දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 13
1833 දී දෙමළ ජාතිවාදය ඉංගිරිසින් විසින් දේශපාලනික ව බෞතීස්ම කළ දින සිට
1947 පමණ වන තුරු දෙමළ වෙල්ලාල නායකයන්ට
අවශ්‍ය වූයේ මුළු රටේ ම නායකයන් වීමට මිස ඊනියා ඊළමක නායකයන් පාලකයන් වීමට නො
වෙයි. මේ ඉතිහාසය අපට වැදගත් වන්නේ නිල වශයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වලට වෙන ම
පාලනයක් ඉල්ලීමේ මුල 1947 පමණ දැක ගත හැකි වීම නිසයි. ඒ භාෂා පනතට මෙන් ම උඩරට දෙමළ කතාකරන ජනයා
රටවැසියන් ලෙස නොපිළිගැනීමටත් පෙරයි. යම්කිසි අයුරකින් වෙල්ලාලයන්ට රටේ ම
නායකයන් වීමට හැකි වුණා නම් ඔවුන් ඊළමක් ඉල්ලන්නේ නැහැ. එහෙත් සර්වජන ඡන්දයෙන් පසු
විශේෂයෙන් ම 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු
චෙල්වනායගම් නාගනාදන් වැනි අය තමන්ට රටේ ම නායකයන් වීමට නොහැකි බව තේරුම් ගත්තා.