Main Logo

Showing posts with label Catuskoti. Show all posts
Showing posts with label Catuskoti. Show all posts

Thursday, 20 February 2020

පරිසරය අනුකාරකයන්ගේ පාරාදිසයක් නොවිය යුතුයි

 සිංහල ලිත් ඉලක්කම් 


පරිසරය අනුකාරකයන්ගේ පාරාදිසයක් නොවිය යුතුයි



පරිසරය රැකීම කියන්නේ බටහිර සංකල්පයක්. පරිසරය රකින්න අවශ්‍ය වන්නේ පරිසරය විනාශ කරන අයටයි. පරිසරය විනාශ කරනු ලැබුයේ බටහිරයන් විසින්. ඒ ඔවුන්ගේ ඊනියා දියුණුව වෙනුවෙන්. බටහිර සංවර්ධන ආකෘතිය පෙරදිග ආකෘතියෙන් වෙනස්. බටහිරයන් සියල්ල බැලුවේ මිනිසාට සාපේක්‍ෂ ව. එයින් කියන්නේ ඔවුන් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය අනුමත කළා ය යන්න නො වේ. මුළු ලොව ම මිනිසා වෙනුවෙන් මැවී ඇත යන්න ඔවුන්ගේ ආකල්පය වුණා.

Monday, 8 July 2019

ශූන්‍යය සංකේතය සිංහලයන්ගේ ද?

ප්‍රතිචාර දක්වන අයට පිළිතුරු දෙන්න බැරි නම් මේ ලිපි මුහුණු පොතේ පළ නොකරන මෙන් ඉල්ලනවා. 

ශූන්‍යය සංකේතය සිංහලයන්ගේ ද? 


බිංදුව නැත්නම් ශූන්‍යය ලිවීම සඳහා පළමුවරට සංකේතයක් නිර්මාණය කෙළේ කවුද යන ප්‍රශ්නය බොහෝ කලක සිට මගේ සිතේ තිබුණක්. අද අප යොදා ගන්නා සංකේතය 0 යි. ඒ ගැන මා කලින් ඇක්සල් ගැන ලියූ ලිපිවල සඳහන් කර ඇති. ඔහු කාම්බෝජයේ ශූන්‍යය සඳහා . යොදා ගෙන ඇති බවත් දැනට දන්නා පැරණි ම සංකේතය එය බවත් සඳහන් කර සිටිනවා. කාම්බෝජයට එය යන්න ඇත්තේ වත්මන් ඉන්දියාවෙන් හෝ ලංකාවෙන් හෝ විය යුතුයි. එහෙත් ලංකාවේවත් ඉන්දියාවේවත්  හත්වැනි සියවසට වඩා පැරණි සංකේතයක් දැන ගැනීමට නැහැ. ඇක්සල් ලංකාවට පැමිණි බවක් සඳහන් වන්නේත් නැහැ. එහෙත් ඔහු චතුස්කෝටිකය ගැන දැන ගැනීමට ලාඕසයට ගිය බව සඳහන් වෙනවා.

Sunday, 16 June 2019

පොසොන් සිතිවිල්ලක්

පොසොන් සිතිවිල්ලක්

අද පොසොන් පොහෝ දා. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කර අවුරුදු දෙදහස් තුන්සීයයක්. අප එයට පෙරත් බෞද්ධයන් ව සිටි බවට සාක්‍ෂි තියෙනවා. මට හැඟෙන අයුරින් අවුරුදු දහස් ගණනකට පෙර හෙළ දිවයිනත් මිසරයත් (ඊජිප්තුවත්) මායාවරුන්ගේ වත්මන් බසින් නම් මෙක්සිකෝවත් අතර සම්බන්ධකම් තිබී තියෙනවා. අපේ සංස්කෘතීන් ජනප්‍රවාද අතර සමානකම් තියෙනවා. ලෝකයේ පිරමිඩ් දකින්න පුළුවන් මේ රටවල. අපේ රටේ දාගැබ් ද යම් ආකාරයක පිරමිඩ්. පිරමිඩයක් කියන්නේ පාදයෙහි යම් සංවෘත ජ්‍යාමිතික රූපයක් ඉන් ඔබ්බෙහි ශීර්ෂයක පිහිටි ලක්‍ෂ්‍යයක් සමග සම්බන්ධ කරන රේඛාවලින් සෑදුණු ජ්‍යාමිතික රූපයක්. අපේ දාගැබ්වල පාදය වෘත්තයක් වන අතර එය ශීර්ෂයට යා කරන්නේ සරල රේඛාවලින් නොව වක්‍ර රේඛාවලින්. 

Tuesday, 11 June 2019

යුදෙව්වන් හා බෞද්ධයන්


යුදෙව්වන් හා බෞද්ධයන් 



මා ඊයේ සඳහන් කළා ශූන්‍ය පිළිබඳවත් මහාචාර්ය අමිර් ඇක්සල් පිළිබඳවත්. මා මහාචාර්ය අමිර් ඇක්සල්ට විද්‍යුත් පණිවුඩයක් යවා තිබුණා චතුස්කේටිකයෙන් ශූන්‍යය තේරුම්ගත හැකි ආකාරය ගැන කියා. මා ඊයේ රාත්‍රී  මගේ විද්‍යුත් තැපෑල පිරික්සීමේ දී ඉතා කණගාටුදායක පුවතක් දැන ගන්නට ලැබුණා. ඒ මහාචාර්ය අමිර් ඇක්සල්ගේ භාර්යාවගෙන් ලැබුණු පණිවුඩයක්. එහි සඳහන් වූයේ මහාචාර්ය ඇක්සල් 2015 දී මිය ගොස් ඇති බවයි. 

Friday, 23 June 2017

ද්විකෝටිකය ගැන  



ද්විකෝටිකය ගැන



පළමුකොට ම කිවයුතු කරුණක් තිබෙනවා. මා මේ ලිපි ලියන්නේ කාලය වෙබ් අඩවියට මිස මුහුණු පොතට නො වෙයි. කාලය වෙබ් අඩවියට ලියන ලිපි දෙතුන් දෙනකු මුහුණු පොතේ පිටපත් කරනවා. ඒ අය එසේ කරන්නේ ඇයි ද යන්න මට ප්‍රශ්නයක්. ඒත් ඔවුන්ට කරන ගෞරවයක් ලෙස මා එය නවත්වන්න යන්නේ නැහැ. එහෙත් මුහුණු පොතේ පළවන සෑම ප්‍රතිචාරයක් ම මා කියවන්නේ නැහැ. කියවන ඇතැම් ප්‍රතිචාරවලට පමණක් මා පිළිතුරු ලියනවා. ඒත් එයත් කලාතුරකින්. මුහුණු පොතේ අන් අයගේ ගිණුම් මා කියවන්නේ නැහැ. ඇතැම් විට මගේ මුහුණු පොත් මිතුරන්ගේ කැමැත්ත පළ කරන හෝ බෙදා හදා ගන්නා හෝ ලිපි ආදිය මගේ මුහුණු පොත් ගිණුමටත් ලැබෙනවා. මා ඉන් සමහරක් කියවා ඉතා සුළු ප්‍රමාණයකට පමණක් ප්‍රතිචාර දක්වනවා.