Main Logo

Showing posts with label Gharasarpa. Show all posts
Showing posts with label Gharasarpa. Show all posts

Thursday, 26 December 2019

දැනුම් පද්ධති දෙකක කතාවක්


    සිංහල ලිත් ඉලක්කම් 



අද ඉරට  මොකද වුණෙ යන්න දැනුම් පද්ධති දෙකක කතාවක්. 

තවත් දැනුම් පද්ධති දෙකක කතාවක් අද (2019 - 12 - 26) දෙරණ ප්
රචාරය කළා. ඒ ඝරසර්පයි. ඒ සම්බන්ධයෙන් මා ලියූ ලිපි තුනක් කාලයෙහි පළවුණා. එය පහත සඳහන් සබැඳිවලින් කියවන්න පුළුවන්. 



Sunday, 21 July 2019

කුවේරලා හා රාවණලා

කුවේරලා හා රාවණලා



දෙරණේ විකාශය වන රාවණ ටෙලිනාට්‍යය නරඹන සමහර අයකුට හිතෙන්න පුළුවන් දැනුත් සිද්ධ වෙන්නෙ එදා සිද්ධ වුණු දේ ම තමයි කියල. ටෙලිනාට්‍යයෙ කියන විධියට එදා කුවේර හෙළයේ රජකම භාරතීයන්ගේ උපකාරයෙන් ලබා ගත්ත. ඒ රජකම රැක ගැනීම සඳහා කුවේර හෙළයේ සෑම දෙයක් ම, විශ්ව ශක්ති කේන්ද්‍රය පවා, භාරතීයයන්ට ලබා දෙනවා. ඔහු එසේ කරන්නේ අර භාරතයෙන් පූජකයන් ගෙන ආ දේවි රඳවා ගැනීමට පමණක් නො වෙයි. විශ්ව ශක්තිි කේන්ද්‍රය ලබා දීමට කටයුතු කළ ද, ඒ සාර්ථක විණි දැයි දැන ගැනීමට හැකි වන්නේ පසුවයි. 

Wednesday, 19 September 2018

ඝරසර්ප 3 (කළු කුමාරයා)


ඝරසර්ප 3

(කළුකුමාරයා)



තරුණිය සුවපත් කරනු ලැබුයේ පියතුමා විසින් ද නැත්නම් වෙනත් කිසිවකු  විසින් ද? පියතුමා නම් කියන්නේ ඇය තරුණයාගේ ආදරය විසින් සුව කරනු ලැබූ බවයි. එහෙත් පල්ලියට රැස් වූ ජනයා සිතන්නේ කෙසේ ද? පූජාවන් පැවැත් වූයේ පියතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනතාවට පේන්න පල්ලියේ පූජාවන් හැර තොවිල් පවිල් සිදු වූයේ නැහැ. පියතුමා කුමක් කීවත් පල්ලියේ රැස්වූවනට පියතුමා තමයි තරුණිය සුවපත් කෙළේ.

Tuesday, 18 September 2018

ඝරසර්ප 2 (යක්‍ෂයා පළවා හැරීම)


ඝරසර්ප 2

(යක්‍ෂයා පළවා හැරීම)



බටහිර මනෝ චිකිත්සාවේ "ආවේෂ" හා කතෝලික චින්තනයේ ආවේෂ යනු එකක් නොව දෙකක්. ඒ එකක් දෙවිධියකට හැඳින්වීමකුත් නො වෙයි. ඒ දෙක දැනුම් පද්ධති දෙකක වූ දැනුම්  දෙකක්. අප බොහෝ විට දැනුම් පද්ධති දෙකක ඇත්තේ වචනවල වෙනසක් පමණක් යැයි සිතනවා. වචන පරිවර්තනයෙන් ඒ එකක් ම ලෙස සැලකිය හැකිය කියා හිතනවා. චින්තනය හඳුන්වා දුන් මුල් කාලයෙ දී ම අප තේරුම් කළා සිංහල බෞද්ධ සංස්කෘතියේ අම්මා යනු බටහිර මදර යන්නෙහි  පරිවර්තනයක් ලෙස පෙනූන ද එ එසේ නොවන බව. සිංහල සංස්කෘතියේ අම්මලා තම දරුවන්ටත් මගෙ අම්මා කියා කියනවා.

Monday, 17 September 2018

ඝරසර්ප


ඝරසර්ප



මේ ඝරසර්ප චිත්‍රපටිය ගැන ඊනියා විචාරයක්වත් ඊනියා කියවීමක්වත් නො වේ. 1930න් පමණ පසු ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණයත් සමග බටහිර දැනුමේ යම් යම් වෙනස්කම් ඇති වුණා. ඊනියා කියැවීම (reading) යනු එසේ එකතු කරගත් දැනුමක්. ඒ සංකල්පය බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුම් පද්ධතියට අයත් එකක්. මා මෙහි ලියන්නේ මට සාපේක්‍ෂ ව මා නිර්මාණය කරගත් ඝරසර්ප ගැනයි. මේ දැනුම් පද්ධති අතර වෙනසක්.