Main Logo

Showing posts with label Parinda Ranasinghe. Show all posts
Showing posts with label Parinda Ranasinghe. Show all posts

Monday, 10 February 2020

මෝදිගෙ සිංහල බෞද්ධ විරෝධය

   සිංහල ලිත් ඉලක්කම්


මෝදිගෙ සිංහල බෞද්ධ විරෝධය



මෝදිට ලංකාවෙ දෙමළ ජනයා ගැන මෙතරම් උනන්දුවක් තියෙන්නෙ මොකද? ඔහු මහින්ද රාජපක්‍ෂට කියා තියෙනවා දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස. ඔහු අඩු ගණනෙ හිතුව ද අවුරුදු තිස්දෙකකටත් පස්සෙ ඒක ක්‍රියාත්මක කරන්න බැරි ඇයි කියල. පඬි නැට්ටකු කියන්න පුළුවන් සිංහල ස්වොත්තමවාදීන්ගෙ බලපෑම නිසා කියලා. ස්වොත්තමවාදය පැත්තකින් තියමු. සිංහල බහුතරයේ විරුද්ධතාව මැද දහතුන ක්‍රියාත්මක කරන්න කීම ගැන කියන්න තියෙන්නෙ මෝදි ලංකාවෙ පාලකයා නොවන බව පමණයි. 

Tuesday, 15 October 2019

බැසිල් එන්නේ මොකාට ද?

         සිංහල ලිත් ඉලක්කම්


බැසිල් එන්නේ මොකාට ද? 



බැසිල් රාජපක්‍ෂ ඉන්දියාවේ පුවත්පතකට ප්‍රකාශයක් කරලා. සුපුරුදු විධියට ඔහු තමාට ජාතිකත්වයක් නැති බව කියලා. ඔහු කියා ඇත්තේ උපරිම ලෙස බලය බෙදනවා කියා. උපරිම ලෙස බලය බෙදන්න පොදුජන පෙරමුණක් අවශ්‍ය නැහැ. එ ජා පක්‍ෂය හරි චන්ද්‍රිකා හරි ඉඩක් දුන්නොත් ඒ කරාවි. බැසිල් හදන්නේ ගෝඨාභයගේ ඡන්ද කඩන්න ද?

Friday, 18 January 2019

කොහේ තියෙන ඒකීය රාජ්‍යයක් ද?


කොහේ තියෙන ඒකීය රාජ්‍යයක් ද?



සුමන්තිරන් කියන්නේ නව ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යය අහෝසි නොවන බවයි. ඔහු කුමක් කීවත් රනිල් කුමක් කීවත් මේ රාජ්‍යය ඒකීය රාජ්‍යයක් නො වෙයි. ඒ කියන්නේ අහෝසි වන්න මෙරට ඒකීය රාජ්‍යයක් නැති බවයි.  දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමු කළ අවස්ථාවේ විනිසුරුවන් හතර දෙනකු කියා සිටියේ ඉන් ඒකීය රාජ්‍යය අහෝසි වන බවයි. විනිසුරුවන් හතරදෙනකු කියා සිටියේ ඒකීය රාජ්‍යය එසේ ම තිබෙන බවයි. පාරින්ද රණසිංහ විනිසුරුතුමා තම තීන්දුවෙන් කියා සිටියේ 154(උ)(2) අනුව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතරයකින් මෙන් ම ජනමත විචාරණයකින් ද සම්මත විය යුතුයි. ඒ අනුව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යය අහෝසි වන බව එතුමාගේ අදහස වුණා. ජනමත විචාරණයක් අවශ්‍ය යැයි එතුමා තීරණය කෙළේ එබැවිනුයි. ජේ ආර් එම අනුව්‍යවස්ථාව ජනමත විචාරණයකට යොමු කෙළේ නැහැ. ඒ වගන්තිය මෙසේයි.