Main Logo

Showing posts with label Zuckerberg Left. Show all posts
Showing posts with label Zuckerberg Left. Show all posts

Sunday, 28 June 2020

එම්සීසී මයිලෝ හා ජාතික ව්‍යාපාරය

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9





එම්සීසී මයිලෝ හා ජාතික ව්‍යාපාරය



ගුණරුවන් වාර්තාව පිළිබඳ ව එතරම් අවධානයට ලක් නොවූ කරුණු දෙකක් තියෙනවා. එකක් ඒ වාර්තාව සිංහලෙන් පළ වී තිබීම. වෙනත් කමිටු කොමිසම් වාර්තා ඉංගිරිසියෙන් පමණක් නිකුත් වෙලා ටිකක් කල් ගිහින් සිංහලට පරිවර්තනය කෙරෙනවා. වාර්තාව සිංහලෙන් පළ කිරීම පිළිබඳ සභාපතිතුමාටත් සෙසු සාමාජික මහතුන්ටත් අපේ ප්‍රණාමය පළ කරන්න ඕන. මෙය පුදුම තත්වයක්. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වී අවුරුදු හැටහතරකට පස්සෙත් අපි වාර්තාවක් සිංහලෙන් පළකිරීම පිළිබඳ ව ප්‍රණාමය පළ කරනවා. 

Monday, 22 June 2020

සමාජවාදී කණ්ඩායම් හා කොමියුනිස්ට් සමාජය

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9




සමාජවාදී කණ්ඩායම් හා කොමියුනිස්ට් සමාජය



දෙසීයට තුනේ කණ්ඩායමට අමතර ව ඊනියා සමාජවාදයක් ගැන කියවන තවත් කණ්ඩායම් කිහිපයක් ලංකාවේ තියෙනවා. සමාජවාදයත් ජාතිකවාදයත් එකතු කරන්න බලාපොරොත්තුවන කණ්ඩායමක් තමන් ජාතිකවාදී කඳවුරේ  එකම නියෝජිතයා ලෙස සලකමින් ක්‍රියා කරනවා. ඔවුන් ජ වි පෙරමුණෙන් කැඩී ගිය දේශපාලන පක්‍ෂයක හිතවතුන්. ඒත් ඒ හිතවත්කම නොපෙනෙන විධියටයි ක්‍රියා කරන්නේ. ඔවුන් ජාතිකත්වයට විරුද්ධ වන්නේ නැහැ. 

Monday, 8 June 2020

සුමන්තිරන් නඩු හා මැතිවරණ දිනය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9






සුමන්තිරන් නඩු හා මැතිවරණ දිනය


වරක් කාලෝ ෆොන්සේකා සුපිරි වම්මුන්ගෙන් තරමක හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ශ්‍රී ල නි ප සමග හවුල් ආණ්ඩුවලට ගිය සමසමාජයට විප්ලවය කර ගන්න බැරි වුණා නම් එසේ හවුල් ආණ්ඩුවලට නොගොස් සමසමාජයෙන් වෙන් වුණු අයට විප්ලවය සාක්‍ෂාත් කර ගන්න බැරි වුණේ ඇයි ද යන්න ඒ ප්‍රශ්නයයි. මට මතක හැටියට අපේ පරම්පරාවේ සුපිරි විප්ලවවාදීන් ද මහා ප්‍රාඥයන් ද  එයට ප්‍රතිචාර දැක් වූයේ නැහැ. මා කියන්නේ සුමනසිරි ලියනගේ වැනි අය ගැන නොවෙයි කියල  කියන්න ඕන.

Sunday, 7 June 2020

සිංහල ජාතිකත්වය වම හා දෙමළ ජාතික සංධානය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9




සිංහල ජාතිකත්වය වම හා දෙමළ ජාතික සංධානය 

සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් එක්වන තරමට දෙමළ ජාතිවාදය (එය ජාතිවාදය නමින් හැඳින්වුව ද දෙමළ ජාතියක් තබා ජනවර්ගයක්වත් නැහැ) හා මුස්ලිම් අන්තවාදය මෙරටින් නැති කරන්න පුළුවන්. සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් දේශපාලනික ව අනාථයන් බවට පත් ව සිටි සමයක බණ්ඩාරනායක රාජපක්‍ෂ ආදීන් එ ජා පක්‍ෂයෙන් කැඩී ඒමෙන් පසුව සිංහල ජාතිකත්ව පක්‍ෂයක ආරම්භය සනිටුහන් වුණා. එහෙත් එය 1951ට වඩා 1952 දී මින්නේරිය අතුරු මැතිවරණය සමග සිදු වූ දෙයක්. එතෙක් ලංකාවේ පැවතියේ ජාත්‍යන්තරවාදී පක්‍ෂ වූ සමසමාජ පක්‍ෂයත් ලංකා කොමියුනිස්ට් පක්‍ෂයත් එක්සත් ජාතික පක්‍ෂයත්. ඒව බටහිර විවිධ ජාත්‍යන්තරවාදී මත අනුව සකස් වූ පක්‍ෂ. 

Wednesday, 3 June 2020

නඩුව ජාතිකවාදී කඳවුර හා සුමන්තිරන්

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9




නඩුව ජාතිකවාදී කඳවුර හා සුමන්තිරන්



දැන් ඉතින් මොනව කරන්න ද? ඡන්දෙට ලැහැස්ති වෙන්න ඕන. සකලවිධ සිංහල විරෝධී විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධී කඳවුරට ඡන්දෙ කරන්න වෙලා. ඔවුන් ඒකට අකමැති බව කවුරුත් දන්නවා. ඕන නම් හූල් වැඩේ ටිකක් පරක්කු කරන්න බොරු තර්ක ටිකක් ගේන්න පුළුවන්. ඒත් හුඟක් පරක්කු කරන්න බැහැ. මැතිවරණ කොමිසමට වැඩ ටිකක් වැඩි වෙනවා. අවශ්‍ය ම නම් මැතිවරණය දින දෙකක දි හරි තුනක දි හරි පවත්වන්නත් පුළුවන්. මැතිවරණ පනතෙ 24(3) වගන්තිය යටතෙ කොමිසමට ඒක කරන්න පුළුවන්. ඡන්ද පොළ සංඛ්‍යාව වැඩි කරන්න වෙයි. නිරෝධායන නීති රීති හින්ද දින කිහිපයක දි ඡන්දය පැවැත්වීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට කොහොම වුණත් රටේ සෞඛ්‍යයට හොඳයි. 

Thursday, 14 May 2020

සුමන්තිරන් හා තැබෑරුම්

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9






සුමන්තිරන් හා තැබෑරුම් 


සුමන්තිරන් අගමැති රාජපක්‍ෂ  හමුවෙලා. සුමන්තිරන්ට දෙමළ පක්‍ෂ විරෝධය පාලා.  ඔහු කොටි සංවිධානය ගැන කී ඇතැම් දේට දෙමළ පක්‍ෂ කිපුණු බවක් පේන්න තියෙනවා. ඒ අතර මුහුදු මහා විහාරයට හිමි අක්කර තිහක් පමණ ආපසු විහාරයට එක් කිරීමට ජනාධිපති රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව තීරණය කරලා. දුම් හට්ටිය නාවික හමුදා රෝහලේ අල්ලනවාට ඇතැම් බටහිර වෙදමහතුන් විරුද්ධ වෙලා. ඊයේ තැබෑරුම් ඇරිය ම මිනිසුන් පොර කකා බෝතල් ගන්න ගිහින්. කිසිම නීතියක් රීතියක් නැතිව ඔවුන් පොර කාලා. සමහර විට ඒ අයගෙන් ඇහුව නම් කියන්න බැරි නැහැ අර පන්දාහ තාම ලැබුණෙ නැහැ කියලත්. එක් අයකු කිව්වා තමන් බෝතල් ගත්තෙ නැත්නම් කසිප්පු කාරයො රජ වෙනවා කියලත්. ඒකත් හොඳ තර්කයක්. 

Thursday, 9 April 2020

පකිස්තානයෙත් අන්තවාදී ජමාත් වැඩ සටහනක්

  සිංහල ලිත් ඉලක්කම් 


පකිස්තානයෙත් අන්තවාදී ජමාත් වැඩ සටහනක්



පහත සඳහන් පුවත මයික්‍රොසොෆ්ට් නිවුස් වෙතින්. අන්තර්ජාල පහසුකම් ඇති අයකුට එය එහි ම කියවන්න පුළුවන්. මේ පුවත කරුණු කිහිපයක් නිසා අපට වැදගත් වෙනවා. දැනටමත් අප මලයාසියාවේ හා ඉන්දියාවේ පවත්වන ලද ඉස්ලාම් ආගමික වැඩ සටහන්වලට ගොස් ආපසු පැමිණි අය ගැන  සොයනවා. මෙහි සඳහන් අන්දමට පකිස්තානයේ පවත්වන ලද එවැනි ම වැඩ සටහනකට සහභාගි වූ විදේශීකයන්  3000 දෙනකු එහි රැඳී සිටිනවා. ඔවුන් අතර ලංකාවෙන් ගිය අය ද ඉන්නේ දැයි අප දන්නේ නැහැ. ඔවුන්ගෙන් කිහිප දෙනකුවත් දැනටමත් ලංකාවට ඇචිත් ද? 

Tuesday, 7 April 2020

බටහිර වෛද්‍ය සභාවෙ බමුණු ආකල්ප

                     සිංහල ලිත් ඉලක්කම්


බටහිර වෛද්‍ය සභාවෙ බමුණු ආකල්ප 




අද බටහිර වෛද්‍ය විද්‍යාව විශේෂයෙනුත් බටහිර විිද්‍යාව පොදුවේත් කඩා වැටිලා.  තව මාසයක් දෙකක් යන විට බටහිර ආර්ථිකයත් කඩා වැටිල බව පෙනේවි. එය ඊනියා ධනවාදයේ කැඩී වැටීමක් නිසා නො වෙයි. ධනවාදයේ කඩා වැටීම නිසා නම් ඒකට විකල්පය කුමක් ද? සකර්බර්ග් හා වෙනත් වම්මුන්ට කියන්න පුළුවන් සමාජවාදය කියල ද? කියුබාව සමාජවාදී ද? ට්‍රොට්ස්කිවාදියකුගෙන් අහල බලන්න. සමාජවාදය කියන්නෙ මාක්ස්ගෙ හිතළුවක් පමණයි. සියල්ල හිතළු තමයි. සමහර හිතළු හරි යනවා (හරි කියන එක නොවෙයි, වැඩ කරනවා කියන අර්ථයෙන්) ඒත් මාක්ස්ගෙ හිතළු ව වැඩ කළෙ නැහැ. මාක්ස් පවු!

Saturday, 4 April 2020

අහෝ රාවුෆ් නොදිටි මොක්පුර

 සිංහල ලිත් ඉලක්කම් 


අහෝ රාවුෆ් නොදිටි මොක්පුර 



දිනක් මා කොළඹ මහජන පුස්තකාල ශාලාවේ කතාවක් කරමින් සිටින විට පුස්තකාලයේ පාඩම් කරමින් සිටි උසස් පෙළ සිසුවකු තේ බීමට යන ගමන් ශාලාවේ දොරකින් එබී බලා මා නලින් ද සිල්වා බව දැන ගැනීමෙන් පසු අසා තිබෙනවා මෙයා ද අර ෆිසික්ස් බොරු කියල කියන්නෙ කියා. ඒ බව මා දැන ගත්තේ රැස්වීමෙන් පසුව. අද මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියල තියෙනව නේ ද කියා කියන ඊනියා උගතුන් බුද්ධිමතුන් සහ අර සිසුවා අතර වෙනසක් නැහැ.

Monday, 2 March 2020

තුනෙන් දෙකක් සඳහා

              සිංහල ලිත් ඉලක්කම්        





                                  
තුනෙන් දෙකක් සඳහා



පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග, සමහර විට දැනටමත් මනාප පොරය පටන් අරන්. ඒ තමන්ට ඒ ඒ පක්‍ෂවල දිස්ත්‍රික්ක ලැයිස්තුවල අපේක්‍ෂකත්වය ලැබී අය අතර. අනෙක අය අපේක්‍ෂකත්වය සඳහා පොර කනවා. උකුස්සන් හා දියකාවන් ඩැහැගන්න යන්නෙ ඡන්දදායකයා කියන මාළුවා බව අමුතුවෙන් කියන්න ඕන  නැහැ. මාළුවන් ද දියකාවන් හා උකුස්සන් වෙනස් කරනවා. පසුගිය කාලයේ එසේ වෙනස් කළා.

Thursday, 27 February 2020

දිනේෂ්ගේ විශිෂ්ට කතාව හා පුස්සෝ

     සිංහල ලිත් ඉලක්කම්


දිනේෂ්ගේ විශිෂ්ට කතාව හා පුස්සෝ


සකර්බර්ග් වම ඇතුළු හුදු ස්වයං වින්දනය සඳහා කතා කරන ලියන වැදගැම්මකට ඇති වැඩක් නොකරන වමට ඇති ලොකුම ප්‍රශ්නය තමයි මේ ආණ්ඩුව හා යහපාලනය අතර ඇති වෙනස හඳුනා ගැනීමට නොහැකි වීම. එක අතකින් එහෙම කියන එකත් වැරදියි. හඳුනා ඇතුළු ඇතැම් බොහෝ වම්මුන් මේ ආණ්ඩුව හා යහපාලනය අතර වෙනස හඳුනා ගෙන හිටියා. ඔවුන් 6% ව්‍යාපාරය හා තවත් ව්‍යාපාර මගින් යහපාලන ආණ්ඩුව බලයට පත් කරන්න දර දිය ඇද්දා. කඩේ ගියා කියන එක ප්‍රමාණවත් නැහැ. අද ඔවුන් මේ ආණ්ඩුවේ හෙවනැල්ලේ ඇද හොයනවා.