Main Logo

Showing posts with label Conservative Party. Show all posts
Showing posts with label Conservative Party. Show all posts

Friday, 13 December 2019

විදෙස් පුවත් තුනක්

        සිංහල ලිත් ඉලක්කම්

විදෙස් පුවත් තුනක්

මුස්ලිම් රටක් වූ ගැමිබියාව මියන්මාරයේ අවුං සාන් සුකීට විරුද්ධ ව ඊනියා ජාත්‍යන්තර ජූරියට යෑම, ඉන්දියාව ඇෆ්ගනිස්ථානයෙන් පකිස්ථානයෙන් බංග්ලාදේශයෙන් පැමිණෙන ස්ලිම් නොවන සරණාගතයන්ට ඉන්දියානු රටවැසිකම දීමට පනතක් සම්මත කර ගැනීම,  එංගලන්තයේ (එක්සත් රාජධානියේ) කොන්සර්වෙටිව් පක්‍ෂය මැතිවරණයෙන් ජය ගැනීම පිළිබඳ ව මෙරට ජනමාධ්‍ය පඬියන් එතරම් කතාවක්, ඊනියා විශ්ලේෂණයක්, නැති වීම තරමක ප්‍රශ්නයක්. රටේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු තමන් සතු බව පෙන්වමින් කතා කරන පඬියන් මේ ප්‍රශ්න ගැන එතරම් උනන්දුවක් නොදක්වන්නේ ඇයි ද යන්න   ඔවුන්ගෙන් ම දැන ගන්න ඕන. මේ පඬියන්ට රටේ ජනාධිපතිකම දුන්න නම් රට මිහිබට සුරපුරක් වෙන්න තිබුණ. 

Saturday, 7 December 2019

සුද්දන් සුද්ද කිරීම

       සිංහල ලිත් ඉලක්කම්


සුද්දන් සුද්ද කිරීම 




මෙරට ඊනියා ලාංකික ජාතියක් ගොඩ නැගීමට පඬියන් කතා කරනවා. එහෙත් දෙමළ, මුස්ලිම් නමින් දේශපාලන පක්‍ෂ ක්‍රියාත්මක වෙනවා. පඬියන් ඒ පක්‍ෂවලට ඊනියා ලාංකික නාමයකින් ඒ පක්‍ෂවල නම් වෙනස් කර ගන්න කියන්නේ නැහැ. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා කතාව මතක් වෙනවා. පඬියන් කියන්න බැරි නැහැ සිංහලයන්ගේ අසාධාරණකම් නිසා එලෙස පක්‍ෂ නම් කිරීමට සිදු වී තිබෙනවා කියා. එහෙත් පඬියන් මේ අසාධාරණකම් නම් කරන්නේ නැහැ. 

Thursday, 5 December 2019

බටහිරයන්, සිංහල නැගිටීම හා චිත්‍ර

        සිංහල ලිත් ඉලක්කම්


 බටහිරයන්, සිංහල නැගිටීම හා චිත්‍ර 



එංගලන්තයේ කොන්සර්වෙටිව් පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශයේ ලංකාව රාජ්‍ය දෙකකට කැඩීමක් ගැන කියැවෙනවා. උදය ගම්මන්පිල ඒ ගැන කියා තිබුණා.  ඒ පිළිබඳ ව ලන්ඩනයේ ලංකා මහා කොමසාරිස්වරිය කලින් ම  පැමිණිල්ලක් කරල තියෙනවා. එවිට කොන්සර්වටිව් පක්‍ෂය කියා තියෙන්නෙ රාජ්‍ය දෙකේ කතාව ලංකාවට අදාළ නැත එය ඊනියා මැද පෙරදිගට පමණක් අදාළ බවයි. අපි කොන්සර්වෙටිව් පක්‍ෂයේ  මැතිවරණ ප්‍රකාශයේ අදාළ කොටස උපුටා දක්වමු.  "We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflict zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution."මෙහි කියන දෙය ඉතා පැහැදිලියි. සයිප්‍රස්, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග වැනි ගැටුම් කලාපවල රාජ්‍ය දෙකක් සඳහා වූ තම ප්‍රතිපත්තිය පවත්වා ගෙන යන බව සඳහන් වෙනවා. මෙහි අවසන් කොමාව තිබෙන්නේ Middle East යන වචනවලට පසුව. එවිට රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්නේ සයිප්‍රස්, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග සම්බන්ධයෙන්. කොන්සර්වෙටිව් පක්‍ෂයට රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තිය ඊනියා මැද පෙරදිගට (මෙය බටහිර ආසියාව විය යුතුයි. මැද පෙරදිගක් ඇත්තේ යුරෝපයට සාපේක්‍ෂව) පමණක් සීමා කළ යුතුව තිබිණි නම් කොමාව යොදන්න තිබුණෙ Sri Lanka යන්නට පසුව and යන්නට කලින්. කොන්සර්වෙටිව් පක්‍ෂයට කොමාව වැරදිලා ද? නැත්නම් අපට කොකා පෙන්නනවා ද?