රනිල් ඇතුළු බටහිරයන් බේරීමේ කමිටුව
ඊනියා තේරීම් කමිටුව තවදුරටත් රැස්වෙනවා. එයට කොපමණ මුදලක් වැය වී ද යන්න කතානායක හරි වෙනත් නායක කෙනකු හරි ඉදිරියේ දී කියනවා නම් හොඳයි. එයින් වැඩක් වෙනවාට නොවෙයි. ඊනියා උගතුන්ට තවත් දත්තයක් සැපයීම සඳහායි. මේ කමිටුව විශේෂ කාරක සභාවක් බවත් එය ඉංගිරිසියෙන් නම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල 100-110 Select Committee යටතේ සඳහන් වන බවත් තේරීම් කමිටුව යන්න එකී ස්ථාවර නියෝගවල 114න් ඉංගිරිසියෙන් Committee of Selection යටතේ සඳහන් වන බවත් කලින් ලිපිවල කියා ඇති. අද ඉංගිරිසි Select Committee යන්න ස්ථාවර නියෝග පරිවර්තනයට පටහැණි ව තේරීම් කමිටුව ලෙස පරිවර්තනය වෙනවා.