Main Logo

Showing posts with label Smart Nationalists. Show all posts
Showing posts with label Smart Nationalists. Show all posts

Friday, 22 November 2019

ඇමති පට්ටම් හා සර්වාගමික උත්සව

 සිංහල ලිත් ඉලක්කම් 

ඇමති පට්ටම් හා සර්වාගමික උත්සව


ජනතා සේවකයන්ගේ තරම දැන් පේන්න පටන් අරන්. ඇමතිකම්වලට ලොකු පොරයක් තිබිලා. ගෝඨාභය කියල තියෙනවා ඇමතිවරුන් පහළොස්දෙනකුට සීමා කරනවා කියලා. පහළොස්දෙනා තෝරන්න වෙන්නෙ 50%ක් පොදුජන පෙරමුණට, 32%ක් ශ්‍රී ල නි පක්‍ෂයට, 18%ක් ඉතිරි පක්‍ෂවලට කියන සූත්‍රයට අනුව. 15න් 18%ක් කියන්නෙ 2.7ක්. 32%ක් කියන්නෙ 4.8ක්.  50%ක් කියන්නෙ 7.5ක්. මිනිසුන් දශම ගණනින් නැති නිසා මේ සංඛ්‍යා රවුම් කරන්න වෙනවා.  එවිට පොදුජන පෙරමුණට 8 යි. ශ්‍රී ල නි පක්‍ෂයට 5 යිි. අනෙක් පක්‍ෂවලට 3 යි.  එවිට දහසයක් වෙනවා. පහළොවක් කියන්නෙ පොඩි සංඛ්‍යාවක්. එය ප්‍රතිශත අනුව බෙදන විට සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ශ්‍රි ල නි පක්‍ෂයට හිමි සමහර ඇමතිකම්  අනෙක් පක්‍ෂවලට දෙන්න වෙලා. මේ  අතර කැබිනට් නොවන අමාත්‍යවරුන් ඉන්න පුළුවන්.  රාජ්‍ය ඇමතිවරුන් නම් ව්‍යවස්ථාවට අනුව බැහැ. 

Tuesday, 1 October 2019

ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය

     සිංහල ලිත් ඉලක්කම්

ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය


ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය අධිකරණ තරාදියට දාලා. එහි දී අධිකරණයට ගිහිල්ල තියෙන්නෙ මෙරට බිහි වූ විශිෂ්ටතම බුද්ධිමතුන් මෙන් ම ගවේෂකයන් ද වූ දෙදෙනෙක්. එක්කෙනෙක් කලකට ඉහත සමසමාජ පක්‍ෂ කාර්යලයෙදි මෙරට සමාජවාදයෙහි මහගෙදර දී සමාජවාදය පරාදවීම ගැන දුක්ඛ දොමනස්සයට පාත්‍ර වූ අයෙක්. අනෙක් අය බැරල් මගින් එකල තිබූ මාර්ග බාධකවලට විරුද්ධ ව සෞන්දර්යාත්මක විප්ලවයක් කළ අයෙක්. මා හිතන්නේ ඔවුන් ශාස්ත්‍රීය ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභයගේ ජාතික හැඳුනුම්පත හා මෙරට රටවැසි සහතිකය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු හෙළදරවු කර ගෙන ඇති බවයි. එහෙත් රාජිත ඔවුන්ට නිසි ගෞරවය ලබා දීමට සූදානම් නැහැ. රාජිතට අනුව නඩුව එ ජා පක්‍ෂයේ වැඩක්! රාජිත විශිෂ්ට බුද්ධිමතුනට නිසි තැන දීමට කැමැත්තක් නැද්ද?  

Monday, 30 September 2019

ලකුණ ද ජාතිය ද

   සිංහල ලිත් ඉලක්කම්


ලකුණ ද ජාතිය ද


ශ්‍රී ල නි පක්‍ෂය හා පොදු ජන පෙරමුණ අතර මතභේද තියෙනවා. ඒ කුමන මතභේද තිබුණත් ජාතියේ නාමයෙන් පක්‍ෂ දෙක එකතු විය යුතුයි. ඇතැම් පඬියකු (පොහොට්ටුවේත් පඬියන් ඉන්නවා) අහන්න පුළුවන් ජාතිය කියන්නෙ මොකක් ද කියලා. මා නම් දන්නේ මෙරට ඇති සිංහල ජාතිය පමණයි. මුස්ලිම් ජනවර්ගයක් හා දෙමළ කතා කරන ජනකොටස් නම් ඉන්නවා. ඔවුන් ජාතීන් නො වෙයි. ඔවුන් සිංහල ජාතිය සමග එකතු වන්න ඕන. ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා නැති නොකර ඒ කළ හැකියි. 

Sunday, 25 August 2019

ජාතික අපේක්‍ෂකයා, තිස්ස විතාරණ හා ඊනියා ස්මාට් ජාතිකවාදීන්

    සිංහල ලිත් ඉලක්කම් 


ජාතික අපේක්‍ෂකයා, තිස්ස විතාරණ හා ඊනියා ස්මාට් ජාතිකවාදීන්


ගෝඨාභය පක්‍ෂයක අපේක්‍ෂකයා නොව ජාතික අපේක්‍ෂකයා බව බොහෝ දෙනා පිළිගන්නවා. ඒත් මෙතැන දි ප්‍රශ්නයක් පැන නගිනවා. මේ ජාතිය කියන්නෙ මොකක් ද කියන එක. සිංහලෙන් ජාතිය කියන නාමය විවිධ දේට යොදා ගන්නා. කුලයටත් ජාතිය කියල කියනවා. කාරෙකේ ජාතිය මොකක් ද කියල අහනවා. රට ජාතිය ආගම කියලත් කියනවා. 

Friday, 21 September 2018

ප්‍රශ්න හා විසඳුම්


ප්‍රශ්න හා විසඳුම්



දින කිහිපයකට පෙර එක් පඬියකු තමා මා හා ඊ ඩබ්ලිව් අදිකාරම් මහතා අතර කෙරුණු (ගුවන් විදුලි) සාකච්ඡා අසා ඇති බව කීවා. ඒ බවක්  කියා ඔහු හිතන විධියට මගේ වෙන වරදක් ඇති බව කියන්න හැදුවා. මා කිසි දිනෙක අදිකාරම් මහතා සමග එවැනි සාකච්ඡා පවත්වා නැතිවා පමණක් නොවේ. එතුමන් සමග වචනයක්වත් කතා කර නැහැ. ඒ පඬියා ඊයේ මට කුමන්ත්‍රණ හා හිටපු ත්‍රිත්ව විදුහල්පති ලිපියේ ප්‍රශ්න නැතිව කළ යුත්තේ කුමක් ද කියා කිව යුතු බව කියනවා. මෙවැනි පුද්ගලයන් කිහිප දෙනකු මුහුණු පොතේ ඉන්නවා. ඒ මට ඔළුව අතගා ටොකු අනින අය. ඇතැමුන්ට අනුව මා නොවන්නට (මගේ ගතිගුණ) ජාතික ව්‍යාපාරය මෙයට වඩා ඉදිරියට යන්න තිබුණා. ගුණදාස අමරසේකර හා මා ජාතික ව්‍යාපාරයට යමක් කළ බව කියමිනුයි ඔවුන් එසේ කියන්නේ. මගේ ගතිගුණ (එක් අයකුට අනුව මනුස්සකමක් නැති වීම) නිසා ජාතික ව්‍යාපාරය ඉදිරියට නොගියා ය කියා කීම ඔවුන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වන අමරසේකරට කරන නිග්‍රහයක්. ඔවුන්ට අනුව අමරසේකරට ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමට නොහැකි වී තිබෙනවා. අවුරුදු 16/17 කාලයේ රත්නපුරේ පාසලක ක්‍රීඩා කටයුතු ගැන උනන්දුව දැක්වූවකු එකල සිට මා සමග වාද කර බවත් චින්තන පරෂදයේ අය ඒ වාද ගැන දන්නා බවත් කියනවා. රත්නපුරේ අය නම් ඒ බවක් දන්නේ නැහැ.