Main Logo

Showing posts with label Gemunu. Show all posts
Showing posts with label Gemunu. Show all posts

Thursday, 15 August 2019

සංස්කෘතික ගැටුම, බැරැන්ඩි කෝවිල හා මුස්ලිම් සංස්කෘතිය

              සිංහල ලිත් ඉලක්කම්



සංස්කෘතික ගැටුම, බැරැන්ඩි කෝවිල හා මුස්ලිම් සංස්කෘතිය




අද ලෝකය පුංචිවෙලා තියෙන්නෙ බටහිර තාක්‍ෂණය නිසා. බටහිර තාක්‍ෂණය බටහිර විද්‍යාවෙන් වෙනස් වුවත් ඒ සමග බැඳී තියෙනවා. බටහිර තාක්‍ෂණය විද්‍යාව දැනුම ආදී සියල්ල අදාළ සංස්කෘතියට සාපේක්‍ෂයි. එ සියල්ල චින්තනය මත පදනම් වෙනවා. එහෙත් මට කියන්න ඕන ඒ කාරණය නො වෙයි. මිනිසුන් දේශයෙන් දේශයට සංක්‍රමණය වීම හා එහි දී සංස්කෘතිය කෙසේ බලපානවා ද යන්න. මේ හැඳින්වීමක් පමණයි. 

Sunday, 21 July 2019

කුවේරලා හා රාවණලා

කුවේරලා හා රාවණලා



දෙරණේ විකාශය වන රාවණ ටෙලිනාට්‍යය නරඹන සමහර අයකුට හිතෙන්න පුළුවන් දැනුත් සිද්ධ වෙන්නෙ එදා සිද්ධ වුණු දේ ම තමයි කියල. ටෙලිනාට්‍යයෙ කියන විධියට එදා කුවේර හෙළයේ රජකම භාරතීයන්ගේ උපකාරයෙන් ලබා ගත්ත. ඒ රජකම රැක ගැනීම සඳහා කුවේර හෙළයේ සෑම දෙයක් ම, විශ්ව ශක්ති කේන්ද්‍රය පවා, භාරතීයයන්ට ලබා දෙනවා. ඔහු එසේ කරන්නේ අර භාරතයෙන් පූජකයන් ගෙන ආ දේවි රඳවා ගැනීමට පමණක් නො වෙයි. විශ්ව ශක්තිි කේන්ද්‍රය ලබා දීමට කටයුතු කළ ද, ඒ සාර්ථක විණි දැයි දැන ගැනීමට හැකි වන්නේ පසුවයි. 

Wednesday, 22 May 2019

සිංහල බෞද්ධ ජනාධිපති අපේක්‍ෂකයෙක්

සිංහල බෞද්ධ ජනාධිපති අපේක්‍ෂකයෙක්


මේ රට සිංහල බෞද්ධ යැයි කීමට දිව නොනැමෙන පිරිස් දෙකොටසක් ඉන්නවා. ඒ සිංහල බෞද්ධ දේශපාලනඥයන් හා සිංහල බෞද්ධ පවුල්වල උපත ලබා යම් යම් හේතූන් නිසා සිංහල බෞද්ධකමට වෛර කරන පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්. දෙවැනි කොටස ගැන කරදර වෙන්න දෙයක් නැහැ. ඔවුන්ගේ කාලය දැන් අවසන්. ඔවුන් බටහිරයන්ගේ ඒජන්තයන්. ඔවුන් බටහිර මතවාද මෙරට ප්‍රචලිත කරන ඩ්‍රීම් ස්ටාර්ලා පමණයි. ඔවුන්ට ඇත්තේ හීනමානයක්. තමන් ඊනියා අඩු කුලයක ඉපදීම, දෙමව්පියන් ඉංගිරිසි නොදැනීම, තාත්තලා කලිසම නොඇඳීම ආදී කරුණු හේතු කොට ගෙන උපන් හීම මානයක් ඔවුන්ට තියෙනවා. ඔවුන්ගේ හීනමානය ඇති කර ඇත්තේත් බටහිරයන්. 

Saturday, 29 December 2018

සිංහලේ එක්සේසත් කළේ කවුද


සිංහලේ එක්සේසත් කළේ කවුද



මේ රටේ ඉතිහාසය ඉගැන්වීමටත් ඉතිහාසයක් තියෙනවා. ඈත අතීතයේ ඉතිහාසය පදනම් වුණෙ ජනකතා (ජනප්‍රවාද, ඊනියා ජනශ්‍රැතිය) වංශකතා සෙල්ලිපි ආදිය මත. ඉතිහාසය ඉගෙනීමට සිදුවන්නේ වර්තමානයෙ. එහෙත් එදා වර්තමානය අද අතීතය වෙලා. බටහිර ගණිතයත් භෞතික විද්‍යාවත් සාපේක්‍ෂ වන විට ඉතිහාසය සාපේක්‍ෂ නොවී සිටින්නේ නැහැ. ඉතිහාසය කියන්නෙත් අනෙක් සියල්ල වගේ ම මිනිසුන්ගෙ නිර්මාණයක්. අද අප ඉතිහාසය නිර්මාණය කිරීමේ දී සමහරවිට පැරණි ඉතිහාස කතාවලට නව අර්ථකථන දෙනවා. ඉතිහාසයකට වඩා ඉතිහාස තියෙනවා කියල කිව්වොත් නිවැරදියි. 

Friday, 16 June 2017

රනිල් එන්නේ මොකාට ද?


රනිල් එන්නේ මොකාට ද?



බටහිරයන් වැඩ කරන්නේ සැලසුමකට අනුව. ඇතැමුන් බටහිර කුමන්ත්‍රණ කීවාට එහි ඇත්තේ සැලසුම්. අපට සැලසුම් නැති නිසා අප බටහිර සැලසුම් කුමන්ත්‍රණ ලෙස සලකනවා. මේ දිනවල මා ගැමුණු මහරජ 2 හා මුතුකුඩ නාට්‍ය නරඹනවා. ගැමුණු රජු සැලසුම්වලට වඩා ශක්තිය පදනම් කර ගත්තා. එළාරටත් විශේෂිත සැලසුමක් තිබුණේ නැහැ. එළාර ගැමුණු රජු දුටුගැමුණු ලෙසත් තිස්ස කුමරු සද්ධාතිස්ස ලෙසත් සිංහලයන් අතර ප්‍රචලිත කිරීමට නම් සමත් වී තිබෙනවා. එහෙත් විහාර මහා දේවිය හා දශ මහා යෝධයන් දැනගෙන හිටියා එළාර පරාජය කළ හැක්කේ ගැමුණු කුමරුට බව.