Main Logo

Showing posts with label 13 A. Show all posts
Showing posts with label 13 A. Show all posts

Monday, 10 February 2020

මෝදිගෙ සිංහල බෞද්ධ විරෝධය

   සිංහල ලිත් ඉලක්කම්


මෝදිගෙ සිංහල බෞද්ධ විරෝධය



මෝදිට ලංකාවෙ දෙමළ ජනයා ගැන මෙතරම් උනන්දුවක් තියෙන්නෙ මොකද? ඔහු මහින්ද රාජපක්‍ෂට කියා තියෙනවා දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස. ඔහු අඩු ගණනෙ හිතුව ද අවුරුදු තිස්දෙකකටත් පස්සෙ ඒක ක්‍රියාත්මක කරන්න බැරි ඇයි කියල. පඬි නැට්ටකු කියන්න පුළුවන් සිංහල ස්වොත්තමවාදීන්ගෙ බලපෑම නිසා කියලා. ස්වොත්තමවාදය පැත්තකින් තියමු. සිංහල බහුතරයේ විරුද්ධතාව මැද දහතුන ක්‍රියාත්මක කරන්න කීම ගැන කියන්න තියෙන්නෙ මෝදි ලංකාවෙ පාලකයා නොවන බව පමණයි. 

Saturday, 30 November 2019

ස්විස් චීස් හා ඉන්දීය සමෝසා

      සිංහල ලිත් ඉලක්කම් 


ස්විස් චීස් හා ඉන්දීය සමෝසා



විදේශීය සම්බන්ධතා ගැන කරුණු දෙකක් ගැන කියන්න වෙලා තියෙනවා. පළමුවෙන් ස්විස් හුටපටය ගැන  නැවතත්. මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉන් කියැවෙන්නේ තානාපති කාර්යාලය විධිමත් පැමිණිල්ලක් කළ බවයි. එය කාට ද කියන එක පැහැදිලි නැහැ. එහෙත් පැමිණිල්ල කර ඇත්තේ ජනාධිපතිට, අගමැතිට හෝ විදේශ අමාත්‍යාංශයට නම් එය විධිමත් වුවත් නැතත් පැමිණිල්ලක් ලෙස භාර ගැනීමට සිදු වෙනවා. 

Saturday, 19 October 2019

නන්දිකඩාල් පාවා දී ගෝඨාභය මනමේ කුමරු කිරීම

    සිංහල ලිත් ඉලක්කම්

නන්දිකඩාල් පාවා දී ගෝඨාභය මනමේ කුමරු කිරීම 


මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත් වී ඇත්තේ ජාතිවාදී ආගමිකවාදී ව්‍යාපාර පරාජය කිරීම, මෙරට නැවත ඒකීය රාජ්‍යයක් බවට පත් කිරීම (ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කිරීම යනු ව්‍යාජයක්. දහතුන්වැනි සංශෝධනයෙන් මෙරට සන්ධීය රාජ්‍යයක් වුණා), විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම ආදියයි. ඒ අතර විවිධ සහන ගැනත් කතා කරනවා. මෙහි පළමු මාතෘකා දෙක එකිනෙකට සම්බන්ධයි. 

Wednesday, 16 October 2019

ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ ගෝඨාභය අවුරුද්දකින් යැවීමට ද ?

         සිංහල ලිත් ඉලක්කම්   




ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ ගෝඨාභය අවුරුද්දකින් යැවීමට ද ?





ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලැබුයේ ජාතියේ අපේක්‍ෂක ලෙස. එයට මුල් වූයේ ජාතික ව්‍යාපාරය බව මා කියන්නේ ඒ සම්බන්ධයෙන් කටයුතු කළ වෙනත් අයට අගෞරවයක් ලෙස නො වෙයි. එහෙත් එයින් කියන්නේ නැහැ ජාතික සංවිධාන සියල්ල ඒ මතයේ සිටි බව. ඒ කෙසේ වෙතත් අද ජාතික සංවිධාන සියල්ල පිළිගන්නවා ගෝඨාභය ජාතික අපේක්‍ෂක ලෙස. එය හොඳ ප්‍රවණතාවක්.

Tuesday, 15 October 2019

බැසිල් එන්නේ මොකාට ද?

         සිංහල ලිත් ඉලක්කම්


බැසිල් එන්නේ මොකාට ද? 



බැසිල් රාජපක්‍ෂ ඉන්දියාවේ පුවත්පතකට ප්‍රකාශයක් කරලා. සුපුරුදු විධියට ඔහු තමාට ජාතිකත්වයක් නැති බව කියලා. ඔහු කියා ඇත්තේ උපරිම ලෙස බලය බෙදනවා කියා. උපරිම ලෙස බලය බෙදන්න පොදුජන පෙරමුණක් අවශ්‍ය නැහැ. එ ජා පක්‍ෂය හරි චන්ද්‍රිකා හරි ඉඩක් දුන්නොත් ඒ කරාවි. බැසිල් හදන්නේ ගෝඨාභයගේ ඡන්ද කඩන්න ද?

Thursday, 19 September 2019

විධායක ජනාධිපති ක්‍රමය




දහතුන්වැනි සංශෝධනය  අහෝසි නොකර විධායක 



ජනාධිපති ක්‍රමය අහෝසි නොකරනු   

Saturday, 17 August 2019

ප්‍රතිඥා හා ඊනියා සුළු ජාතික ඡන්ද

                    සිංහල ලිත් ඉලක්කම්


ප්‍රතිඥා හා ඊනියා සුළු ජාතික ඡන්ද

අප වටේ යන එක නවත්තන්න කාලය පැමිණිලා. නැවතත් දහතුන කතාව පටන් අරන්. ඒ අතර මුස්ලිම් ඇමතිවරුන් වන හකීම් හා බද්‍යුද්දීන් විවේචනය කිරීම නවත්වන ලෙසට මහින්ද නියෝගයක් පණවලා කියලා වෙබ් අඩවියක පළ වී තිබුණා. රනිල් යාපනයේ දී කියල තියෙන්නෙ දෙමළ ජනතාවට අභිමානයෙන් ජීවත් වීමට පළාත් සභා බලතල දිය යුතු ය කියා. ඔය අභිමානය, අභිලාෂය වගේ වචන දශක ගණනාවක් තිස්සේ යොදා ගැනෙනවා. කුමාර් පොන්නම්බලම් ද ඔය කතාව කිව්වා. 

Sunday, 11 August 2019

පොදුජන පෙරමුණට ජාතිකත්ව නායකත්වයක්


    සිංහල ලිත් ඉලක්කම්


පොදුජන පෙරමුණට ජාතිකත්ව නායකත්වයක්




අද පැවැත්වෙන පොදු ජන පෙරමුණේ ජාතික සම්මේලනයට සුබ පතනවා. ඒ එය පොදු ජනයාගේ, සිංහල පොදු ජනයාගේ පක්‍ෂයක් නිසා මිස පුද්ගලයකුගේ පක්‍ෂයක් නිසා නොවෙයි. පුද්ගලයකු පක්‍ෂය නිර්මාණය කළා නම් ඒ දිනේෂ් ගුණවර්ධන  බව මා කියනවා. ඇතැමුන් පක්‍ෂයත් ගෝඨාභයත් තමන්ගේ බවට පත් කර ගන්න හදනවා. එයට ඉඩ නොදිය යුතුයි. මේ පක්‍ෂය නිර්මාණය කෙරුණේ ජනතාව අතින්. මේ ජනතාව කවුද යන්න පළමුවෙන් හඳුනා ගන්න ඕන. 

Monday, 25 February 2019

විධායකය අහෝසි කර තමන් රැකීම


විධායකය අහෝසි කර තමන් රැකීම

                       



ලෝකයේ මමත්වය වැඩි ම පුද්ගලයන් සිංහල බෞද්ධයන් ද කියල බොහෝ වෙලාවට හිතෙනවා. වරක් සිංහල කතෝලිකයකු මගෙන් ඇහුවෙ පන්සල්වල හැම තැනක ම අහවල් ආසනය පූජා කෙළෙ අහවලා, අහවල් පිඟාන, කෝප්පය පූජා කෙළේ අහවලා ආදී වශයෙන් ලියා ඇත්තේ ඇයි ද කියා. එය පාඨලීපුත්‍රයේ අශෝක රජුගේ ටැම් ලිපි හා වෙනත් ලිපිවලින් ලැබුණු දෙයක් වෙන්න පුළුවන්. අප සිතනවාට වඩා වෙනත් ආකාරයක බලපෑමක් අශෝක බුද්ධාගමෙන් වෙලා තියෙනවා. 

Sunday, 24 February 2019

ඇතුළෙත් ගැට පිටත් ගැට


ඇතුළෙත් ගැට පිටත් ගැට



දැන් ඒ ගමන බොහෝ දෙනකු ව්‍යවස්ථා සභාවෙ ඉතිහාසය ගැන කියන්න පටන් අරගෙන. ව්‍යවස්ථා සභාව පටන් ගත්තෙ දහහත්වැනි සංශෝධනයෙන් බව මතක් වෙලා. දහහත්වැනි සංශෝධනයට අනුව බහුතරයක් පාර්ලිමේන්තුවට පිටින් ව්‍යවස්ථා සභාවට පත් කරන්න හිටියත් දිනේෂ් හා වාසු මැදිහත් වෙලා වැඩි නියෝජනත්වය පාර්ලිමේන්තුවට ගත්ත කියන එක චෝදනාවක් ලෙස ඉදිරිපත් කෙරෙනවා. පිටින් යෝජනා කරන අය අපක්‍ෂපාත වෙන්න පුළුවන් කියන එක ද මේ අය කියන්නෙ. පිටින් ගන්න අය වග කියන්නෙ කාට ද? ඔවුන්ගෙ නම් යෝජනා කරපු අයට ද?

Sunday, 30 September 2018

දෙමළ ජාතිවාදය පරාජය කිරීම නිෂේධ කිරීම


දෙමළ ජාතිවාදය පරාජය කිරීම නිෂේධ කිරීම



කොටි පැරදවිය හැකි ය හා පැරදවිය යුතු ය යන්න මා කීවේ අවුරුදු විසිපහකටත් එහා. ඒ ගැන බොහෝ දෙනා කතා නොකිරීම වෙන ම ප්‍රශ්නයක්. අද නම් බොහෝ දෙනා කියන්නේ තමන් එදත් කොටි පැරදවිය හැකි බව කී බවයි.  මා ඒ නිගමනයට පැමිණියේ සිංහලයන්ගේ ඉතිහාසයත් කොටින්ගේ ක්‍රියාකලාපයත් පමණක් නොව ඉන්දියාවේ මැදිහත්වීම් ද සැලකිල්ලට ගෙන. 1987 පරිප්පු අත්දැකීම මෙන් ම ඉන්දු ලංකා ගිවිසුම හා ඊනියා සාම සාධක හමුදාවේ නොහැකියාව ද අපට හේතු වුණා. ඊනියා සාම සාධක හමුදාවට මෙරට සාමයක් ඇති කිරීමට පවත්වාගෙන යැමට හැකි කමක් තිබුණේ නැහැ. අනෙක් අතට ප්‍රේමදාස යන්න කී විට ඊනියා සාම සාධක හමුදාවට යන්න වුණා. ඊනියා සාම සාධක හමුදාව ආවේ ඉන්දු ලංකා ගිිවිසුම අනුවයි. ඉන්දු ලංකා ගිවිසුම වැන්නක් නැතිව ඉන්දියාවට තම හමුදා ලංකාවට එවන්න බැහැ.

Thursday, 27 September 2018

ඉන්දීය ආක්‍රමණය

ඉන්දීය ආක්‍රමණය

ඉන්දීය ප්‍රශ්නවලට ඉතා පැහැදිලි පිළිතුරු තියෙන්නෙ.  ඉන්දියාව අවට තිබූ රටවලට මොකද වුණෙ කියා දැන ගන්න. මාල දිවයිනේ පහුගිය දවස්වල මොකද වුණේ කියා කල්පනා කරන්න. ඉන්දියාව මාලදිවයිනේ වගේ ම අපේ රටේත් ඡන්ද ප්‍රතිඵල මෙහෙයවනවා. අප දැන් දැන් මැතිවරණවලින් තෝරාගන්නේ ඉන්දියාවට අවශ්‍ය අය. අපට මෙයින් බේරෙන්නට ඇති හොඳ ම මග ලෙස මට තවමත් හිතෙන්නේ මහින්ද අගමැති කිරීමයි. ඒ සඳහා මැතිවරණයක් අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ඒ සඳහා බලය තිබෙනවා. මෛත්‍රිපාල 2015 ජනවාරි 09 වැනි දා රනිල් අගමැති කෙළේ ඒ බලතල යොදා ගනිමින්. එදා කිසිවකු එයට පාර්ලිමේන්තුවේ දී හෝ පිටත දී හෝ විරුද්ධ වුණේ නැහැ.

Tuesday, 25 September 2018

ඉන්දීය ප්‍රශ්න


අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.

ඉන්දීය ප්‍රශ්න



අපට එකිනෙකට සම්බන්ධ වූ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ ප්‍රශ්නවලට පිළිතුරුත් එකිනෙකට සම්බන්ධයි. එක එක ප්‍රශ්නෙට එක් එක්  පිළිතුරු (බොහෝ විට පරස්පර සහිත) දෙන එක ඇතැමුන්ගේ සිරිත වෙන්න පුළුවන්. ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න ඒ ඒ තැන්වල ඉන්න ඕන නැහැ. බෞද්ධ ක්‍රමයට අනුව සාපේක්‍ෂ දැනුම (ඊනියා වාස්තවික නිරපේක්‍ෂ දැනුමක් නැහැ) ලබාගන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන්. ඒ දැනුම නිවනට සම්බන්ධ දැනුම. එහෙත් වෙනත් දැනුම් අනුමානයෙන් ද ලබාගන්න වෙනවා. සෑම දෙයක් ම ප්‍රත්‍යක්‍ෂයෙන් පමණක් ලබාගන්න බැහැ. සිදුහත් කුමාරොත්පත්තිය, බුදුවීම, පිරිනිවන් පෑම ආදිය ද අප ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගත් දැනුම් නො වෙයි. මෙහි අනුමානයෙන් යන්න යෙදෙන්නේ ඉංගිරිසියෙන් inference කියන එකට. ඉංගිරිසි වචනයෙහි තේරුම නිගමනය යන්නට වඩා කිට්ටුයි.

Monday, 24 September 2018

මහින්දගේ පොරොන්දුව



අවසර ලත් අයට පමණක් මේ ලිපිය මුහුණු පොතේ පළ කරන්න පුළුවන්.


මහින්දගේ පොරොන්දුව



ඊයේ ලිපියෙන් ලලිත් වීරතුංග ට්‍රොයිකාව ගැන කළ විස්තරයක් සඳහන් කළා. ඒ ලිපියෙන් පසු දයාන් ජයතිලක දි අයිලන්ඩ් පුවත්පතේ 2018 ජූනි මස 11 පමණ ලිපියක් ලියා තිබුණා ලලිත්ගේ ලිපියේ සඳහන් නොවූ කරුණු කිහිපයක් කියන්න. දයාන්ගේ ඒ ලිපියෙහි දහතුන්වැනි සංශෝධනය ගැන ද කෙටි විස්තරයක් තිබුණා. ස්මාට් ජාතිකවාදීන් දයාන් එතැන සිටියේ දැයි අහන එකක් නැහැ. ඒ සමාට් ජාතිකවාදීන්ගේ ස්මාට්කම. මේ දයාන්ගේ ලිපියෙන්. “The Troika was brilliantly managing the relationship with Delhi, but they were representing and operating on the pragmatic policy decided on by President Rajapaksa, namely the promise to his Indian counterpart, to proceed with the implementation of the 13th amendment. The Troika’s managerial excellence was building on the policy equation and axis with Delhi decided upon by President Mahinda Rajapaksa 

Thursday, 12 July 2018

රනිල්ගේ විස්ස


රනිල්ගේ විස්ස



රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව සඳහා අනුර කුමාරගේ උපදෙස් මත විජිත හේරත් ගෙනෙන ලද විසිවැනි සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කරලා. එය සම්මත වීමට ඉඩක් තිබෙනවා. වෙල්ගම වැන්නන්ගේ ප්‍රකාශ එතරම් යහපත් නැහැ. විසිවැනි සංශෝධනය නිසා මහින්දට අගමැති වී නැවත ආණ්ඩුවේ නායකයා වීමේ අවස්ථාවක් ඇති බව පෙන්නුම් කරාවි. රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීම ගැන දැනට කතාබහක් නැහැ.

Monday, 11 June 2018

රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කර හදන ආණ්ඩුව

රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කර හදන ආණ්ඩුව


රනිල් ඉවත් කර මහින්ද හෝ මහින්ද අනුමත කරන අයකු හෝ අගමැති වශයෙන් පත් කර ඇති කරන ආණ්ඩුව ගැන විස්තර මේ ලිපිවල කලින් සඳහන් කර ඇති. ඒ නැවතත් සඳහන් කළ යුත්තේ විග්නේස්වරන්ගේ නැටිලි නැවැත්වීමට එවැනි ආණ්ඩුවක් අවශ්‍ය නිසයි. අද විග්නේස්වරන් හමුදාවට ඉඩම් ලබා දීමට බලය ඇත්තේ පළාත් සභාවලට යැයි කියනවා. හමුදා ඛණඩ නවයක් පළාත්වල ඇති කළ යුතු ය කියා කියනවා.

Saturday, 19 May 2018

ප්‍රභාකරන් පරදවා ස්මාට් ජාතිකවාදීන්ට යටවීම


ප්‍රභාකරන් පරදවා ස්මාට් ජාතිකවාදීන්ට යටවීම



ප්‍රභාකරන් ඝාතනය කෙරුණු දිනයේ ඒ ගැනත් යමක් කියන්න ඕන. ඉන්දියාව මේ මෙහෙයුම් සම්බන්ධ ව දැක් වූ ආකල්පය කුමක් ද? අද අපට එය වැදගත් වෙනවා. ඒ වෙන මොකකටවත් නොවෙයි අපේ රාජ්‍යය එනම් සිංහල බෞද්ධ රාජ්‍යය  නැවත පිහිටුවා ඒ පවත්වා ගෙන යෑමට. මේ ලිපිවලින් එතරම් ඵලක් නොවන බව මා දන්නවා. එහෙත් ඒ ලියන්න ඕන කිහිප දෙනකුටවත් වැඩක් ගන්න. 1815න් පසු අපට ඇත්තෙ ක්‍රිස්තියානි රාජ්‍යයක්. 1817-18, 1848, දහනවවැනි සියවස අග, නවසිය පනස්ගණන්වල සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත ඇති කිරීමේ අවශ්‍යතාව ඇතැමුනට තිබුණ. නමුත් අසමගිකම් ඇතුළු විවිධ හේතු නිසා එය සඵල වුණේ නැහැ.

Wednesday, 16 May 2018

පළාත් සභා තබා ගනිමින් විධායකය අහෝසි කිරීම


පළාත් සභා තබා ගනිමින් විධායකය අහෝසි කිරීම



දි අයිලන්ඩ් පත්‍රයේ දින දෙකක් පුරා ලියූ ලිපියකින් සී ඒ චන්ද්‍රප්‍රේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් ඒකීය රාජ්‍යය නැති නොවන බවට තර්ක කරනවා. ඔහු ජාතිකවාදීන් ගැන විවේචනයක් ද කරනවා ජාතිකවාදීන් පළාත් සභා ක්‍රමය තබාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ වීම ගැන. ඔහු දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දු පදනම් කර ගෙන කියන්න හදනවා විධායක ජනාධිපති ක්‍රමය නැතිව පළාත්සභා තිබීමෙන් ඒකීය රාජ්‍යය ක්‍රමය අහෝසි නොවන බව.

Saturday, 5 May 2018

විසිවැනි සංශෝධනය කුමක් සඳහා ද?


විසිවැනි සංශෝධනය කුමක් සඳහා ද?





විසිවැනි සංශෝධනයට පක්‍ෂපාත විය යුතුයි කියලා ඒකාබද්ධ විපක්‍ෂෙ මන්ත්‍රීවරු දෙදෙනෙකු කියලා තියෙන බවට වාර්තාවෙනවා. එක් අයකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් කියලයි කියන්නෙ. මහින්ද මුට්ටි සෙල්ලමේ ගජ හපනෙක්. මේ දෙදෙනා බැසිල්ගෙ කියලත් කියනවා. අද දේශපාලනය රට ගැන නොවෙයි පෞද්ගලික කරුණු මත පදනම් වන බව පේනවා.

Wednesday, 25 April 2018

ස්මාට් ජාතිකවාදීන්ගේ ව්‍යාජ තර්ක


ස්මාට් ජාතිකවාදීන්ගේ ව්‍යාජ තර්ක



ජාතිකවාදීන් හා ඊනියා ස්මාට් ජාතිකවාදීන් හඳුනාගැනීමට උපකාර වන නිර්ණායකයක් තියෙනවා. එය සියයට සියයක් ම හරියන බවක් මා කියන්නේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්‍ෂ ද නැත් ද පක්‍ෂ නම් ඒ කිනම් අවශ්‍යතා යටතේ ද යන්න ඒ නිර්ණායකයි. අවශ්‍ය නම් එයට පරීක්‍ෂණයක් කියාත් කියන්න පුළුවන්.