Main Logo

Showing posts with label Ministerial Posts. Show all posts
Showing posts with label Ministerial Posts. Show all posts

Tuesday, 26 November 2019

ගෝඨාභය බැසිල්ගෙන් ආරක්‍ෂා කරමු

         සිංහල ලිත් ඉලක්කම් 

ගෝඨාභය බැසිල්ගෙන් ආරක්‍ෂා කරමු



මා නොවැදගත් මිනිසකු බව ඇත්ත. මා ලියන ලිපිවලින් සත පහක වැඩක් වෙන්නෙ නැති බවත් ඇත්ත. ඒ නිසා දිනපතා ලිපි නොලියන්නත් මා තීරණය කරගෙන හිටියා. ඒත් මා අද තීරණය කළා අනාගත ඉතිහාසඥයන්ගෙ (ජී සි මැන්දිස්ගේ ගෝලයන් නොවෙයි) දැන ගැනීම සඳහාවත් දිනපතා නැති වුවත් යම් යම් දේ ලියා තැබිය යුතු ය කියා. ඒ ලිපි ඉතා කෙටි වෙන්නත් පුළුවන්. 

Friday, 22 November 2019

ඇමති පට්ටම් හා සර්වාගමික උත්සව

 සිංහල ලිත් ඉලක්කම් 

ඇමති පට්ටම් හා සර්වාගමික උත්සව


ජනතා සේවකයන්ගේ තරම දැන් පේන්න පටන් අරන්. ඇමතිකම්වලට ලොකු පොරයක් තිබිලා. ගෝඨාභය කියල තියෙනවා ඇමතිවරුන් පහළොස්දෙනකුට සීමා කරනවා කියලා. පහළොස්දෙනා තෝරන්න වෙන්නෙ 50%ක් පොදුජන පෙරමුණට, 32%ක් ශ්‍රී ල නි පක්‍ෂයට, 18%ක් ඉතිරි පක්‍ෂවලට කියන සූත්‍රයට අනුව. 15න් 18%ක් කියන්නෙ 2.7ක්. 32%ක් කියන්නෙ 4.8ක්.  50%ක් කියන්නෙ 7.5ක්. මිනිසුන් දශම ගණනින් නැති නිසා මේ සංඛ්‍යා රවුම් කරන්න වෙනවා.  එවිට පොදුජන පෙරමුණට 8 යි. ශ්‍රී ල නි පක්‍ෂයට 5 යිි. අනෙක් පක්‍ෂවලට 3 යි.  එවිට දහසයක් වෙනවා. පහළොවක් කියන්නෙ පොඩි සංඛ්‍යාවක්. එය ප්‍රතිශත අනුව බෙදන විට සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ශ්‍රි ල නි පක්‍ෂයට හිමි සමහර ඇමතිකම්  අනෙක් පක්‍ෂවලට දෙන්න වෙලා. මේ  අතර කැබිනට් නොවන අමාත්‍යවරුන් ඉන්න පුළුවන්.  රාජ්‍ය ඇමතිවරුන් නම් ව්‍යවස්ථාවට අනුව බැහැ.