Main Logo

Showing posts with label Muslims. Show all posts
Showing posts with label Muslims. Show all posts

Monday, 10 February 2020

මෝදිගෙ සිංහල බෞද්ධ විරෝධය

   සිංහල ලිත් ඉලක්කම්


මෝදිගෙ සිංහල බෞද්ධ විරෝධය



මෝදිට ලංකාවෙ දෙමළ ජනයා ගැන මෙතරම් උනන්දුවක් තියෙන්නෙ මොකද? ඔහු මහින්ද රාජපක්‍ෂට කියා තියෙනවා දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස. ඔහු අඩු ගණනෙ හිතුව ද අවුරුදු තිස්දෙකකටත් පස්සෙ ඒක ක්‍රියාත්මක කරන්න බැරි ඇයි කියල. පඬි නැට්ටකු කියන්න පුළුවන් සිංහල ස්වොත්තමවාදීන්ගෙ බලපෑම නිසා කියලා. ස්වොත්තමවාදය පැත්තකින් තියමු. සිංහල බහුතරයේ විරුද්ධතාව මැද දහතුන ක්‍රියාත්මක කරන්න කීම ගැන කියන්න තියෙන්නෙ මෝදි ලංකාවෙ පාලකයා නොවන බව පමණයි. 

Friday, 13 December 2019

විදෙස් පුවත් තුනක්

        සිංහල ලිත් ඉලක්කම්

විදෙස් පුවත් තුනක්

මුස්ලිම් රටක් වූ ගැමිබියාව මියන්මාරයේ අවුං සාන් සුකීට විරුද්ධ ව ඊනියා ජාත්‍යන්තර ජූරියට යෑම, ඉන්දියාව ඇෆ්ගනිස්ථානයෙන් පකිස්ථානයෙන් බංග්ලාදේශයෙන් පැමිණෙන ස්ලිම් නොවන සරණාගතයන්ට ඉන්දියානු රටවැසිකම දීමට පනතක් සම්මත කර ගැනීම,  එංගලන්තයේ (එක්සත් රාජධානියේ) කොන්සර්වෙටිව් පක්‍ෂය මැතිවරණයෙන් ජය ගැනීම පිළිබඳ ව මෙරට ජනමාධ්‍ය පඬියන් එතරම් කතාවක්, ඊනියා විශ්ලේෂණයක්, නැති වීම තරමක ප්‍රශ්නයක්. රටේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු තමන් සතු බව පෙන්වමින් කතා කරන පඬියන් මේ ප්‍රශ්න ගැන එතරම් උනන්දුවක් නොදක්වන්නේ ඇයි ද යන්න   ඔවුන්ගෙන් ම දැන ගන්න ඕන. මේ පඬියන්ට රටේ ජනාධිපතිකම දුන්න නම් රට මිහිබට සුරපුරක් වෙන්න තිබුණ. 

Saturday, 3 August 2019

මුස්ලිමුන් හා නීති

මුස්ලිමුන් හා නීති



නෙදර්ලන්තය බුර්කාව තහනම් කරලා. මුස්ලිමුන්ගෙ මානව අයිතිවාසිකම්වලට මොකද වෙන්නෙ. මෙරට ඇතැම් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් මෑතක සිට නෙදර්ලන්තය සමග සම්බන්ධකම් පවත්වනවා.  ලංකාවෙ බුර්කාව තහනම් කළා නම් ඒ අය රට දෙවනත් කරාවි. පෙළපාලි යාවි. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය කරාවි. බැරිද නෙදර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරන්න.

Tuesday, 26 June 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 2

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 2

දහනවවැනි සියවසේ අග වන විටත් මෙරට අඩු තරමෙන් දෙමළ ජනවාර්ගිකත්වයක් ගොඩ නැගී තිබුණේ නැහැ. එයට ප්‍රධාන ම සාක්‍ෂිය එකල සිද්ධි ලෙබ්බේ වැනි මුස්ලිම් නායකයන් මුස්ලිම් ජනයා සඳහා ද ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් මන්ත්‍රී ධුරයක් ඉල්ලා සිටි විට පොන්නම්බලම් කුමාරස්වාමි පවුලේ පොන්නම්බලම් රාමනාදන් තමන් මුස්ලිමුන් වෙනුවෙන් ද පෙනී සිටින බව කීමයි. ඔහුට හා අනෙක් වෙල්ලාල නායකයන්ට අනුව පොන්නම්බලම් රාමනාදන් දෙමළ කතාකරන ජනයාගේ නියෝජිතයා වුණා! මුස්ලිමුන්ට වෙන ම නියෝජනත්වයක් ලැබුණේ පසුවයි.