Main Logo

Showing posts with label Born Again. Show all posts
Showing posts with label Born Again. Show all posts

Friday, 6 March 2020

නව දේශපාලනයක්

   සිංහල ලිත් ඉලක්කම් 


නව දේශපාලනයක්


අද මෙරට දේශපාලනයේ ශ්‍රී ල නි පක්‍ෂය හා එ ජා පක්‍ෂය ක්‍රමයෙන් නැති වී ගෙන යනවා. ශ්‍රී ල නි පක්‍ෂය මරා දමනු ලැබුවේ මෛත්‍රිපාල සිරිසේන විසින් නොවේ. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් වීමට කරුණු සැලසූ අය එයට වග කියන්න ඕන. එයින් කියැවෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමීමට කටයුතු කෙළේ ඒ පිරිස බවයි. සිරිසේනත් සමග යම් පිරිසක් යහපාලනයට ගියා. ඔවුන් යහපාලන දින සියයේ ආණ්ඩුවේ ඇමතිකම් ගත්තා ද නැත් ද යන්න ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රසන්න රණතුංගත් යහපාලන මුල් ම කාලයේ සිරිසේනට ගෑවී සිටියේ. ඔහු අද කියනවා සිරිසේනට ගෑවී සිටි කිසිම අයකුට ඡන්දය නොදිය යුතු බව. ඒකත් හොඳ කියමනක්. 

Tuesday, 24 December 2019

නත්තල් පණිවුඩයක් නොවේ

   සිංහල ලිත් ඉලක්කම් 


නත්තල් පණිවුඩයක් නොවේ




හෙට සමහරුන්ට නත්තල්. තවත් සමහරුන්ට හැමදා ම නත්තල්. කතෝලිකයන් මෙන් ම විවිධ ක්‍රිස්තියානින් ද නත්තල සමරනවා. ඒත් ලංකාවෙ කතෝලිකයන්ට නම් හෙට නත්තල් තියෙන එකක් නැහැ. පාස්කු ප්‍රහාරයෙන් මාස අටකට පසුව හෙට නත්තල උදා වෙන්නෙ. පාස්කු ප්‍රහාරය ගැන කොමිසමක් දැන් සාක්‍ෂි සටහන් කර ගන්නවා. ඒ ගැන පසුව කතා කරමු. එහෙත් පාස්කු ප්‍රහාරය එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනකු මැරීමට කළ උත්සාහයක් බව මා ඒ දිනවල ම කිවුවා. ඒ එක් කරුණක් පමණක් මතක් කරන්න ඕන.

Friday, 6 December 2019

එ ජා ප බෝන් අගේන් ජයග්‍රහණය

        සිංහල ලිත් ඉලක්කම් 


එ ජා ප බෝන්  අගේන් ජයග්‍රහණය

එ ජා පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායක ලෙස තෝරා ගෙන. කලින් ඔහු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරා ගත්තා. රනිල් මේ එකකටවත් කැමති නැහැ. එහෙත් ඔහු පසුව සජිත්ට ජනාධිපතිවරණයෙ දි ආධාර කළා. ඒ බටහිරයන්ගේ කීමට. බටහිරයන්ට ගෝඨාභය දිනනවා දකින්න වුවමනාවක් තිබුණෙ නැහැ. බැසිල්ටත් මුල දි ගෝඨාභය දිනවන්න වුවමනාවක් තිබුණෙ නැහැ. පහුගිය ජනාධිපතිවරණය මුල් කාලයෙ මා එය හැඳින්නුවෙ පරාජය කිරීමේ සටනක් ලෙස. 

Monday, 30 September 2019

ලකුණ ද ජාතිය ද

   සිංහල ලිත් ඉලක්කම්


ලකුණ ද ජාතිය ද


ශ්‍රී ල නි පක්‍ෂය හා පොදු ජන පෙරමුණ අතර මතභේද තියෙනවා. ඒ කුමන මතභේද තිබුණත් ජාතියේ නාමයෙන් පක්‍ෂ දෙක එකතු විය යුතුයි. ඇතැම් පඬියකු (පොහොට්ටුවේත් පඬියන් ඉන්නවා) අහන්න පුළුවන් ජාතිය කියන්නෙ මොකක් ද කියලා. මා නම් දන්නේ මෙරට ඇති සිංහල ජාතිය පමණයි. මුස්ලිම් ජනවර්ගයක් හා දෙමළ කතා කරන ජනකොටස් නම් ඉන්නවා. ඔවුන් ජාතීන් නො වෙයි. ඔවුන් සිංහල ජාතිය සමග එකතු වන්න ඕන. ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා නැති නොකර ඒ කළ හැකියි. 

Monday, 5 August 2019

දේශපාලනයේ යළි ඉපදීම



මා හිතුව මින් පස්සෙ මේ ලිපිවල මුල සංකේතයක් ලෙස සිංහලයන්ගෙ ලිත් ඉලක්කම් ලියන්න ඕන කියලා. මේ ලිත් ඉලක්කම් සීගිරියෙ (සිහිගිරියෙ) දැක ගන්න පුළුවන්. ඉතා මෑතක් වන තුරු සිංහල ජ්‍යොතිෂවේදීන් ලිත් ඉලක්ම් යොදා ගෙන තියෙනවා. 

දේශපාලනයේ යළි ඉපදීම

රනිල්දාස කියල අනෙක් පක්‍ෂවල නායකත්ව පොරයක් ඇති වෙලා කියලා. ඒ කියන්නෙ ජනතා විරෝධි පක්‍ෂයෙ නායකත්ව පොරයක් නැහැ කියන එක. ඒක ඇත්ත රනිල්දාස නායකත්ව පොරයක් නැති ව සෝමවංස අමරසිංහ නායකත්වයෙන් ඉවත් කළා. දැන් කාලෙකට කුමන්ත්‍රණ නැහැ. ලාල්කාන්තට පොරයක් දෙන්න තරම් හයියක් නැහැ. ඒත් අපි තවම බලාගෙන ඉන්නවා ජ වි පෙ ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියා දැනගන්න. රනිල්දාස ද නැත්නම් හිටපු රාජ්‍ය සේවකයෙක් ද? දාස කියන්නෙත් සේවක කියන එක තමයි.