යුදෙව්වන් හා බෞද්ධයන්
මා ඊයේ සඳහන් කළා ශූන්‍ය පිළිබඳවත් මහාචාර්ය අමිර් ඇක්සල් පිළිබඳවත්. මා මහාචාර්ය අමිර් ඇක්සල්ට විද්‍යුත් පණිවුඩයක් යවා තිබුණා චතුස්කේටිකයෙන් ශූන්‍යය තේරුම්ගත හැකි ආකාරය ගැන කියා. මා ඊයේ රාත්‍රී මගේ විද්‍යුත් තැපෑල පිරික්සීමේ දී ඉතා කණගාටුදායක පුවතක් දැන ගන්නට ලැබුණා. ඒ මහාචාර්ය අමිර් ඇක්සල්ගේ භාර්යාවගෙන් ලැබුණු පණිවුඩයක්. එහි සඳහන් වූයේ මහාචාර්ය ඇක්සල් 2015 දී මිය ගොස් ඇති බවයි.