Main Logo

Showing posts with label Sinhala Buddhist Nationalism. Show all posts
Showing posts with label Sinhala Buddhist Nationalism. Show all posts

Monday, 2 March 2020

තුනෙන් දෙකක් සඳහා

              සිංහල ලිත් ඉලක්කම්        





                                  
තුනෙන් දෙකක් සඳහා



පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග, සමහර විට දැනටමත් මනාප පොරය පටන් අරන්. ඒ තමන්ට ඒ ඒ පක්‍ෂවල දිස්ත්‍රික්ක ලැයිස්තුවල අපේක්‍ෂකත්වය ලැබී අය අතර. අනෙක අය අපේක්‍ෂකත්වය සඳහා පොර කනවා. උකුස්සන් හා දියකාවන් ඩැහැගන්න යන්නෙ ඡන්දදායකයා කියන මාළුවා බව අමුතුවෙන් කියන්න ඕන  නැහැ. මාළුවන් ද දියකාවන් හා උකුස්සන් වෙනස් කරනවා. පසුගිය කාලයේ එසේ වෙනස් කළා.

Thursday, 27 February 2020

දිනේෂ්ගේ විශිෂ්ට කතාව හා පුස්සෝ

     සිංහල ලිත් ඉලක්කම්


දිනේෂ්ගේ විශිෂ්ට කතාව හා පුස්සෝ


සකර්බර්ග් වම ඇතුළු හුදු ස්වයං වින්දනය සඳහා කතා කරන ලියන වැදගැම්මකට ඇති වැඩක් නොකරන වමට ඇති ලොකුම ප්‍රශ්නය තමයි මේ ආණ්ඩුව හා යහපාලනය අතර ඇති වෙනස හඳුනා ගැනීමට නොහැකි වීම. එක අතකින් එහෙම කියන එකත් වැරදියි. හඳුනා ඇතුළු ඇතැම් බොහෝ වම්මුන් මේ ආණ්ඩුව හා යහපාලනය අතර වෙනස හඳුනා ගෙන හිටියා. ඔවුන් 6% ව්‍යාපාරය හා තවත් ව්‍යාපාර මගින් යහපාලන ආණ්ඩුව බලයට පත් කරන්න දර දිය ඇද්දා. කඩේ ගියා කියන එක ප්‍රමාණවත් නැහැ. අද ඔවුන් මේ ආණ්ඩුවේ හෙවනැල්ලේ ඇද හොයනවා.

Friday, 22 November 2019

ඇමති පට්ටම් හා සර්වාගමික උත්සව

 සිංහල ලිත් ඉලක්කම් 

ඇමති පට්ටම් හා සර්වාගමික උත්සව


ජනතා සේවකයන්ගේ තරම දැන් පේන්න පටන් අරන්. ඇමතිකම්වලට ලොකු පොරයක් තිබිලා. ගෝඨාභය කියල තියෙනවා ඇමතිවරුන් පහළොස්දෙනකුට සීමා කරනවා කියලා. පහළොස්දෙනා තෝරන්න වෙන්නෙ 50%ක් පොදුජන පෙරමුණට, 32%ක් ශ්‍රී ල නි පක්‍ෂයට, 18%ක් ඉතිරි පක්‍ෂවලට කියන සූත්‍රයට අනුව. 15න් 18%ක් කියන්නෙ 2.7ක්. 32%ක් කියන්නෙ 4.8ක්.  50%ක් කියන්නෙ 7.5ක්. මිනිසුන් දශම ගණනින් නැති නිසා මේ සංඛ්‍යා රවුම් කරන්න වෙනවා.  එවිට පොදුජන පෙරමුණට 8 යි. ශ්‍රී ල නි පක්‍ෂයට 5 යිි. අනෙක් පක්‍ෂවලට 3 යි.  එවිට දහසයක් වෙනවා. පහළොවක් කියන්නෙ පොඩි සංඛ්‍යාවක්. එය ප්‍රතිශත අනුව බෙදන විට සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ශ්‍රි ල නි පක්‍ෂයට හිමි සමහර ඇමතිකම්  අනෙක් පක්‍ෂවලට දෙන්න වෙලා. මේ  අතර කැබිනට් නොවන අමාත්‍යවරුන් ඉන්න පුළුවන්.  රාජ්‍ය ඇමතිවරුන් නම් ව්‍යවස්ථාවට අනුව බැහැ.