Main Logo

Showing posts with label Anuradhapura. Show all posts
Showing posts with label Anuradhapura. Show all posts

Tuesday, 5 May 2020

සිංහල බෞද්ධ ජාතිකත්වය ගැන වචනයක්

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්


0  1   2    3    4   5  6  7  8  9 





සිංහල බෞද්ධ ජාතිකත්වය ගැන වචනයක් 



අගමැති මහින්ද රාජපක්‍ෂ ඊයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවල තිබුණ. මෙහි හිටපු කියන්නෙ 2015 පාර්ලිමේන්තුවෙ හිටපු මන්ත්‍රීවරුන් පමණක් නොවන බව පැහැදිලියි. ඒ 2015 පාර්ලිමේන්තුවෙ ම වෙන්න ඕන නැහැ.  එයට  සමහර හිටපු එ ජා ප මන්ත්‍රීවරුන් ද සහභාගි වෙලා. ඔවුන් 2015 පාර්ලිමේන්තුවෙ අය නොවෙයි. මා දන්නේ නැහැ ඊයෙ මේ හිටපු මන්ත්‍රීන් කොවිඩ් 19 මර්දනය කිරීමට මොන වගේ යෝජනා කළා ද කියල. ක්‍රියාත්මක කරන්න පුළුවන් වැදගත් යෝජනාවක් කළා නම් ඒ බව රටට හෙළි කරන එක හොඳයි. 

Tuesday, 8 January 2019

ජාත්‍යන්තර තලයට යෑම හා ජාතික උරුමය


ජාත්‍යන්තර තලයට යෑම හා ජාතික උරුමය



අප ඊනියා ජාත්‍යන්තර තලයට යනවා කියන එකේ තේරුම මොකක් ද? අප ජාත්‍යන්තර තලයට යමක් එකතු කරන එක ද? එහෙම නැත්නම් අප ඊනියා ජාත්‍යන්තර තලයෙන් යමක් ලබා ගැනීම ද? ඔය ජාත්‍යන්තර තලය කියන එකත් වෙනස් වෙනවා. බටහිර යුරෝපීයයන් මෙරටට පැමිණුනාට පස්සෙ ජාත්‍යන්තර තලය නිර්මාණය වුණෙ බටහිර රටවල. ඊට පෙර ජාත්‍යන්තර තලය වුණෙ භාරතය හා ඇතැම් අවස්ථාවල චීනය. අද ඉන්දියාවත් බටහිර රටවල ඊනියා ජාත්‍යන්තර තලයෙ පසුවන බව  කියනවා. අප ඉන්දීය චිත්‍රපටයක් නරඹන විට බොලිවුඩ් හොලිවුඩ්ට යට වෙලා බව තේරුම් ගන්න එච්චර කල්පනා කරන්න අවශ්‍ය නැහැ. බොලිවුඩ් කියන නම ම හදා ගෙන තියෙන්නෙ හොලිවුඩ් අනුකරණයෙන්. අප සමහරවිට ඉන්දියාවෙන් ගන්නෙ ඊට ටික කලකට උඩින් ඉන්දියාව බටහිර රටවලින් ගත් දේ.

Friday, 17 August 2018

රනිල්ගේ සුදු වෑන් රිය


රනිල්ගේ සුදු වෑන් රිය



ඊයේ අප සරසවි නැහැදිච්චකම ගැන කතා කළා. මට පඬියන්ගේ නැහැදිච්චකමත් රනිල්ගේ නැහැදිච්චකමත් ගැන කතා කරන්න ඕන. සරසවි නැහැදිච්චකම පඬි නැහැදිච්චකමේ ම කොටසක්. අපි එය පසුව කතා කරමු. රනිලුත් සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි. පඬියොත් එහෙමයි. ඔවුන් සිංහල බුද්ධාගමට පහර ගහනවා. අද සිවුරු පොරවාගත් අව් කණ්නාඩි දමාගත් ඕනෑම මගුලක් නිවන අදාළ යැයි කියන අයත් සිංහල බුද්ධාගමට පහර දෙන්න යොදා ගන්නවා. සිංහල බෞද්ධයන් මේවා වැඩිකල් ඉවසන එකක් නැහැ. මේ සියල්ලට ම මුල රනිල්. ඒත් ඒකාබද්ධ විපක්‍ෂයවත් මෛත්‍රිපාලවත් රනිල් ඉවත් කරන්න උත්සාහ කරන්නේ නැහැ.

Friday, 29 June 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 3


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 3





සිංහලයන්ට ඉතිහාස විඥානයක් තිබූ බව අපේ වංසකතා සාහිත්‍යයෙන් පෙන්නුම් කරනවා. එහෙත් ඒ විඥානය ඉංගිරිසි අධ්‍යාපනයෙන් හා ඕල්කට් බුද්ධාගමෙන් නැති කර තිබෙනවා. අද බොහෝ දෙනා අනුරාධපුරේ යනවා. පසුගිය පොසොන් පොහොයටත් ගියා. එහෙත් ඒ යන්නේ බෞද්ධයන් ලෙස මිස සිංහල බෞද්ධයන් ලෙස නො වෙයි. අප යන්නේ අටමස්ථානය වැඳ පුදා ගැනීමට පමණයි. අප මිහින්තලේත් යනවා. අපට දේවානම්පිය තිස්ස රජු ගැනත් කල්පනා වෙනවා. ගැමුණු රජු ගැනත් කල්පනා වෙන්න පුළුවන්. එහෙත් එපමණයි. ඒ රජවරු ගැනත් හිතන්නේ බෞද්ධ ආකල්පයකින්. ලෝකයේ එක දිගට වැඩි ම කාලයක් අගනුවර ලෙස පැවතුණු නගරය අපට මතක් වෙනවා ද? එහෙම මතක් වෙනවා නම් පැරණි ගල් කණු ලිප් ගල්වලට ගන්නවා ද?