Main Logo

Showing posts with label Evacuation of Muslims by LTTE. Show all posts
Showing posts with label Evacuation of Muslims by LTTE. Show all posts

Wednesday, 22 May 2019

සිංහල බෞද්ධ ජනාධිපති අපේක්‍ෂකයෙක්

සිංහල බෞද්ධ ජනාධිපති අපේක්‍ෂකයෙක්


මේ රට සිංහල බෞද්ධ යැයි කීමට දිව නොනැමෙන පිරිස් දෙකොටසක් ඉන්නවා. ඒ සිංහල බෞද්ධ දේශපාලනඥයන් හා සිංහල බෞද්ධ පවුල්වල උපත ලබා යම් යම් හේතූන් නිසා සිංහල බෞද්ධකමට වෛර කරන පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්. දෙවැනි කොටස ගැන කරදර වෙන්න දෙයක් නැහැ. ඔවුන්ගේ කාලය දැන් අවසන්. ඔවුන් බටහිරයන්ගේ ඒජන්තයන්. ඔවුන් බටහිර මතවාද මෙරට ප්‍රචලිත කරන ඩ්‍රීම් ස්ටාර්ලා පමණයි. ඔවුන්ට ඇත්තේ හීනමානයක්. තමන් ඊනියා අඩු කුලයක ඉපදීම, දෙමව්පියන් ඉංගිරිසි නොදැනීම, තාත්තලා කලිසම නොඇඳීම ආදී කරුණු හේතු කොට ගෙන උපන් හීම මානයක් ඔවුන්ට තියෙනවා. ඔවුන්ගේ හීනමානය ඇති කර ඇත්තේත් බටහිරයන්.