ඊනියා ආර්ය චක්‍රවර්ති රාජ්‍යය හා වෙල්ලාල ජාතිවාදය
ආර්ය චක්‍රවර්තීන් තමන් හඳුන්වා ගෙන ඇත්තේ බ්‍රාහ්මණ ක්‍ෂත්‍රිය වාංශිකයන් ලෙසයි. භාරතයේ ඇතැම් බ්‍රාහ්මණයන් ක්‍ෂත්‍රියන්ට පුරෝහිතකම් කිරීමට අමතර ව ක්‍ෂත්‍රියන්ගේ කටයුතු ද කර තිබෙනවා. ආර්ය චක්‍රවර්තීන් මලබාරය පැත්තෙන් පැමිණියේ ද නැත්නම් කාලිංගය පැත්තෙන් පැමිණියේ ද යන්න පිළිබඳ ව ද මතභේදයක් තිබෙනවා. ඔවුන් කතා කරන්න ඇත්තේ දෙමළ භාෂාව හෝ වෙනයම් ද්‍රවිඩ භාෂාවක් වෙන්න පුළුවන්. මේ බොහෝ කරුණු පිළිබඳ නිශ්චිත මතයක් ප්‍රකාශ කරන්න තවමත් බැහැ. ආර්ය චක්‍රවර්තීන් මුුහුදු කොල්ලකාරයන් බවට ද මතයක් තිබෙන බව සඳහන් කරන්න ඕන.