රනිල්ගේ සුදු වෑන් රිය
ඊයේ අප සරසවි නැහැදිච්චකම ගැන කතා කළා. මට පඬියන්ගේ නැහැදිච්චකමත්
රනිල්ගේ නැහැදිච්චකමත් ගැන කතා කරන්න ඕන. සරසවි නැහැදිච්චකම පඬි නැහැදිච්චකමේ ම
කොටසක්. අපි එය පසුව කතා කරමු. රනිලුත් සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි.
පඬියොත් එහෙමයි. ඔවුන් සිංහල බුද්ධාගමට පහර ගහනවා. අද සිවුරු පොරවාගත් අව් කණ්නාඩි
දමාගත් ඕනෑම මගුලක් නිවන අදාළ යැයි කියන අයත් සිංහල බුද්ධාගමට පහර දෙන්න යොදා
ගන්නවා. සිංහල බෞද්ධයන් මේවා වැඩිකල් ඉවසන එකක් නැහැ. මේ සියල්ලට ම මුල රනිල්. ඒත්
ඒකාබද්ධ විපක්‍ෂයවත් මෛත්‍රිපාලවත් රනිල් ඉවත් කරන්න උත්සාහ කරන්නේ නැහැ.