Main Logo

Showing posts with label Thondaman. Show all posts
Showing posts with label Thondaman. Show all posts

Tuesday, 2 June 2020

තොණ්ඩමන් හා දෙමළ ජන කොට්ඨාස දේශපාලනය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





තොණ්ඩමන් හා දෙමළ ජන කොට්ඨාස දේශපාලනය

තපස්සු භල්ලුක ගැන තව තවත් තොරතුරු ලැබෙනවා. තොරතුරු එවන සියළු දෙනා වහන්සේට හා සියල්ලන්ට පින්! ඒ තොරතුරු කියවන විට මා දන්නේ මොනවා ද කියා හිතෙනවා. එක් අයකු අසා තිබුණා භල්ලුක කියා තැනැත්තකු එළාරගේ පරාජයෙන් පසු ලංකාවට පැමිණියා නේද කියා. ඒ භල්ලුක නම් එන්න ඇත්තේ දඹදිවින් තමයි. එහෙත් එපමණකින් තපස්සු භල්ලුකක් දඹදිව වැසියන් කියා කීමට බැහැ. මේ නම් බොහොමයක් ඉන්දීයකරණය වෙලා. 

Sunday, 31 May 2020

තපස්සු භල්ලුක ගැන දන්නවා ද?



                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9






තපස්සු භල්ලුක ගැන දන්නවා ද?



ආණ්ඩුව මේ සතියේ ප්‍රශ්න දෙකක් අවුල් කර ගත්තා. එකක් හාල් ප්‍රශ්නය, අනෙක තොණ්ඩමන් ප්‍රශ්නය. මා මේ බව කියන්නේ ඉදිරියට මෙවැනි වැරදි නොකර සිටීම සඳහා පමණයි. හාල් ප්‍රශ්නය මට පේන හැටියට බත් නොකන පිරිසක් අවුල් කර ගත්තක්. ඔවුන් මොන වියතුන් දැයි උගතුන් දැයි මා දන්නේ නැහැ. මාධ්‍ය රැගෙන ඩඩ්ලි සිරිසේන මුණ ගැහෙන්න ගොස් ඔහු වීරයකු බවට පත් කිරීමයි අවසානයේ දී සිදු වුණේ. හාල් මාෆියාව පාලනය කිරීමට ඒ ප්‍රශ්න ගැන දැනුම් තේරුම් ඇති උදවිය පත් කරන්න ඕන. 

Thursday, 2 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 13




දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 13





1833 දී දෙමළ ජාතිවාදය ඉංගිරිසින් විසින් දේශපාලනික ව බෞතීස්ම කළ දින සිට 1947 පමණ වන තුරු දෙමළ වෙල්ලාල නායකයන්ට අවශ්‍ය වූයේ මුළු රටේ ම නායකයන් වීමට මිස ඊනියා ඊළමක නායකයන් පාලකයන් වීමට නො වෙයි. මේ ඉතිහාසය අපට වැදගත් වන්නේ නිල වශයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වලට වෙන ම පාලනයක් ඉල්ලීමේ මුල 1947 පමණ දැක ගත හැකි වීම නිසයි. ඒ භාෂා පනතට මෙන් ම උඩරට දෙමළ කතාකරන ජනයා රටවැසියන් ලෙස නොපිළිගැනීමටත්  පෙරයි. යම්කිසි අයුරකින් වෙල්ලාලයන්ට රටේ ම නායකයන් වීමට හැකි වුණා නම් ඔවුන් ඊළමක් ඉල්ලන්නේ නැහැ. එහෙත් සර්වජන ඡන්දයෙන් පසු විශේෂයෙන් ම 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු චෙල්වනායගම් නාගනාදන් වැනි අය තමන්ට රටේ ම නායකයන් වීමට නොහැකි බව තේරුම් ගත්තා.

Thursday, 19 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 10


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 10



1948 දි අපට ඩොමීනියන් නිදහස ලැබෙන්න මාස කිහිපයකට ඉස්සෙල්ලා ඉන්දියාවටත් ඩොමීනියන් නිදහස ලැබුණා. ඒත් ඒ එතෙක් පැවති ඉංගිරිසි ඉන්දියාව දෙකඩ කරලා පකිස්ථානය කියල තවත් රටක් ඇති කරලා. ඒ ඉන්දියාවත් පකිස්ථානයත් වැඩිකල් යන්න ඉස්සෙල්ල ජනරජ බවට පත්වුණෙ ඉංගිරිසි රජු අයින් කරලා. ඔවුන් ජනරජ දින තමයි උත්සශ්‍රීයෙන් සමරන්නෙ. අපට ජනරජයක් වෙන්න අවුරුදු විසිහතරක් බලා ඉන්න වුණා. ජනරජයක් වෙලත් අපි ජනරජ දිනය අමතක කරලා. අඩු තරමෙන් එදාට නිවාඩුවක්වත් නැහැ. අපි තාමත් සමරන්නෙ ඩොමීනියන් නිදහස ලැබුණු දිනය.

Tuesday, 26 June 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 2

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 2

දහනවවැනි සියවසේ අග වන විටත් මෙරට අඩු තරමෙන් දෙමළ ජනවාර්ගිකත්වයක් ගොඩ නැගී තිබුණේ නැහැ. එයට ප්‍රධාන ම සාක්‍ෂිය එකල සිද්ධි ලෙබ්බේ වැනි මුස්ලිම් නායකයන් මුස්ලිම් ජනයා සඳහා ද ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් මන්ත්‍රී ධුරයක් ඉල්ලා සිටි විට පොන්නම්බලම් කුමාරස්වාමි පවුලේ පොන්නම්බලම් රාමනාදන් තමන් මුස්ලිමුන් වෙනුවෙන් ද පෙනී සිටින බව කීමයි. ඔහුට හා අනෙක් වෙල්ලාල නායකයන්ට අනුව පොන්නම්බලම් රාමනාදන් දෙමළ කතාකරන ජනයාගේ නියෝජිතයා වුණා! මුස්ලිමුන්ට වෙන ම නියෝජනත්වයක් ලැබුණේ පසුවයි.