Main Logo

Showing posts with label Martin Luther. Show all posts
Showing posts with label Martin Luther. Show all posts

Tuesday, 24 December 2019

නත්තල් පණිවුඩයක් නොවේ

   සිංහල ලිත් ඉලක්කම් 


නත්තල් පණිවුඩයක් නොවේ




හෙට සමහරුන්ට නත්තල්. තවත් සමහරුන්ට හැමදා ම නත්තල්. කතෝලිකයන් මෙන් ම විවිධ ක්‍රිස්තියානින් ද නත්තල සමරනවා. ඒත් ලංකාවෙ කතෝලිකයන්ට නම් හෙට නත්තල් තියෙන එකක් නැහැ. පාස්කු ප්‍රහාරයෙන් මාස අටකට පසුව හෙට නත්තල උදා වෙන්නෙ. පාස්කු ප්‍රහාරය ගැන කොමිසමක් දැන් සාක්‍ෂි සටහන් කර ගන්නවා. ඒ ගැන පසුව කතා කරමු. එහෙත් පාස්කු ප්‍රහාරය එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනකු මැරීමට කළ උත්සාහයක් බව මා ඒ දිනවල ම කිවුවා. ඒ එක් කරුණක් පමණක් මතක් කරන්න ඕන.

Thursday, 25 July 2019

රනිල් ඇතුළු බටහිරයන් බේරීමේ කමිටුව

රනිල් ඇතුළු බටහිරයන් බේරීමේ කමිටුව 

ඊනියා තේරීම් කමිටුව තවදුරටත් රැස්වෙනවා. එයට කොපමණ මුදලක් වැය වී ද යන්න කතානායක හරි වෙනත් නායක කෙනකු හරි ඉදිරියේ දී කියනවා නම් හොඳයි. එයින් වැඩක් වෙනවාට නොවෙයි. ඊනියා උගතුන්ට තවත් දත්තයක් සැපයීම සඳහායි. මේ කමිටුව විශේෂ කාරක සභාවක් බවත් එය ඉංගිරිසියෙන් නම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල 100-110 Select Committee යටතේ සඳහන් වන බවත්  තේරීම් කමිටුව යන්න එකී ස්ථාවර නියෝගවල 114න් ඉංගිරිසියෙන් Committee of Selection යටතේ සඳහන් වන බවත් කලින් ලිපිවල කියා ඇති. අද   ඉංගිරිසි Select Committee යන්න ස්ථාවර නියෝග පරිවර්තනයට පටහැණි ව තේරීම් කමිටුව ලෙස පරිවර්තනය වෙනවා.