Main Logo

Showing posts with label Parliamentary Select Committee. Show all posts
Showing posts with label Parliamentary Select Committee. Show all posts

Saturday, 27 July 2019

බේරීම් කමිටුව ගැන තවදුරටත්

බේරීම් කමිටුව ගැන තවදුරටත්



ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ව පාර්ලිමේන්තුව විසින් පත් කර ඇති කාරක සභාවේ (එය ඊනියා තේරීම් කමිටුවක් නොවන බව කෙතෙක් කීවත් අනෙක් බොහෝ කරුණුවල දී මෙන් ම වැඩක් වන්නේ නැහැ) දී නීතිපති තම සේවාදායකයන් හමුවේ සාක්‍ෂි දීම ප්‍රතික්‍ෂෙප කළා. කමිටුව ඒ ප්‍රතික්‍ෂෙප කිරීම පිළිගත්තා. මේ කාරක සභාව අධිකරණ කටයුත්තක් කරනවා වෙන්න බැහැ. අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) අනුව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා.

Thursday, 25 July 2019

රනිල් ඇතුළු බටහිරයන් බේරීමේ කමිටුව

රනිල් ඇතුළු බටහිරයන් බේරීමේ කමිටුව 

ඊනියා තේරීම් කමිටුව තවදුරටත් රැස්වෙනවා. එයට කොපමණ මුදලක් වැය වී ද යන්න කතානායක හරි වෙනත් නායක කෙනකු හරි ඉදිරියේ දී කියනවා නම් හොඳයි. එයින් වැඩක් වෙනවාට නොවෙයි. ඊනියා උගතුන්ට තවත් දත්තයක් සැපයීම සඳහායි. මේ කමිටුව විශේෂ කාරක සභාවක් බවත් එය ඉංගිරිසියෙන් නම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල 100-110 Select Committee යටතේ සඳහන් වන බවත්  තේරීම් කමිටුව යන්න එකී ස්ථාවර නියෝගවල 114න් ඉංගිරිසියෙන් Committee of Selection යටතේ සඳහන් වන බවත් කලින් ලිපිවල කියා ඇති. අද   ඉංගිරිසි Select Committee යන්න ස්ථාවර නියෝග පරිවර්තනයට පටහැණි ව තේරීම් කමිටුව ලෙස පරිවර්තනය වෙනවා.

Friday, 12 July 2019

භංග වුණු විශ්වාසභංගෙ

භංග වුණු විශ්වාසභංගෙ

ඊයේ මා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් කියල ලිව්ව විධිය හරි ද? Trafford  කියන එක සිංහලෙන් ලියන්නෙ කොහොමද? මා හිතන්නෙ නැහැ අති විශාල බහුතර සිංහලයන්ට ඒ ප්‍රශ්නයක් කියා. ඉස්සර නම් ඉංගිරිසි උගත් සිංහලයන්ට Trafford  කියල ඉංගිරිසියෙන් හරියට ම ලියන්න ඕන. දැන් නම් මා හිතන්නේ ඉංගිරිසි ලියන කියන සිංහලයන්ට ඒකත් Traford  කියල ලිව්වත් Traffod  කියල ලිව්වත් වෙන විධියකට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. අද හැමෝ ම ඉංගිරිසියෙන් මොනව හරි ලියන්න කැමතියි. ඒක වැරදියි කියල මා කියන්නෙ නැහැ. දකුණට හැරෙන්න කියල ඉංගිරිසියෙන් ලියන්නෙ Turn to the right  කියල ද?  ඉංගිරිසි සම්ප්‍රදාය මොකක් ද? 

Friday, 21 June 2019

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවන් නැද්ද?

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවන් නැද්ද?   



අද ජූනි විසිඑක. අද සූර්යයා තම වාර්ෂික ගමනේ දී උත්තර ධ්‍රැවය දෙසට වැඩියෙන් ම යන දවස. අද උත්තරාර්ධ ගෝලයට වැඩි ම කාලයක් හිරු පේන්න තියෙන දවස. දෙරණේ චතුර මතක් කරල දෙනව පාස්කු ප්‍රහාරයට අදට මාස දෙකයි කියල. මාස දෙකක් ගිහිල්ලත් වැරදි කාරයකු නැහැ. සහරාන් මළේ නැත්නම් ඔහුටත් නිදහස් වෙන්න තිබුණ. බුදුහාමුදුරුවන් මිනී මස් වැළඳූ බව කී අබ්දුල් රාෂික් පාර්ලිමේන්තු තේරීම් කමිටුව ඉදිරියට ඇවිත් පවු සමා කරගෙන. ආගමික ශාස්තෘවරයකුට නිග්‍රහ කරල සමාව ගත්ත ම සියල්ල හරි යනවා ද? ඕනෑම වැරැද්දක් කරල සමාව ගත්ත ම නිදහස් වෙන්න පුළුවන් ද? ක්‍රිස්තියානි ආගමේ නම් පවු සමාකිරීමක් තියෙනවා. ඒත් ක්‍රිස්තියානි නීතියේ ක්‍රිස්තියානි අධිකරණයේ කිසිම දඬුවමක් නැතිව ඕනෑම අවස්ථාවක වැරදිවලට සමාව ගන්න පුළුවන් ද? 

Saturday, 15 June 2019

පාර්ලිමේන්තු තේරීම් කමිටුව


පාර්ලිමේන්තු තේරීම් කමිටුව


පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකයන්ගේ පක්‍ෂග්‍රාහීත්වය සහ දුර්මත ප්‍රචාරණය ඊයේ ඉතා හොඳින් පැහැදිලි වුණා. කලින් දවසක කමිටුවේ ඇතැමුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රත්නසිරි මහතාගෙන් ප්‍රශ්න කෙරුවේ රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම පිළිබඳ චක්‍රලේඛය ඒ මහතාගේ හිතුමතයට යැවූ එකක් බව කියවා ගැනීමට (නැහැ මේ ඩ්‍රීම් ස්ටාර් පඬියන්ගේ පඬි පෝතකයන්ගේ පඬි නැට්ටන්ගේ කටේ තියෙන කියැවීම -reading යන පඬි සංකල්පය නො වෙයි). කමිටුවේ එක් සාමාජිකයකු කියා සිටියේ අදාළ ඇමති (රංජිත් මද්දුම බණ්ඩාර) එවැනි චක්‍රලේඛයක් යැවීමට තමා උපදෙස් නොදුන් බව කියා ඇති බවයි. එහෙත් ඊයේ රංජිත් මද්දුම බණ්ඩාර කීවේ අදාළ චක්‍රලේඛය යැවීමට තමා උපදෙස් දුන් බවයි. 



අපට පාර්ලිමේන්තු තේරීම් කමිටුව ගැන කෙතරම් විශ්වාසයක් තබා ගත හැකි ද? ඔවුන් ප්‍රශ්න කරන ආකාරය ජනමාධ්‍යයේ ප්‍රචාරය කිරීමත් හොඳයි. බුද්ධි අංශවල ඇතැම් තොරතුරු හෙළිදරවු වෙන බව ඇත්තයි. එහෙත් අද දෙකේ කොළේට බස්සා ඇති බුද්ධි අංශ පිළිබඳ දැන ගත්තා කියා විශේෂයක් වන්නේ නැහැ. කොහොමටත් කමිටු සාමාජිකයන්ගේ ආකල්ප අපට මේ ප්‍රශ්න කිරීම් මගින් දැන ගන්නට ලැබෙනවා. දුර්මත ප්‍රචාරය කරන කමිටු සාමාජිකයන් ගැන මහෝපාසක කරුණාරත්න ජයසූරියට කියන්න ඇත්තේ කුමක් ද



පාර්ලිමේන්තු තේරීම් කමිටුව ප්‍රශ්න කරන ආකාරයෙන් ඒ ජනාධිපති ඉලක්ක කරගෙන කෙරෙන්නක් බව පැහැදිලියි. ඒ අතර ම කමිටුවේ සාමාජිකයන් මෙන් ම පිටස්තරයන් අතරත් ඇති ජනාධිපති අපේක්‍ෂකත්ව තරගයත් පැහැදිලි වෙනවා. කරුණාරත්න ජයසූරිය, සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක ආදීන් තරගයේ ඉහළින් ම ඉන්නවා. ඒත් තවමත් ප්‍රධාන තරගකරු රනිල්. අද ඇත්තේ මෛත්‍රිපාල ආණ්ඩුවක් හා රනිල් සුමන්තිරන් ආණ්ඩුවක්. මේ ආණ්ඩු දෙක අතර ගැටුම තමයි අද දේශපාලනයෙ කැපී පෙනෙන්නේ. 



මෙය ඊනියා ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගැටුමක් නො වෙයි. මෙරට විවිධ පඬියන් දන්නේ බටහිර සංකල්ප නැවත නැවත කීම පමණයි. ඩ්‍රීම් ස්ටාර්ලා අනෙක් අයගේ සින්දු (බයිලා) කීම හැර වෙන මොනවා කරන්න ද? අපේ රටේ ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ඉරක් ගසා කර වෙන් කිරීමක් දකින්න බැහැ. අපට වෙන් කරන්න බැහැ. එය අපේ සංස්කෘතික ලක්‍ෂණයක්. ඒ වෙන් කිරීමට නොහැකි වීම අමාත්‍ය මණ්ඩලය රැස් නොකිරීමට ගත් තීරණයෙනුත් පැහැදිලි වෙනවා. ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලය රැස්වෙන්න ඉඩ තියෙනවා. 



මෙරට විධායක ජනාධිපති අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා. ඔහු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්. අමාත්‍ය මණ්ඩලයේ අනෙක් සාමාජිකයන් පාර්ලිමෙන්තුවේ, ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ. විධායක ජනාධිපති මාස තුනකට වරක්වත් පාර්ලිමේන්තුවට එනවා. එහි කතා පවත්වනවා. අමාත්‍ය මණ්ඩලයට ජනාධිපති නැතිව රැස්වෙන්න බැහැ. මේ අච්චාරුවේ ඇත්තේ ආණ්ඩු දෙකක්. අද ඇත්තේ මේ ආණ්ඩු දෙකේ ගැටුමයි. 



කලින් වතාවකත් ආණ්ඩු දෙකේ ගැටුමක් තිබුණා. ඒ චන්ද්‍රිකාගේ ආණ්ඩුව හා රනිල්ගේ ආණ්ඩුව අතර. ඒ ගැටුම ඊනියා පරිවාස ආණ්ඩුවක් හදල නවත්ත ගත්ත. මෙවරත් ඔක්තෝම්බර්  විසිහය වෙනින් ම ආණ්ඩුවක් හැදුව. ඒ ආණ්ඩුව කඩා දාන්න ජ වි පෙ කටයුතු කරල නැවතත් රනිල්ගෙ ආණ්ඩුව බලයට පත් කළා. ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුව රැක ගන්න බැසිල් කටයුතු කර නැති බව ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමුන් කියනවා. 



මෙවර ආණ්ඩු දෙකේ ගැටුම උත්සන්න වීමට දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය බල පානවා. ඒ සංශෝධනය ඉවත් කිරීම මීළඟ මැතිවරණයේ එක් පොරොන්දුවක් විය යුතුයි. මහින්ද අමරවීර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කතා කරන්නෙ මොන පාර්ලිමේන්තුව මගින් ද? පළාත් සභා අහෝසි නොකර විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතුයි. දේශපාලනඥයන් පරිණත නොවන බවක් පේනවා. ඔවුන්ට සමස්තය පේන්නෙ නැහැ. කුඩා ළමුන් මෙන් ඒ ඒ කරුණෙහි දී අනෙක් සියල්ල අමතක කර ක්‍රියා කරනවා. 



පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසුරුවා හැරිය යුතු ය කියා මා කියන්නේ නැහැ. හැමදාම මෙන් හවසට අපට ඔවුන් ගැන තවදුරටත් දැන ගැනීමේ අවස්ථාව ලැබෙනවා. තරමක ප්‍රශ්නයකට තියෙන්නෙ එයට අපේ මුදල් වියදම් වෙන එක පමණයි. ඒත් මේ රටේ සිදුවන මුදල් නාස්ති ගැන හිතන විට එය සොච්චම් මුදලක්. පාර්ලිමේන්තු රැස්වීමකට කොච්චර මුදලක් යනවා ද? ඒකට වියදම් කරන මුදලට සරිලන දෙයක් ඒකෙන් රටට ලැබෙනවා ද



ඒත් විපක්‍ෂය පාර්ලිමේන්තු තේරීම් කමිටුව පත් කරන්න උදවු කළා. ඒකෙ වාර්තාව හරි මොකක් හරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ම විපක්‍ෂය කොයි විධියට කටයුතු කරයි ද කියා අපි බලා ඉන්නවා.   





Sunday, 9 June 2019

නිවට නායකයන් නිසා සිංහලයන් වැරදි කරුවන් කිරීම


නිවට නායකයන් නිසා සිංහලයන් වැරදි කරුවන් කිරීම 

සුපුරුදු පරිදි සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් වැරදි කරුවන් කරලා. මුස්ලිම් ජනයාට හිරිහැර කෙරෙනවයි කියල ඇතැම් අරාබි රටවලුත් කලබල වෙලා ජනාධිපතිගෙන් අහල කියලයි වාර්තා වෙන්නෙ. එය ඇත්තක් ද බොරුවක් ද කියන්න මා දන්නේ නැහැ. ඒත් චතුස්කෝටිකය අනුව නම් බොරුවක් නොවෙන්නත් පුළුවන්. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඉස්ලාම් කියන්නෙ ආගමක්. මුස්ලිම් කියන්නෙ සංස්කෘතියක්. ඉස්ලාම් හරි මුස්ලිම් හරි කියල ජනවර්ගයක් නැහැ. අනෙක් අතට සුන්නි ශියා වශයෙන් බෙදීමක් ද තියෙනවා. එයට අමතර ව සුෆි කියා කොටසකුත් ඉන්නවා. කුරූඳුවත්තේ දවටගහ පල්ලිය සුෆි මුස්ලිමුන්ගේ පල්ලියක් ලෙස සැලකෙනවා. 

Friday, 7 June 2019

ඇදිල්ල හා ඇන්දිල්ල

ඇදිල්ල හා ඇන්දිල්ල 


පොලිටික්ස් යන්නෙහි ග්‍රීක නිරුක්තිය ජනතාව හා සම්බන්ධයි. එය දේශපාලනය වශයෙන් සිංහලට පරිවර්තනය වී තිබෙනවා. මොන අර්ථයෙන් ගත්තත් මේ රටේ දේශපාලනයක් කෙරෙන්නේ නැහැ. ජනතාවගේ සුභසිද්ධියට වැඩක් කෙරෙන්නෙත් නැහැ. මෙහි ඇත්තේ ඉතාමත් ජරාජීර්ණ අර්ථයකින් පොලිටික්ස් කිරීමක්. එනම් තම වාසියට ජනතාව හැසිරවීමක්, මෙහෙයවීමක්.  සාමාන්‍ය විධියට කියනවා නම් තම වාසිය සඳහා ජනතාව ගොනාට ඇන්දවීමක්.