සිංහල ලිත් ඉලක්කම්
බටහිර වෛද්‍ය සභාවෙ බමුණු ආකල්ප
අද බටහිර වෛද්‍ය විද්‍යාව විශේෂයෙනුත් බටහිර විිද්‍යාව පොදුවේත් කඩා වැටිලා. තව මාසයක් දෙකක් යන විට බටහිර ආර්ථිකයත් කඩා වැටිල බව පෙනේවි. එය ඊනියා ධනවාදයේ කැඩී වැටීමක් නිසා නො වෙයි. ධනවාදයේ කඩා වැටීම නිසා නම් ඒකට විකල්පය කුමක් ද? සකර්බර්ග් හා වෙනත් වම්මුන්ට කියන්න පුළුවන් සමාජවාදය කියල ද? කියුබාව සමාජවාදී ද? ට්‍රොට්ස්කිවාදියකුගෙන් අහල බලන්න. සමාජවාදය කියන්නෙ මාක්ස්ගෙ හිතළුවක් පමණයි. සියල්ල හිතළු තමයි. සමහර හිතළු හරි යනවා (හරි කියන එක නොවෙයි, වැඩ කරනවා කියන අර්ථයෙන්) ඒත් මාක්ස්ගෙ හිතළු ව වැඩ කළෙ නැහැ. මාක්ස් පවු!