Main Logo

Showing posts with label National President. Show all posts
Showing posts with label National President. Show all posts

Tuesday, 18 February 2020

ලංකාව 30/1 යෝජනාවෙන් ඉවත් වෙයි

       සිංහල ලිත් ඉලක්කම්



ලංකාව 30/1 යෝජනාවෙන් ඉවත් වෙයි

මෙරට ජාතික ව්‍යාපාරයට සම්බන්ධ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, ගුණදාස  අමරසේකර මහතා, ඇඳගම මහත්ම මහත්මීන්, කණිෂ්ක විතාරන මහතා  නෙම්සිරි ජයතිලක මහතා අනුරුද්ධ හේරත් මහතා ඇතුළු පිරිසක් පසුගිය දා හමුවී එක්ස්ත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක් ද යන්න සාකච්ඡා කළා.

Monday, 27 January 2020

ගෝඨාභය පොහොට්ටුවෙන් තරග නොකළා නම් පරදිනවා ද?

 සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය පොහොට්ටුවෙන් තරග නොකළා නම් පරදිනවා ද?



පොහොට්ටුවාදීන් පොහොට්ටුව ගැන කතා කරන්නේ නැතිව ම බැරි ලකුණක් ලෙස. හරියට ගෝඨාභය රාජපක්‍ෂ දිනුවෙ පොහාට්ටුව හින්ද වගේ. මට අහන්න තියෙන්නෙ පොඩි ප්‍රශ්නයක්. ගෝඨාභය වෙන ලකුණකින් ඉදිරිපත් වුණා නම් පරදිනවා ද? පරදන්න තිබුණ ද කියල අහමු. 

Friday, 22 November 2019

ඇමති පට්ටම් හා සර්වාගමික උත්සව

 සිංහල ලිත් ඉලක්කම් 

ඇමති පට්ටම් හා සර්වාගමික උත්සව


ජනතා සේවකයන්ගේ තරම දැන් පේන්න පටන් අරන්. ඇමතිකම්වලට ලොකු පොරයක් තිබිලා. ගෝඨාභය කියල තියෙනවා ඇමතිවරුන් පහළොස්දෙනකුට සීමා කරනවා කියලා. පහළොස්දෙනා තෝරන්න වෙන්නෙ 50%ක් පොදුජන පෙරමුණට, 32%ක් ශ්‍රී ල නි පක්‍ෂයට, 18%ක් ඉතිරි පක්‍ෂවලට කියන සූත්‍රයට අනුව. 15න් 18%ක් කියන්නෙ 2.7ක්. 32%ක් කියන්නෙ 4.8ක්.  50%ක් කියන්නෙ 7.5ක්. මිනිසුන් දශම ගණනින් නැති නිසා මේ සංඛ්‍යා රවුම් කරන්න වෙනවා.  එවිට පොදුජන පෙරමුණට 8 යි. ශ්‍රී ල නි පක්‍ෂයට 5 යිි. අනෙක් පක්‍ෂවලට 3 යි.  එවිට දහසයක් වෙනවා. පහළොවක් කියන්නෙ පොඩි සංඛ්‍යාවක්. එය ප්‍රතිශත අනුව බෙදන විට සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ශ්‍රි ල නි පක්‍ෂයට හිමි සමහර ඇමතිකම්  අනෙක් පක්‍ෂවලට දෙන්න වෙලා. මේ  අතර කැබිනට් නොවන අමාත්‍යවරුන් ඉන්න පුළුවන්.  රාජ්‍ය ඇමතිවරුන් නම් ව්‍යවස්ථාවට අනුව බැහැ. 

Monday, 18 November 2019

ජාතික ජනාධිපති

  සිංහල ලිත් ඉලක්කම්


ජාතික ජනාධිපති



පළමුවෙන් ම හත්වැනි ජනාධිපති ලෙස තේරී පත්වී ජාතික ජනාධිපති ලෙස අද ජාතිකත්වයේ සංකේතය වූ රුවන්වැලි සෑ බිමේ තම රාජකාරි කටයුතු අරඹන නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂට මගේ සුබ පැතුම්. මෙවර ජනාධිපතිවරණය බොහෝ කරුණු අතින් වැදගත්. කලක් තිස්සේ අප කී බොහෝ දේ ජනාධිපතිවරණයේ දී යම් පමණකට නමුත් බල පා තියෙනවා.