විදෙස් පුවත් තුනක්
මුස්ලිම් රටක් වූ ගැමිබියාව මියන්මාරයේ අවුං සාන් සුකීට විරුද්ධ ව ඊනියා ජාත්‍යන්තර ජූරියට යෑම, ඉන්දියාව ඇෆ්ගනිස්ථානයෙන් පකිස්ථානයෙන් බංග්ලාදේශයෙන් පැමිණෙන ස්ලිම් නොවන සරණාගතයන්ට ඉන්දියානු රටවැසිකම දීමට පනතක් සම්මත කර ගැනීම, එංගලන්තයේ (එක්සත් රාජධානියේ) කොන්සර්වෙටිව් පක්‍ෂය මැතිවරණයෙන් ජය ගැනීම පිළිබඳ ව මෙරට ජනමාධ්‍ය පඬියන් එතරම් කතාවක්, ඊනියා විශ්ලේෂණයක්, නැති වීම තරමක ප්‍රශ්නයක්. රටේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු තමන් සතු බව පෙන්වමින් කතා කරන පඬියන් මේ ප්‍රශ්න ගැන එතරම් උනන්දුවක් නොදක්වන්නේ ඇයි ද යන්න ඔවුන්ගෙන් ම දැන ගන්න ඕන. මේ පඬියන්ට රටේ ජනාධිපතිකම දුන්න නම් රට මිහිබට සුරපුරක් වෙන්න තිබුණ.