Main Logo

Showing posts with label Indian Intelligence. Show all posts
Showing posts with label Indian Intelligence. Show all posts

Friday, 21 June 2019

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවන් නැද්ද?

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවන් නැද්ද?   



අද ජූනි විසිඑක. අද සූර්යයා තම වාර්ෂික ගමනේ දී උත්තර ධ්‍රැවය දෙසට වැඩියෙන් ම යන දවස. අද උත්තරාර්ධ ගෝලයට වැඩි ම කාලයක් හිරු පේන්න තියෙන දවස. දෙරණේ චතුර මතක් කරල දෙනව පාස්කු ප්‍රහාරයට අදට මාස දෙකයි කියල. මාස දෙකක් ගිහිල්ලත් වැරදි කාරයකු නැහැ. සහරාන් මළේ නැත්නම් ඔහුටත් නිදහස් වෙන්න තිබුණ. බුදුහාමුදුරුවන් මිනී මස් වැළඳූ බව කී අබ්දුල් රාෂික් පාර්ලිමේන්තු තේරීම් කමිටුව ඉදිරියට ඇවිත් පවු සමා කරගෙන. ආගමික ශාස්තෘවරයකුට නිග්‍රහ කරල සමාව ගත්ත ම සියල්ල හරි යනවා ද? ඕනෑම වැරැද්දක් කරල සමාව ගත්ත ම නිදහස් වෙන්න පුළුවන් ද? ක්‍රිස්තියානි ආගමේ නම් පවු සමාකිරීමක් තියෙනවා. ඒත් ක්‍රිස්තියානි නීතියේ ක්‍රිස්තියානි අධිකරණයේ කිසිම දඬුවමක් නැතිව ඕනෑම අවස්ථාවක වැරදිවලට සමාව ගන්න පුළුවන් ද? 

Thursday, 25 April 2019

ඒ සරත් මේ සරත් හා අනෙක් සරත්


ඒ සරත් මේ සරත් හා අනෙක් සරත් 

ඊයේ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී හොඳ කතාවක් කළා. ඔහු ද වෙනත් බොහෝ අය මෙන් ම වෛරී දේශපාලනයේ ගොදුරක්. ඔහු සුදු කොඩි කතාව කෙළේත් වෛරී දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස. මා ඒ කතාවට සම්පූර්ණයෙන් ම විරුද්ධයි. එය රට පාවාදීමක් වුණා. ඔහු අත්අඩංගුවට ගත යුතු යැයි මුලින් ම කී අයකු වූයේ මා. එහෙත් ඔහු කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී කළ කාර්යභාරය කිසිවකුට අමතක කරන්න බැහැ. අප රටේ එක් ලක්‍ෂණයක් වී ඇත්තේ යමකු කොතරම් ගුණ කළත් එක වරදකින් පමණක් ඒ සියල්ල අමතක කිරීමයි. ඇතැම් විට වරදක් කිරීමත් අවශ්‍ය නැහැ. තමන් දරණ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශ කළ පමණින් ඒ කළ හොඳ සියල්ල අමතක කරනවා.