Wednesday,
January 9, 2019
පුළුවන් තරම් බලය බෙදන්න ඕනෑ
බැසිල්
රාජපක්‍ෂ
ශ්‍රී
ලංකා පොදුජන පෙරමුණ
ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන හදිසි ජනා ධිපති වරණය ක් කැඳෙව්වොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහායෝගය දෙනවාද?
අපි
එහෙම තීන්දුවක් අරගෙන නැහැ. මම හිතන්නේ මේ වෙලාවේ ජනාධිපතිවරණයකට යෑම ඒ තරම්
සුදුසු නැහැ. දැන් සමහරු කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්ත තීරණය වැරදියි
කියලා. මම ඒ තීරණයේ හරි වැරැද්ද ගැන අදහසක් කියන්නේ නැහැ. එහෙත්, එහෙම
සාකච්ඡාවක් තියෙන වෙලාවක හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම අවාසියක් වේවි. අනෙක ජනතාව
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන්නේ වසර හයක් සඳහා. ජනාධිපතිවරයා
වසර පහකට ඒ කාලය සීමා කරගත්තා. ඊටත් ඉහා ගිහින් තවත් කාලය සීමා කරගැනීම සුදුසුයි
කියලා මම හිතන්නේ නැහැ. කෙසේ වෙතත් 2019 අග ජනාධිපතිවරණයක්
පැවැත්විය යුතුයි.