පාර්ලිමේන්තු තේරීම් කමිටුව
පාර්ලිමේන්තු
තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකයන්ගේ පක්‍ෂග්‍රාහීත්වය සහ දුර්මත ප්‍රචාරණය ඊයේ ඉතා
හොඳින් පැහැදිලි වුණා. කලින් දවසක කමිටුවේ ඇතැමුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ
ලේකම් රත්නසිරි මහතාගෙන් ප්‍රශ්න කෙරුවේ රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම පිළිබඳ චක්‍රලේඛය ඒ
මහතාගේ හිතුමතයට යැවූ එකක් බව කියවා ගැනීමට (නැහැ මේ ඩ්‍රීම් ස්ටාර් පඬියන්ගේ පඬි
පෝතකයන්ගේ පඬි නැට්ටන්ගේ කටේ තියෙන කියැවීම -reading
යන පඬි සංකල්පය නො වෙයි). කමිටුවේ එක් සාමාජිකයකු කියා සිටියේ අදාළ
ඇමති (රංජිත් මද්දුම බණ්ඩාර) එවැනි චක්‍රලේඛයක් යැවීමට තමා උපදෙස් නොදුන් බව කියා
ඇති බවයි. එහෙත් ඊයේ රංජිත් මද්දුම බණ්ඩාර කීවේ අදාළ චක්‍රලේඛය යැවීමට තමා උපදෙස්
දුන් බවයි.
අපට
පාර්ලිමේන්තු තේරීම් කමිටුව ගැන කෙතරම් විශ්වාසයක් තබා ගත හැකි ද? ඔවුන් ප්‍රශ්න කරන ආකාරය ජනමාධ්‍යයේ ප්‍රචාරය කිරීමත් හොඳයි. බුද්ධි
අංශවල ඇතැම් තොරතුරු හෙළිදරවු වෙන බව ඇත්තයි. එහෙත් අද දෙකේ කොළේට බස්සා ඇති
බුද්ධි අංශ පිළිබඳ දැන ගත්තා කියා විශේෂයක් වන්නේ නැහැ. කොහොමටත් කමිටු
සාමාජිකයන්ගේ ආකල්ප අපට මේ ප්‍රශ්න කිරීම් මගින් දැන ගන්නට ලැබෙනවා. දුර්මත ප්‍රචාරය
කරන කමිටු සාමාජිකයන් ගැන මහෝපාසක කරුණාරත්න ජයසූරියට කියන්න ඇත්තේ කුමක් ද?
පාර්ලිමේන්තු
තේරීම් කමිටුව ප්‍රශ්න කරන ආකාරයෙන් ඒ ජනාධිපති ඉලක්ක කරගෙන කෙරෙන්නක් බව
පැහැදිලියි. ඒ අතර ම කමිටුවේ සාමාජිකයන් මෙන් ම පිටස්තරයන් අතරත් ඇති ජනාධිපති
අපේක්‍ෂකත්ව තරගයත් පැහැදිලි වෙනවා. කරුණාරත්න ජයසූරිය, සජිත් ප්‍රේමදාස, රවි
කරුණානායක ආදීන් තරගයේ ඉහළින් ම ඉන්නවා. ඒත් තවමත් ප්‍රධාන තරගකරු රනිල්. අද ඇත්තේ
මෛත්‍රිපාල ආණ්ඩුවක් හා රනිල් සුමන්තිරන් ආණ්ඩුවක්. මේ ආණ්ඩු දෙක අතර ගැටුම තමයි
අද දේශපාලනයෙ කැපී පෙනෙන්නේ.
මෙය
ඊනියා ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගැටුමක් නො වෙයි. මෙරට විවිධ පඬියන් දන්නේ
බටහිර සංකල්ප නැවත නැවත කීම පමණයි. ඩ්‍රීම් ස්ටාර්ලා අනෙක් අයගේ සින්දු (බයිලා)
කීම හැර වෙන මොනවා කරන්න ද? අපේ රටේ
ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ඉරක් ගසා කර වෙන් කිරීමක් දකින්න බැහැ. අපට වෙන්
කරන්න බැහැ. එය අපේ සංස්කෘතික ලක්‍ෂණයක්. ඒ වෙන් කිරීමට නොහැකි වීම අමාත්‍ය මණ්ඩලය
රැස් නොකිරීමට ගත් තීරණයෙනුත් පැහැදිලි වෙනවා. ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලය
රැස්වෙන්න ඉඩ තියෙනවා.
මෙරට
විධායක ජනාධිපති අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා. ඔහු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්.
අමාත්‍ය මණ්ඩලයේ අනෙක් සාමාජිකයන් පාර්ලිමෙන්තුවේ,
ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ. විධායක ජනාධිපති මාස තුනකට වරක්වත්
පාර්ලිමේන්තුවට එනවා. එහි කතා පවත්වනවා. අමාත්‍ය මණ්ඩලයට ජනාධිපති නැතිව රැස්වෙන්න
බැහැ. මේ අච්චාරුවේ ඇත්තේ ආණ්ඩු දෙකක්. අද ඇත්තේ මේ ආණ්ඩු දෙකේ ගැටුමයි.
කලින්
වතාවකත් ආණ්ඩු දෙකේ ගැටුමක් තිබුණා. ඒ චන්ද්‍රිකාගේ ආණ්ඩුව හා රනිල්ගේ ආණ්ඩුව අතර.
ඒ ගැටුම ඊනියා පරිවාස ආණ්ඩුවක් හදල නවත්ත ගත්ත. මෙවරත් ඔක්තෝම්බර් විසිහය
වෙනින් ම ආණ්ඩුවක් හැදුව. ඒ ආණ්ඩුව කඩා දාන්න ජ වි පෙ කටයුතු කරල නැවතත් රනිල්ගෙ
ආණ්ඩුව බලයට පත් කළා. ඔක්තෝම්බර්
විසිහය ආණ්ඩුව රැක ගන්න බැසිල් කටයුතු කර නැති බව ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමුන්
කියනවා.
මෙවර
ආණ්ඩු දෙකේ ගැටුම උත්සන්න වීමට දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය බල පානවා. ඒ සංශෝධනය
ඉවත් කිරීම මීළඟ මැතිවරණයේ එක් පොරොන්දුවක් විය යුතුයි. මහින්ද අමරවීර විධායක
ජනාධිපති ධුරය අහෝසි කරන්න කතා කරන්නෙ මොන පාර්ලිමේන්තුව මගින් ද? පළාත් සභා අහෝසි නොකර විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතුයි.
දේශපාලනඥයන් පරිණත නොවන බවක් පේනවා. ඔවුන්ට සමස්තය පේන්නෙ නැහැ. කුඩා ළමුන් මෙන් ඒ
ඒ කරුණෙහි දී අනෙක් සියල්ල අමතක කර ක්‍රියා කරනවා.
පාර්ලිමේන්තු
තේරීම් කමිටුව විසුරුවා හැරිය යුතු ය කියා මා කියන්නේ නැහැ. හැමදාම මෙන් හවසට අපට
ඔවුන් ගැන තවදුරටත් දැන ගැනීමේ අවස්ථාව ලැබෙනවා. තරමක ප්‍රශ්නයකට තියෙන්නෙ එයට අපේ
මුදල් වියදම් වෙන එක පමණයි. ඒත් මේ රටේ සිදුවන මුදල් නාස්ති ගැන හිතන විට එය
සොච්චම් මුදලක්. පාර්ලිමේන්තු රැස්වීමකට කොච්චර මුදලක් යනවා ද? ඒකට වියදම් කරන මුදලට සරිලන දෙයක් ඒකෙන් රටට ලැබෙනවා ද?
ඒත්
විපක්‍ෂය පාර්ලිමේන්තු තේරීම් කමිටුව පත් කරන්න උදවු කළා. ඒකෙ වාර්තාව හරි මොකක්
හරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ම විපක්‍ෂය කොයි විධියට කටයුතු කරයි ද කියා අපි
බලා ඉන්නවා.