Main Logo

Showing posts with label Set Theory. Show all posts
Showing posts with label Set Theory. Show all posts

Friday, 5 June 2020

මිහිඳු හිමියන් දේවානම්පිය තිස්ස හා චතුස්කෝටිකය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





මිහිඳු හිමියන් දේවානම්පිය තිස්ස හා චතුස්කෝටිකය 


අප බොහෝ දෙනකු තමන් ඉගෙන ගත් විෂයට විෂයවලට ලැදියි. ඒ ගැන වරදක් කියනවාටවත් කැමති නැහැ. තමන් ඉගෙන ගත් විෂයෙන් හරි විෂයවලින් හරි කැඩිල එන එක බොහෝ දෙනකුට හිතා ගන්නවත් බැහැ. එහෙත් බෞද්ධයනට නම් එය ගැටළුවක් වෙන්න අමාරුයි. අවසානයේ නිවන සම්මාබෝධියේ දී සියළු දැනුම් අත්හරින්න ඕන. සියළු දැනුම් අප අනිත්‍ය දුක්ඛ (අයහපත් හිස් බව) අනාත්ම අනවබෝධය, අපේ අවිද්‍යාව, නිසා සංස්කරණය කර ගන්නා දේ. ඒ සංස්කරණය ඒ ඒ අයගේ මනසට ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්‍ෂයි. එමෙන් ම ඒ ඒ අයගේ චින්තනය මත පදනම් වෙනවා. 

Friday, 6 March 2020

නව දේශපාලනයක්

   සිංහල ලිත් ඉලක්කම් 


නව දේශපාලනයක්


අද මෙරට දේශපාලනයේ ශ්‍රී ල නි පක්‍ෂය හා එ ජා පක්‍ෂය ක්‍රමයෙන් නැති වී ගෙන යනවා. ශ්‍රී ල නි පක්‍ෂය මරා දමනු ලැබුවේ මෛත්‍රිපාල සිරිසේන විසින් නොවේ. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් වීමට කරුණු සැලසූ අය එයට වග කියන්න ඕන. එයින් කියැවෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමීමට කටයුතු කෙළේ ඒ පිරිස බවයි. සිරිසේනත් සමග යම් පිරිසක් යහපාලනයට ගියා. ඔවුන් යහපාලන දින සියයේ ආණ්ඩුවේ ඇමතිකම් ගත්තා ද නැත් ද යන්න ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රසන්න රණතුංගත් යහපාලන මුල් ම කාලයේ සිරිසේනට ගෑවී සිටියේ. ඔහු අද කියනවා සිරිසේනට ගෑවී සිටි කිසිම අයකුට ඡන්දය නොදිය යුතු බව. ඒකත් හොඳ කියමනක්. 

Saturday, 12 October 2019

With Category Theory, Mathematics Escapes From Equality

   සිංහල ලිත් ඉලක්කම්




With Category Theory, Mathematics Escapes From Equality



October 10, 2019
Two monumental works have led many mathematicians to avoid the equal sign. Their goal: Rebuild the foundations of the discipline upon the looser relationship of “equivalence.” The process has not always gone smoothly.

Sunday, 16 June 2019

පොසොන් සිතිවිල්ලක්

පොසොන් සිතිවිල්ලක්

අද පොසොන් පොහෝ දා. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කර අවුරුදු දෙදහස් තුන්සීයයක්. අප එයට පෙරත් බෞද්ධයන් ව සිටි බවට සාක්‍ෂි තියෙනවා. මට හැඟෙන අයුරින් අවුරුදු දහස් ගණනකට පෙර හෙළ දිවයිනත් මිසරයත් (ඊජිප්තුවත්) මායාවරුන්ගේ වත්මන් බසින් නම් මෙක්සිකෝවත් අතර සම්බන්ධකම් තිබී තියෙනවා. අපේ සංස්කෘතීන් ජනප්‍රවාද අතර සමානකම් තියෙනවා. ලෝකයේ පිරමිඩ් දකින්න පුළුවන් මේ රටවල. අපේ රටේ දාගැබ් ද යම් ආකාරයක පිරමිඩ්. පිරමිඩයක් කියන්නේ පාදයෙහි යම් සංවෘත ජ්‍යාමිතික රූපයක් ඉන් ඔබ්බෙහි ශීර්ෂයක පිහිටි ලක්‍ෂ්‍යයක් සමග සම්බන්ධ කරන රේඛාවලින් සෑදුණු ජ්‍යාමිතික රූපයක්. අපේ දාගැබ්වල පාදය වෘත්තයක් වන අතර එය ශීර්ෂයට යා කරන්නේ සරල රේඛාවලින් නොව වක්‍ර රේඛාවලින්.