Main Logo

Showing posts with label Epistemology. Show all posts
Showing posts with label Epistemology. Show all posts

Saturday, 9 May 2020

වෙසක් දා බොරු කීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 





වෙසක් දා බොරු කීම


මේ ලිපි ලියන්නේ පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට පිළිතුරු දීමට නො වෙයි. මුහුණු පොතේ ඇති වන ඊනියා සංවාද ගැන මට වැටහීමක් තියෙනවා. යම් ප්‍රශ්නයකට පිළිතුරක් දුන් පසු වෙනත් ප්‍රශ්න අසනවා. එහි කෙළවරක් නැහැ. මා පඬි නැට්ටන් දෙදෙනකුට මගේ ලිපියක් ගැන සඳහන් කළ කරුණු දෙකක් වැරදි බව පෙන්නුවා. ඒ පිළිතුරක් නො වෙයි. එක් පඬි නැට්ටකු මගේ ඊනියා පරස්පරයක් පෙන්වා තිබුණා. මා එය පරස්පරයක් නොවන බව පමණක් පෙන්නුවා. දැන් ඔහු වෙනත් ප්‍රශ්න අසනවා. කලින් ඇසූ ප්‍රශ්නයකටත් පිළිතුරු ඉල්ලනවා. මා ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ නැහැ. 

Wednesday, 12 December 2018

විශ්වකර්ම රූහඬ පටය



විශ්වකර්ම  රූහඬ පටය




විශ්වකර්ම දැනුම පිළිබඳ තුන්වැනි රූහඬ පටය සබැඳිය


https://youtu.be/U2Ay6ohRJIg

Tuesday, 22 August 2017

දැනුම හා යථාර්ථය


දැනුම හා යථාර්ථය



මා බොහෝ කලක සිට තේරුම් ගැනීමට උත්සාහ කර ඇත්තේ දැනුම යනු කුමක් ද යන්න දැන ගැනීමට. එය කෙළවර වන්නේ නැහැ. මා දැනට හිතන අයුරින් ඒ කෙළවර වන්නේ නොදැනුමෙන්. නිවන් අවබෝධයෙන්. එහෙත් මට ඒ සඳහා කල්ප ලක්‍ෂ ගණනක් සසරේ සැරිසැරීමට සිදු වේවි. මේ විෂය දර්ශනයෙහි හඳුන්වන්නේ ඥානවිභාගය නමින්. මා බටහිරවත් පෙරදිගවත් දර්ශනය හදාරා නැහැ. මා දාර්ශනිකයකුවත් චින්තකයකුවත් නො වෙයි. ඒ නිසා ඇතැමුන් කියන ආකාරයට පුහු චින්තකයකු වන්නේත් නැහැ.

Wednesday, 5 July 2017

මගේ ගණිත ගුරුතුමා  


මගේ ගණිත ගුරුතුමා



මට සාමාන්‍ය පෙළ පන්තිවල ගණිතය ඉගැන්වූ වේළුපිල්ලෙයි අරසරත්නම් ගුරුතුමා පසුගිය සතියේ නවසීලන්තයේ දී අභාවප්‍රාප්ත විය. එතුමා අපට එකල තිබූ ක්‍රමයට අනුව ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය හා උසස් ගණිතය ඉගැන්වීය. අපට ව්‍යවහාරික ගණිතය හා උසස් ගණිතය විෂය නිර්දේශ එක් වසරකින් නිම කිරීමට සිදු විය. එතුමා කිසිම පැකිළීමකින් තොරව සෙනසුරාදා උදේ අමතර පංති පවත්වා ඒ කාර්යය දැඩි වගකීමකින් හා කැප කිරීමකින් සිදු කෙළේ ය. එසේ කෙළේ මුදල් හෝ ත්‍යාග හෝ අපේක්‍ෂාවෙන් නො වේ. යම්කිසි ආකාරයකින් අප එතුමාට ත්‍යාගයක් ප්‍රදානය කෙළේ නම් කුමක් සිදුවීමට තිබිණි දැයි මට සිතා ගත හැකි ය. 

Friday, 23 June 2017

ද්විකෝටිකය ගැන  



ද්විකෝටිකය ගැන



පළමුකොට ම කිවයුතු කරුණක් තිබෙනවා. මා මේ ලිපි ලියන්නේ කාලය වෙබ් අඩවියට මිස මුහුණු පොතට නො වෙයි. කාලය වෙබ් අඩවියට ලියන ලිපි දෙතුන් දෙනකු මුහුණු පොතේ පිටපත් කරනවා. ඒ අය එසේ කරන්නේ ඇයි ද යන්න මට ප්‍රශ්නයක්. ඒත් ඔවුන්ට කරන ගෞරවයක් ලෙස මා එය නවත්වන්න යන්නේ නැහැ. එහෙත් මුහුණු පොතේ පළවන සෑම ප්‍රතිචාරයක් ම මා කියවන්නේ නැහැ. කියවන ඇතැම් ප්‍රතිචාරවලට පමණක් මා පිළිතුරු ලියනවා. ඒත් එයත් කලාතුරකින්. මුහුණු පොතේ අන් අයගේ ගිණුම් මා කියවන්නේ නැහැ. ඇතැම් විට මගේ මුහුණු පොත් මිතුරන්ගේ කැමැත්ත පළ කරන හෝ බෙදා හදා ගන්නා හෝ ලිපි ආදිය මගේ මුහුණු පොත් ගිණුමටත් ලැබෙනවා. මා ඉන් සමහරක් කියවා ඉතා සුළු ප්‍රමාණයකට පමණක් ප්‍රතිචාර දක්වනවා.

Sunday, 2 April 2017

මා සහ ජාතික චින්තන මතධාරීන්  


මා සහ ජාතික චින්තන මතධාරීන්



ජාතික චින්තන මතවාදයක සිටින්නේ යැයි කියන අය සහ මා අතර පරස්පර පැන නැගී තිබෙනවා. රටේ ඉතා විශාල පිරිසකට මා කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. සමහර විට මා වැදගත් කිසිම දෙයක් කියා නැතිවා වන්නටත් පුළුවන්. බොහෝ දෙනා අද වස විස නැති ආහාර ගැන කතා කරනවා. කෘෂි රසායනවලට විරුද්ධ වෙනවා. වස විස නැති ආහාර ගැන මෙරට කතාබහ කරන්න පටන්ගෙන බොහෝ කල්. එමෙන් ම මෙරට සාම්ප්‍රදායික පොහොර යෙදීම ගැනත් කලක සිට කතා වුණා. වකුගඩු රෝගය ගැනත් රජරට වාසය කරන ඇතැමුන් මෙන් ම බටහිර වෛද්‍යවරුන් කිහිප දෙනකුත් සොයා බලා තිබුණා. එහෙත් මේ එකකටවත් ජනමාධ්‍යයෙහි ප්‍රසිද්ධියක් දී තිබුණේ නැහැ.

Thursday, 12 January 2017

ත්‍රිකෝටික න්‍යාය

ත්‍රිකෝටික න්‍යාය

න්‍යාය නැත්නම් නය කියලා කියන්නෙ ඉංගිරිසියෙන් ලොජික් කියන එකට. හැබැයි ඉංගිරිසි ලොජික් හා න්‍යාය කියන්නෙ දෙක ම එකක් ද කියන ප්‍රශ්නය තියෙනවා. ලොජික් කියන්නෙ තර්කය නම් නො වෙයි. සමහර වෙලාවට ලොජිකල් කියන එකට තර්කානුකූල කියල කියනවා. ඒකත් වැරදියි. ලොජිකල් කියන්නට යෙදිය යුත්තේ න්‍යායානුකූල කියන්නයි. ඒත් අද න්‍යාය කියල කියන්නෙ සාමාන්‍යයෙන් ඉංගිරිසියෙන් තියරි කියන එකටයි. තියරි කියන එකට යෙදිය යුත්තේ ප්‍රවාද යන්නයි. මේ පටලැවිල්ල පැත්තකින් තියලා අපි ලොජික් යන්නට නය නැත්නම් න්‍යාය යොදාගනිමු.

Sunday, 31 July 2016

තතු,මත හා දැනුම්

තතු,මත හා දැනුම්


බටහිර යුරෝපය හා පසුව උතුරු ඇමරිකාව, ඕස්ටේ‍ර්ලියාව හා නවසීලන්තය දියුණු වූයේ ඇයි ද යන්න පිළිබඳ ව විවිධ අය විවිධ මත පළ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇත්තේ මත, එහෙමත් නැත්නම් කතන්දර විතරක් බව අමතක කරන්න එපා. බටහිරයන් මත හා දැනුම දෙකක් ලෙස සලකනවා. ඒ මදිවාට ඔවුන්ට තතු කියා දේත් තියෙනවා. මා තතු කියන්නේ ඔවුන් ඉංගිරිසියෙන් ෆැක්ට්ස් යනුවෙන් හඳුන්වන දේට. එය ඒක වචනයෙන් තතුව වෙනවා. මේ තතු කියන දේ වාස්තවික ලෙසයි ඔවුන් සලකන්නේ. වෙනත් විධියකින් කිවුවොත් එය නිරීක්‍ෂකයකු මත රඳා පවතින්නේ නැති බව කියැවෙනවා. උදාහරණයක් වශයෙන් දැන් වහිනවා කියන එක තතුවක්. එහෙත් මෙහි දැන් කියන්නෙ මොකක් ද වහිනවා කියන්නෙ මොකක් ද කියන දේ මිනිස් නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂයි. සමහර සංස්කෘතීන් තිබෙන්නෙ පුළුවන් දැන් කියන සංකල්පය නැති. මිනිසුන් නොවන සතුන් වැස්ස ගැන හිතන්නෙ මොකක් ද කියලා අප දන්නේ නැහැ. වතුරෙ ඉන්න මාළුන්ට වැස්සක් තියෙනව ද? ලෝකයේ දැනුම තියෙන්නෙ මිනිසුන්ට විතරක් නෙවෙයි. සියළු සත්වයන් අවිද්‍යාව නිසා දැනුම රැස් කරනවා, සසර සැරිසරනවා.

බටහිර රටවල් දියුණු වෙලා කියන එක තතුවක් ද? අප බොහෝ දෙනා හිතන්නේ ඒ එසේ බවයි. මෙතන දි ප්‍රශ්නය වන්නෙ දියුණුව කියන්නෙ මොකක් ද කියන එක. ඒකට එක එක අයගෙන් ස්වාධීන අර්ථකථනයක්, නිර්වචනයක්, හැඳින්වීමක් තියෙනව ද? මිනිසුන් දිනෙන් දින දියුණු වෙනව ද? අප ගල් යුගයේ සිට අද දක්වා දියුණු වෙලා ද? මේ යුග කතාව ලෝකෙ හැමතැනකට ම පොදු ද? මේ මහා භද්‍ර කල්පෙ කාශ්‍යප බුදු හාමුදුරුවන්ගෙ කාලෙ තිබුණෙ ගල් යුගයක් ද? මහා භද්‍ර කල්පෙ ඉවඑ වෙන්න ඉස්සෙල්ල කල්ප විනාශයක් තියෙන්න බැහැ. ලෝකය රේඛාවක් දිගේ දියුණු වෙනව ද? එහෙම නැත්නම් ඒකෙත් චක්‍රිය බවක් තියෙනව ද? 

අප බටහිර රටවල් දියුණු වෙලා කියන්නෙ බටහිර සංකල්ප කිහිපයක් මත පදනම් වෙලා. පළමුවෙන් ම අප ළඟ තියෙනවා පරිණාමවාද කතාව. ඒක අපට ඩාවින් දුන්න දෙයක්. බටහිර නූතනත්වය අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය ද ඇතුළුව ලෝකය දැක්ක එහි දරුවකු වූ මාර්ටින් වික්‍රමසිංහ ජනප්‍රිය ඉංගිරිසි පොත් කියවලා ඒ කතාව සිංහල කියවන අය අතර ප්‍රචලිත කළා. පාසල් හා විශ්වවිද්‍යාල මගින් එය තහවුරු කෙරුණා. දැන් ප්‍රශ්නයක් එනවා. ඉස්සෙල්ලා ම මිනිසා ඇති වුනේ කොහේ ද? මිනිසුන් කිහිප දෙනකු ඇතිවුනා ද? ජාන සම්බන්ධයෙන් විකෘතිය (ම්‍යුටේෂන්) කියන සංකල්පය එතෙන දි ක්‍රියාත්මක වුනේ කොහොම ද? අපේ සංසාර ගමන පටන් ගත්තෙ කොහොම ද කියලා අපේ ලොකු මුණුබුරා අහනවා. සංසාරයට මුලක් තියෙනවා ද? ඒක ගැන අපට කිසිම දිනෙක කතන්දරයක් හදාගන්න බැරි බව බුදුන්වහන්සේ ඒ පිළිබඳ දේශනා කර ඇති දෙයින් පැහැදිලියි. 

මෙතන තියෙන්නෙ රේඛීය චින්තනය හා චක්‍රීය චින්තනය අතර ප්‍රශ්නයක්. බටහිරයන්ට මුලක් ඕනමයි. ස්වදේශික ඇමරිකානුවන් කියලා තියෙන දෙයක් තමයි සුද්දන් හැම එකට ම හේතු සෙවූ බව. ස්වදේශිකයන් එහෙම හේතු හොයලා නැහැ. චක්‍රීය චින්තනයට අනුව මුලක් අවසානයක් නැහැ. ඒත් සමහරවිට චක්‍රය කඩන්න පුළුවන්. පටිච්ච සමුප්පාදය චක්‍රීයයි. නිවන් අවබෝධයේ දී ඒ කැඩනෙවා. බටහිරයන් කියන විධියට මිනිසුන්  ඉස්සෙල්ලා ම ඇති වෙලා තියෙන්නෙ අප්‍රිකාවෙ. ඉන් පසු මිනිසුන් එක එක පැතිවලට සංක්‍රමණය වෙලා, ගිහිල්ලා.  ඒ ඒ රටවලත් බටහිරයන් කියන්නෙ එකම විධියට ශිලා යුගය, යකඩ යුගය ආදී වශයෙන් යුග පහු කරමින් මිනිසුන් දියුණු වුනා කියලා. ඒත් හැම රටකම එකම වේගයෙන් ඒ ක්‍රියාවලිය වෙලා නැහැ. බටහිර පුරා විද්‍යාව පදනම් වන එක නියමයක් තමයි මේ යුග මාරුව. ඒත් යුග මාරුවත් හැම තැනක ම එකම විධියට වෙලා නැහැ. ලංකාව හොඳම උදාහරණයක්. ලංකාවෙ යුග කතාව බටහිර අච්චුවට ගැලපෙන්නෙ නැහැ. 

බටහිරයන්ට මුළු ලෝකෙම ඔවුන්ට ඕන කරන විධියට වෙනස් වෙලා තියෙන්න ඕන. පුරා විද්‍යාවත් ඔවුන්ට ඕන කරන විධියට කෙරෙන්න ඕන. අභයගිරිය සුදු පිරියම් නොකර පුරා වස්තුවක් හැටියට තියන්න මෙරට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියා කරන්නෙ ඒ නිසා. රුවන්වැලි සෑය සුදු පිරියම් නොකර තිබුණ නම් අපට ශ්‍රද්ධාවක් ඇති වෙනව ද? බටහිරයන්ගෙ පුරා විද්‍යාව (ඉතිහාසය) කෞතුක පුරා විද්‍යාවක්. අපට ඇත්තෙ ජීවමානන ඉතිහාසයක්. අපට අපේ ජීවමාන ඉතිහාසය නොදී අභයගිරිය කෞතුක පුරා විද්‍යාවක්, ඉතිහාසයක් බවට පත් කරන්නෙ බටහිරයන්ගෙ සංකල්පවලට යටවෙලා. අභයගිරිය යනු නැති වූ සංස්කෘතියක පිරමිඩයක් වැනි පුරා වස්තුවක් නොව ජීවමාන සංස්කෘතියක අප අවුරුදු දහස් ගණනක් වැඳ පුදාගත් චෛත්‍යයක්. අභයගිරිය කියන කොට අපට වට්ටගාමිණී අභය මෙන් ම ගිරි නිඝන්ඨයාවත් මතක් වෙනවා. තමන්ට විරුද්ධ වූ අයකු ද මතක් වෙන විධියට ඒ නම් කිරීම ම සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයක්. ගැමුණු රජු රුවන්වැලි සෑය නම් කරලා තියෙන්නෙ කුවේණිගෙ මෑණියන් වූ රත්නවල්ලි රහත් මෙහෙණිය සිහිවෙන්න කියලා යක්‍ෂ ජනතාවගෙ වර්ගපූර්ණිකාවෙ කියැවෙනවා. අපේ දරු මුණුබුරන්ටත් ශ්‍රද්ධාවකින් අභයගිරිය වැඳ පුදා ගන්න තියෙන්න ඕන. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒකට ඉඩ දෙන්නෙ නැහැ. ඔවුන් අභයගිරිය පිරමිඩයක් කරලා.

ලෝකය දියුණුය යන්න රේඛීය චින්තනයේ ම එක කොටසක් පමණයි. බටහිරයන්ට අනුව අප්‍රිකාවෙන් ගිය මිනිසුන් බටහිර යුරෝපයෙ දි විකාශයෙන් මේ වත්මන් දියුණුව අත්පත් කරගෙන. ඒක තතුවක් ද, දැනුමක් ද, මතයක් ද? මට නම් මේ හැම එකක් ම සාපේක්‍ෂයි. වත්මන් දියුණුව පරිහාණියක් කියලා අයකුට කියන්න පුළුවන්. දියුණුව මනින නිර්ණායක මොනව ද? පරිසරය විනාශ කරගෙන සම්පත් සූරා කා අපේ දරුවන්ට ඒ අහිමි කිරීම දියුණුවක් ද? බටහිරයන්ට පරිසරය රකින්න පුළුවන් ද? පරිසරය රැකීම කියන එක ම හරි ද? ඒකෙ තේරුම කුමක් ද? පෞද්ගලික ආශාවන් වැඩි කිරීම දියුණුවක් ද?

මත එක් එක් අයට සාපේක්‍ෂ බවත් දැනුම එසේ නොවන බවත් බටහිර සාමාන්‍ය විශ්වාසයයි. දැනුමත් සාපේක්‍ෂයි. දැනුම කියලා දෙයක් මිනිසුන්ගෙන් ස්වාධීන ව ස්වායත්තව තියෙනව ද? දැනුම යනු කාගෙ හරි දැනුමක් මිස නිරපේක්‍ෂ දැනුමක් නෙවෙයි. අපට කිසිම දෙයක් සංස්කෘතියෙන් මනසෙන් හා පංචෙන්ද්‍රියනාගෙන් තොරව ස්වාධීනව කියන්න බැහැ. මා මේ කියන්නේ පෘථග්ජනයන් ගැන මිස නිවන් අවබෝධ කරගත් රහතන් වහන්සේ ගැන නෙවෙයි. රහතන් වහන්සේ අවබෝධ කරගන්නා නිවන වෙනමයි.

අප අපේ ඇහැකින් බලන්න පුරුදු විය යුතුයි.



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන්   කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

නලින් ද සිල්වා

2016 ජූලි 31



Saturday, 7 May 2016

ඕල්කට් බුද්ධාගමට පිවිසුමක්

ඕල්කට් බුද්ධාගමට පිවිසුමක්

මේ ලිපිවල අරමුණ බටහිර දැනුමෙන් නිදහස් වී අප නිදහස් වීම ය. එයින් අදහස් කරන්නේ බටහිර දැනුම මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කිරීම නො වේ. මේ ලිපි ලියන්නේ ද මුහුණුපොතට හා කාලය වෙබ් අඩවියට එකතුකරන්නේ ද බටහිර දැනුම යොදා ගනිමිනි. බටහිර දැනුම අනුකරණය නොකර, එහි වහළුන් නොවී අපට අවශ්‍ය අන්දමට ඒ දැනුම යොදා ගනිමු. වත්මන් බටහිර දැනුම සංස්කරණය කෙරෙන්නේ හිතළු ලෙස ය. බටහිර විද්‍යාව තරම් පට්ටපල් බොරුවක් මිනිසුන් විසින් සංස්කරණය කෙරී නැත. එහි හිතළු දහසකින් එකක් වැඩකරන විට එය දොහොත් මුදුණින් පිළිගැනීමට අපට බටහිරයන් උගන්වා ඇත. මේ ලිපිවල මගේ පෞද්ගලික තොරතුරු ද සඳහන් වෙයි. මෙහි ඇත්තේ මට සාපේක්‍ෂ මගේ දැනුම ය. මා යනුවෙන් පුද්ගලයකු නැතත් ඒ මිනිසුන් (සත්ත්වයන්) විසින් සංස්කරණය කෙරී ඇති භයානක ම සංකල්පය වුවත් මගේ දැනුම ප්‍රකාශ කිරීමේ දී මගේ පෞද්ගලික තොරතුරු ද හෙළි කිරීමට මම මැළි නො වෙමි. මගේ දැනුම සංස්කරණය කිරීමේ දී මගේ පෞද්ගලික අත්දැකීම් ද වැදගත් වෙයි. ඒ අත්දැකීම් පාඨකයන්ගෙන් වසංකර බටහිරයන් මෙන් ඊනියා වාස්තවික දැනුමක් සේ මගේ දැනුම ඉදිරිපත් කිරීමට මට අවභ්‍ය නැත. මට මගෙන් වෙන්වූ දැනුමක් දැනට (නිවන් අවබෝධ වන තෙක්) නැත. තැනක් නොවූ නිවන සියළු දැනුම්වලින් තොර ය.