Main Logo

Showing posts with label Anagarika Dharmapalathuma. Show all posts
Showing posts with label Anagarika Dharmapalathuma. Show all posts

Tuesday, 5 May 2020

සිංහල බෞද්ධ ජාතිකත්වය ගැන වචනයක්

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්


0  1   2    3    4   5  6  7  8  9 





සිංහල බෞද්ධ ජාතිකත්වය ගැන වචනයක් 



අගමැති මහින්ද රාජපක්‍ෂ ඊයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවල තිබුණ. මෙහි හිටපු කියන්නෙ 2015 පාර්ලිමේන්තුවෙ හිටපු මන්ත්‍රීවරුන් පමණක් නොවන බව පැහැදිලියි. ඒ 2015 පාර්ලිමේන්තුවෙ ම වෙන්න ඕන නැහැ.  එයට  සමහර හිටපු එ ජා ප මන්ත්‍රීවරුන් ද සහභාගි වෙලා. ඔවුන් 2015 පාර්ලිමේන්තුවෙ අය නොවෙයි. මා දන්නේ නැහැ ඊයෙ මේ හිටපු මන්ත්‍රීන් කොවිඩ් 19 මර්දනය කිරීමට මොන වගේ යෝජනා කළා ද කියල. ක්‍රියාත්මක කරන්න පුළුවන් වැදගත් යෝජනාවක් කළා නම් ඒ බව රටට හෙළි කරන එක හොඳයි. 

Tuesday, 12 November 2019

ජනාධිපතිවරණ නොනගතය

  සිංහල ලිත් ඉලක්කම්


ජනාධිපතිවරණ නොනගතය


ජනාධිපතිවරණයෙහි දී අඩුවෙන් ම කතා වුනෙ ආධ්‍යාත්මික ගුණ වගාව. ආර්ථිකය, දේශපාලනය ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කතා වුනා. නමුත් සංස්කෘතික පැත්ත ගැන කතා කෙරුණෙ අඩුවෙන්. අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසය හා සංස්කෘතිය ගැන කියවුනත් ආධ්‍යාත්මික ගුණ වගාව ගැන කතා කෙරුණා නම් ඒ ඉතා අඩුවෙන්. 

Friday, 1 November 2019

සිරිජාතිකවාදී මා

    සිංහල ලිත් ඉලක්කම්


සිරිජාතිකවාදී මා 




ඊයේ (ඔක්තෝම්බර් 31) මෙරට වැදගත් දිනයක්. පක්‍ෂ හා සංවිධාන දහහතක් එකතු වී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය ගොඩ නැගුවා. එහි ඇතැම් පක්‍ෂ හා සංවිධාන මැතිවරණ කොමිසමේ ලියා පදිංචි නැහැ. එය එතරම් වැදගත් නැහැ. ඇතැමුනට මේ නව සංධානය මීළඟ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වූ වාහකයක් පමණයි. එයත් ඇතැමුන් තම පාක්‍ෂිකයන් ඉදිරිපත් කිරීම සඳහා උපක්‍රමයක් ලෙස යොදා ගන්නවා. පොදුජන පෙරමුණට හා ශ්‍රී ල නි පක්‍ෂයට හැරුණු විට අනෙක් පක්‍ෂ හා සංවිධාන සියල්ලට ම ලැබෙන්නේ අපේක්‍ෂකයන්ගෙන් 18%ක් පමණයි. එය පක්‍ෂ හා සංවිධාන පහළොවක් අතර බෙදී යන්න ඕන. ඒ පක්‍ෂකයට සාමාන්‍යයෙන් අපේක්‍ෂකයන් තුන්දෙනකු පමණ ලැබෙන්න පුළුවන්. ඇතැම් පක්‍ෂයකට එයට වැඩි වෙන්නත් අඩු වෙන්නත් පුළුවන්. ඊයේ සිට මහා මැතිවරණයට අපේක්‍ෂකයන් තේරීම නිල වශයෙන් ආරම්භ වුණා.

Thursday, 19 September 2019

පක්‍ෂ දේශපාලනයෙන් මිදෙමු

      සිංහල ලිත් ඉලක්කම්


පක්‍ෂ දේශපාලනයෙන් මිදෙමු 



මැතිවරණ කොමිසම වෙඩිල්ල පත්තු කරලා. ජාතියේ ඉරණම තීන්දු කරන ජනාධිපතිවරණ තරගය ඇරඹිලා. දැන් කතාව අරයා එයි ද මෙයා එයි ද අර පක්‍ෂය එයි ද මේ පක්‍ෂය එයි ද අප්‍රසිද්ධ පක්‍ෂවලින් අපේක්‍ෂකයො ඉදිරිපත් වෙයි ද ආදිය ගැන. ඉංගිරිසින් අපට දුන් නරක ම දේ තමයි අධ්‍යාපනය හා පක්‍ෂ දේශපාලනය. බටහිර අධ්‍යාපනය එක ම අධ්‍යාපනය ලෙස සලකන්නත් ඒ හරහා එන බටහිර දැනුම එක ම දැනුම ලෙස සලකන්නත් අනෙක් සියලු දැනුම් පද්ධති මිථ්‍යා ලෙස සලකන්නත් ඔවුන් කියා දුන්නා. 

Wednesday, 18 September 2019

සිංහලයන්ට නැගිටින්න බැරි ඇයි?


        සිංහල ලිත් ඉලක්කම්





සිංහලයන්ට නැගිටින්න බැරි ඇයි?



අනගාරික ධර්මපාලතුමාගේ එකසිය පනස්පස්වැනි ජන්ම දිනය ඊයේට යෙදිල තිබුණා. එතුමා ජීවත්ව ඉන්න කාලෙ එතුමාට පහර දුන් අයගෙ මුණුබුරාලත් එතුමා සමරනවා. ධර්මපාල කියන්නෙ එතුමා පසු කලෙක ගත්ත නමක්. එහි තේරුම ධර්මයේ ආරක්‍ෂකයා යන්නයි.  

Tuesday, 14 May 2019

එකම කතාව

එකම කතාව


ගුණදාස අමරසේකර කලකට පෙර  එකම කතාව කියල කෙටි කතාවක් ලිව්ව. කෙටි කතාවක් වුණට ඒක ටිකක් දිග කතාවක්. පහළොස්වැනි සියවසේ අග සිට සමස්තයක් ලෙස ගත්තම ලෝකයෙ තියෙන්නෙ එකම කතාවක්. ඒ කතෝලික චින්තනයෙන් මිදී නව ලෝක රටාවක්, චින්තනයක් ප්‍රචලිත කිරීම හා තහවුරු කිරීම පිළිබඳ කතාව. එහි ආධිපත්‍යය ලොවෙහි පිහිටුවීම පිළිබඳ කතාව. ඒක බොහෝ ම දිග කතාවක්. බටහිර විද්‍යාව, ප්‍රජාතන්ත්‍රවාදය, ධනවාදය, ඉංගිරිසි පාර්ලිමේන්තුව, ප්‍රංශ විප්ලවය, ඇමරිකන් විප්ලවය, බටහිර දර්ශනය, යටත්විජිතවාදය ආදී මේ ඔක්කොම එකම කතාවක කොටස්. ඒව වෙන වෙන පරිච්ඡෙදත් නො වෙයි. 

Thursday, 10 May 2018

දෙමළ ජාතිවාදයේ ආරම්භය


දෙමළ ජාතිවාදයේ ආරම්භය



දෙමළ ජාතිවාදය ඇති වීම පිළිබඳ දැන් කලක සිට අලුත් කතාවක් කියැවෙනවා. එයින් කියන්නේ සියල්ලට මුල උතුරේ අනෙක් දෙමළ කතාකරන ජනයා මත ඇති කරන වෙල්ලාලයන්ගේ දැඩි කුල පීඩනය කියා. මෙය කරුණු විකෘති කිරීමක්. මේ අනුව කියන්නේ කුල පීඩනය නිසා වෙල්ලාලයන් කෙරෙහි දැක් වූ ජනතා විරෝධය මග අරින්න වෙල්ලාලයන් ආණ්ඩු විරෝධී (සිංහල විරෝධී) ක්‍රියා මාර්ගයක් අනුගමනය කළා කියා.

Tuesday, 3 May 2016

ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිණිය

ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිණිය

ඕල්කට් බෞද්ධයන් ගැන දැනගැනීමට ඕල්කට්තුමා සම්බන්ධ තොරතුරු ද අවශ්‍ය වෙයි. ඕල්කට්තුමා මෙරටට පුැමිණීමට පෙර ඕල්කට් බෞද්ධයන් සිටි නමුත්  නමුත් ඔවුන් සංවිධානය වූයේ එතුමාගේ පැමිණීමෙන් පසුව ය. ඕල්කට්තුමා ගැන දැනගැනීමට බ්ලැවට්ස්කි මැතිණිය ගැන ද දැනගත යුතු ය.