පොසොන් සිතිවිල්ලක්
අද පොසොන් පොහෝ දා. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කර අවුරුදු දෙදහස් තුන්සීයයක්. අප එයට පෙරත් බෞද්ධයන් ව සිටි බවට සාක්‍ෂි තියෙනවා. මට හැඟෙන අයුරින් අවුරුදු දහස් ගණනකට පෙර හෙළ දිවයිනත් මිසරයත් (ඊජිප්තුවත්) මායාවරුන්ගේ වත්මන් බසින් නම් මෙක්සිකෝවත් අතර සම්බන්ධකම් තිබී තියෙනවා. අපේ සංස්කෘතීන් ජනප්‍රවාද අතර සමානකම් තියෙනවා. ලෝකයේ පිරමිඩ් දකින්න පුළුවන් මේ රටවල. අපේ රටේ දාගැබ් ද යම් ආකාරයක පිරමිඩ්. පිරමිඩයක් කියන්නේ පාදයෙහි යම් සංවෘත ජ්‍යාමිතික රූපයක් ඉන් ඔබ්බෙහි ශීර්ෂයක පිහිටි ලක්‍ෂ්‍යයක් සමග සම්බන්ධ කරන රේඛාවලින් සෑදුණු ජ්‍යාමිතික රූපයක්. අපේ දාගැබ්වල පාදය වෘත්තයක් වන අතර එය ශීර්ෂයට යා කරන්නේ සරල රේඛාවලින් නොව වක්‍ර රේඛාවලින්.