සිංහලයන් පාලනය කරන ඇංග්ලිකන් ක්‍රිස්තියානි
සංස්කෘතිය
මෙරට දෙමළ ජාතිවාදය ඇති කෙළේ ලන්දේසීන් බව අප පුන පුනා කියනවා. ඒ
දුම්කොළ වගාව සඳහා වෙල්ලාලයන් කෝරමණ්ඩල වෙරළෙන් යාපනයට ගෙන ඒමෙන්. එය සිදුවූයේ
එක්දහස් හයසිය පනහෙන් පසු. යාපනයේ
වෙල්ලාලයන්ගේ ඉතිහාසය අවුරුදු තුන්සිය පනහකට වැඩි නැහැ. අනාදිමත් කාලයක සිට මෙරට
දෙමළ ජනයා සිටියේ යැයි කියන විග්නේස්වරන්ගේ ඉතිහාසයත් අවුරුදු තුන්සිය පනහක් නැහැ. විශ්වවිද්‍යාලවල ඉන්න ඉතිහාසඥයන් යැයි කියන ඉතිහාස අඥානයන්ට යාපනයට ගොස් තෝම්බු පරීක්‍ෂා කර මේ බව දැනගත
හැකියි. විග්නේස්වරන් විතරක් නොවෙයි ඔහුගේ ඥාතීන් වූ අරුණාශලම්, රාමනාදන් ආදීන්ගේ ඉතිහාසයත් එබඳුයි. එහෙත් සිංහලයන්ටත් කොපමණ කිවුවත්
ඒ ගැන හැඟීමක් නැහැ. ඔවුන් සිතන්නේත් වෙල්ලාලයන්
සේන ගුත්තික එළාර කාලවල සිට මෙරට සිටින බවයි.