දැන ගන්න විධියක් නැහැ. ඔහු දිනපු නඩු කීයක් තියෙනවා ද කියා දන්නේ නැහැ. ඔහු සාමාන්‍ය පෙළ සමත් වූයේ පාසලෙන් අස්වීමෙන් පසුව ද? මා මේ ප්‍රශ්න නගන්නේ ඔහු කවර අන්දමේ නීතිඥයකු ද කියා දැන ගැනීමට. ඔහු අර කට කැඩිච්ච කතා කියන්නේ නැත්නම් මා මේ ප්‍රශ්න නගන්නේ නැහැ.

Saturday, 13 October 2018

වෙල්ගම මැතිඳු අද තනියම වෙල මැද්දේ


වෙල්ගම මැතිඳු අද තනියම වෙල මැද්දේ



පාර්ලිමේන්තු සභා ගැබේ ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය වෙන් කරන මැද කොටසටත් ඉංගිරිසියෙන් කියන්නෙ වෙල් කියලා. ඒකට සිංහලෙන් ලිඳ කියන්න බැහැ. ඕන ම නම් වල කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් සභා ගැබ මැද කියන්න පුළුවන්. ඒ එකක්වත් හරියන්නෙ නැත්තන් වෙල කියන්න පුළුවන්. වෙල් විදානෙත් ඉන්නෙ එකේ අපි වෙල කියලා කියමු. ඒත් ඒක අපි දන්න වෙල් යායවල් සමග පටලවා ගන්න එපා. මේකෙ යායක් නැහැ. ගායක් නම් තියෙනවා. මා කිව්වේ රථගාය ගැන පමණක් නොවෙයි.

Thursday, 12 July 2018

රනිල්ගේ විස්ස


රනිල්ගේ විස්ස



රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව සඳහා අනුර කුමාරගේ උපදෙස් මත විජිත හේරත් ගෙනෙන ලද විසිවැනි සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කරලා. එය සම්මත වීමට ඉඩක් තිබෙනවා. වෙල්ගම වැන්නන්ගේ ප්‍රකාශ එතරම් යහපත් නැහැ. විසිවැනි සංශෝධනය නිසා මහින්දට අගමැති වී නැවත ආණ්ඩුවේ නායකයා වීමේ අවස්ථාවක් ඇති බව පෙන්නුම් කරාවි. රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීම ගැන දැනට කතාබහක් නැහැ.