Main Logo

Showing posts with label Yakkha. Show all posts
Showing posts with label Yakkha. Show all posts

Tuesday, 12 March 2019

මහින්දගේ ප්‍රකාශය

මහින්දගේ ප්‍රකාශය

තාමත් ඇතැමුන් මෛත්‍රිපාල කෙරෙහි වු වෛරයකින් පෙළෙන බව පැහැදිලියි. මේ වෛරයේ අවසාන ප්‍රතිඵලය වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් තුරන් වී යෑමයි. ඊයේ මා කුසුමාසන දේවි නාට්‍යයේ සමාප්තිය දැක්කා. දෙරණ එය නිෂ්පාදනය කෙළේ කිනම් අරමුණකින් දැයි මට තාම තේරුම් ගැනීමට නොහැකි වුණා. එහි දෝන කතිරිනා කුසුමාසන දේවි බවට පත්කර තිබෙනබා. මට අපේ ඉතිහාසයේ ඈත අතීතය මතක් වුණා. මෙරට යක්‍ෂ ජනතාවක් නොසිටියේ  යැයි කියන ඇතැම් මෛත්‍රිපාල විරෝධී ජාතිකවාදීන්ට අනුව ඒ ජනතාව මෙන් ම මා ද අමනුෂ්‍යයන් වෙන්න පුළුවන්. ඒත් කුසුමාසන දේවිට අත් වී ඇත්තෙත් සර්වසාම්‍ය නොවූවත් යක්‍ෂ ප්‍රාදේශීය නායිකාවක් වූ කුවේණි ට සමාන ඉරණමක්. පිටින් පැමිණි වංගයන් හා පෘතුගීසීන් කාන්තාවන් මගින් බලය ලබා ගැනීමට කරන ලද ප්‍රයත්න මේ කතා දෙකෙන් පැහැදිලි වෙනවා.

Tuesday, 8 January 2019

ජාත්‍යන්තර තලයට යෑම හා ජාතික උරුමය


ජාත්‍යන්තර තලයට යෑම හා ජාතික උරුමය



අප ඊනියා ජාත්‍යන්තර තලයට යනවා කියන එකේ තේරුම මොකක් ද? අප ජාත්‍යන්තර තලයට යමක් එකතු කරන එක ද? එහෙම නැත්නම් අප ඊනියා ජාත්‍යන්තර තලයෙන් යමක් ලබා ගැනීම ද? ඔය ජාත්‍යන්තර තලය කියන එකත් වෙනස් වෙනවා. බටහිර යුරෝපීයයන් මෙරටට පැමිණුනාට පස්සෙ ජාත්‍යන්තර තලය නිර්මාණය වුණෙ බටහිර රටවල. ඊට පෙර ජාත්‍යන්තර තලය වුණෙ භාරතය හා ඇතැම් අවස්ථාවල චීනය. අද ඉන්දියාවත් බටහිර රටවල ඊනියා ජාත්‍යන්තර තලයෙ පසුවන බව  කියනවා. අප ඉන්දීය චිත්‍රපටයක් නරඹන විට බොලිවුඩ් හොලිවුඩ්ට යට වෙලා බව තේරුම් ගන්න එච්චර කල්පනා කරන්න අවශ්‍ය නැහැ. බොලිවුඩ් කියන නම ම හදා ගෙන තියෙන්නෙ හොලිවුඩ් අනුකරණයෙන්. අප සමහරවිට ඉන්දියාවෙන් ගන්නෙ ඊට ටික කලකට උඩින් ඉන්දියාව බටහිර රටවලින් ගත් දේ.